රත්න පැපොල් තෙත් කලාපයට සුදුසු නෑ
විවිධ පාංශු පරිසරයන්ට අනුවර්තනය වීමේ හැකියාව නිසාත් ඖෂධීය ගුණය සහ ඉක්මනින් ආදායමක් ලබාගත හැකි වීම නිසාත් පැපොල් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වගාවක් බවට පත්ව තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන ලද එකම පැපොල් වර්ගය, රත්න පැපොල් ප්‍රභේදයයි. රත්න පැපොල් වගා කිරීමට නිර්දේශ කරනු ලබන්නේ වියළි අතරමැදි කලාපය වලටයි. තෙත් කලාපයේ දී පැපොල් මෘදු ලප වෛරස් රෝගයට පාත්රවීම එම කලාපයට නිරේදේශ නොකිරීමට හේතුවයි.
මේ ප්‍රභේදය මිහිරි රසක් රතු පැහැති මදයක් සහිතය. ගෙඩියේ පිටපොත්ත ඉදීමට පෙර කොළ වර්ණයක් ගන්නා අතර පැල්ලම් දක්නට නොලැබේ. ගෙඩිවල හැඩය එකාකාරය.
මේ ප්‍රභේදයට අමතරව ආනයනික දෙමුහුම් පැපොල් ප්‍රභේදයක් වන රෙඩ් ලේඩි වගා කිරීමට බොහෝ ගොවියෝ පෙලඹී සිටිති.
පැපොල් ඉතා පහසුවෙන් දිරවන සුලු පලතුරක් පමණක් නොව පැපොල් ආහාරයට ගැනීම නිසා වෙනත් ආහාර වර්ග දිරවීමට ද උපකාරී වේ.
දුර්වල කඳක් පැවැතීම නිසාත්, බෝගයේ වර්ධනය හා ගෙඩි හටගැනීම සාර්ථකව සිදුවීම සඳහාත් පැපොල් වගාව තද සුළඟින් ආරක්ෂා කරගත යුතු ය.
හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් තිබීම පැපොල් වගාව සඳහා ඉතා වැදගත් වේ.
පසෙහි ස්වභාවික සාරවත් බව අඩු වුව ද කාබනික සහ අකාබනික පොහොර මැනවින් භාවිතා කර ජල සම්පාදනය කළ හැකි නම් නිසරු පස්වල වුව ද වගා කළ හැකි ය.
පැපොල් ගසේ කඳ අවට දිගු කාලයක් ජලය රදා පැවැතීම නිසා මුල් කුණු වී විනාශ වේ. ඒ නිසා පසේ භූ ජල මට්ටම පොළොව මතුපිට සිට අඩි 3 - 4 ක් පමණ ගැඹුරකින් පැවැතීම බෝගයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් ය.
බිම් සැකසීමේ දී පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කර වළක දිග පළල හා ගැඹුර අඩි 1 1/2 පමණ වන ලෙස කපා එම වළවල් හොඳින් දිරා පත් වූ කාබනික පොහොර හා මතුපිට පස් වලින් පුරවා දින 2 - 3 කට පසු පැළ සිටුවිය යුතු ය. පැළ අතර පරතරය අඩි 10 ක් පමණ විය යුතු ය.
පැළ නිපදවා ගැනීමේ දී මතුපිට පස් දිරා ගිය ගොම පොහොර හා වැලි සම ප්‍රමාණ ගෙන එකට එකට මිශ්‍ර කර අඟල් 4 - 6 ප්‍රමාණයේ පොලිතින් බඳුන්වලට පුරවා ගන්න.
එම බඳුන්වල පහළින් සිදුරු කිහිපයක් යෙදීම අවශ්‍ය වන අතර හොඳින් ජලයෙන් පොගවා එක් බඳුනක නිර්දේශිත ප්‍රභේදයකින් බීජ 1 බැගින් අඟල් බාගයක් පමණ ගැඹුරට සිටුවන්න.
බීජ පැළ වී පත්‍ර අටක් පමණ හටගත් අවස්ථාවේ එනම් මාස 2 ක දී පමණ පැළ ක්ෂේත්රයේ සිටුවීම සඳහා යෝග්‍යය.
පැපොල් පැළ සිටුවීමේ දී මද වර්ෂාව ඇති කාලය සුදුසු ය. එක් පැළයක් එක් වළක සිටුවන්න. පස වියළී යාම වළකා ගැනීමේ සඳහා පිදුරු හෝ තණ කොළ වැනි වසුනක් පැළය වටා යොදා ගන්න. වසුන දැමිය යුත්තේ පැළයේ සිට අඩි පහක් හයක් පමණ දුරකිනි.
පැළය කුඩා කාලයේදී පැලය වටා වල් පැළෑටිවලින් තොරව පවත්වා ගැනීම වැදගත් ය. වර්ධනය වූ වගාවක නම් අඩි 3 ක් පමණ ප්‍රදේශයක වල් පැලෑටි වලින් තොරව පවත්වා ගත යුතු ය. ජල හිඟතාවක් ඇති වුවහොත් ශාකයේ වර්ධනය මෙන් ම ගෙඩිවල සහ පත්‍රවල විශාලත්වය අඩුවේ. වියළි කාලයේදී පැපොල් වගාවට ජලය සැපයීම කළ යුතු ය.
පොහොර යෙදීමේදී රසායනික පොහොරවලට අමතරව වරින්වර කාබනික පොහොර ද මාස හයකට වතාවත් යෙදීම කළ යුතු ය. රසායනික පොහොර යෙදිය යුතුවන්නේ තෙතමනය පවතින විටදී ය.
තෙත් කලාපයේ නම් පැළ සිටුවීමට සති 2 කට පෙර වළකට ඩොලමයිට් ග්‍රෑම් 500 ක් යොදන්න. ගොම පොහොර කුකුල් පොහොර යෙදීම සුදුසු ය. සුළං මගින් ගස් කඩා වැටීම ගෙඩිවලට තුවාල වීම වැනි හානි සිදුවිය හැකි ය.
පැපොල් වගාව ආරම්භයේ සිටම ඒ පිළිබඳව සැලකිලිමත් වී වර්ධන වේගය වැඩි ග්ලිරිසිඩියා වැනි ශාක වර්ගයක් තෝරා සුළං බාධක වශයෙන් වගා කිරීම කළ හැකි ය.
අස්වැන්න නෙළීම හා සැකසීමේ දී හොඳින් පැසී ඇති ගෙඩියේ පහත කෙළවර ප්‍රදේශයේ කහ පැහැ ගැන්වී ඇති විට තුවාල නොවන සේ අතින් ;ගඩි කැඩීම කළ යුතු ය. පළමු අස්වැන්න පැළ සිටුවා මාස 8 හා 10 පමණ ගත වූ විට ලබාගත හැකි ය.
නෙළාගත් ගෙඩි විශාලත්වය අනුව ශ්‍රේණි කිරීම අවශ්‍යයි. තුවාල වූ සහ රෝග වැළඳී ඇති ගෙඩි ඉවත් කරන්න. ගෙඩි කඩදාසිවල ඔතා නටුව පහළට සිටින සේ කාඩ්බෝඩ් පෙට්ටිවල එක් තට්ටුවක් වන පරිදි අසුරා වෙළෙඳ පොළට යවන්න. සාමාන්‍ය වශයෙන් වසරකට ගසකින් ගෙඩි 30 - 40 පමණ නෙළාගත හැකිය.
No comments:
Post a Comment