බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණ කළේ නැහැ - හිටපු ජනපති
ජනාධිපතිවරණයෙන් ලත් පරාජය පිළි නොගෙන කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.
‘ට්වීටර්’ පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේ ජනතා මතය පිළිගෙන ජනාධිපතිවරණ නිල අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට මත්තෙන් තමා නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සුභ පැතූ බවයි.
දශක ගණනාවකට දිව යන තම දේශපාලන ජීවිතය තුළ තමා සෑම අවස්ථාවකදීම ජනතා මතයට හිස නමා ඇති බවත් ජය පැරදුම දේශපාලන ජීවිතයේ කොටසක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අඟහරුවාදා නිකුත් කළ ‘ට්වීටර්’ පණිවුඩයේ වැඩි දුරටත් සඳහන්.
'පැහැදිලි සාක්ෂි'
‘මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම’ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලනය ප්‍රතිඥා දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය පිළි නොගෙන කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට පැහැදිලි සාක්ෂි ඇති බව අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමීපතමයෝ පවසති.
ජනමතය වෙනස් කර බලයේ රැඳීමට ගත් උත්සාහයට සහාය දීම හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘කුමන්ත්‍රණශීලී උත්සාහය’ ව්‍යර්ථ වූ බවයි නව විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ.
No comments:
Post a Comment