Sunday, January 11, 2015

දින දර්ශනයේ උපත



දින දර්ශනයේ උපත

ග්‍රීක ජාතිකයන් වසරක්‌ වෙනුවෙන් තිබෙන දින ගණන 304 ක්‌ බැව් විශ්aවාස කළහ. මාස දහයකින් යුත් ඔවුන්ගේ දින දර්ශනයේ මාසයකට දින තිහක්‌ ඇතුළත් වුණ අතර අවුරුද්ද මාස දහයකින් සමන්විත විය. අවුරුද්ද ආරම්භ වූයේ මාර්තු මාසයෙන් වූ අතර ජනවාරි සහ පෙබරවාරි ගී්‍රක දින දර්ශනයට ඇතුළත් වූයේ නැත.රෝමයේa අධිsරාජ්‍යත්වයට පත් ' නුමා පොම්පිලියස්‌ ' විසින් මෙම දින දර්ශනය දින 364 කින් යුක්‌තව ක්‍රි.පූ 700 දී ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම දින දර්ශනයට අනුව ජනවාරි සහ පෙබරවාරි මාස දෙක වසරේ අගට ඇතුළත් කරන ලදී. ඒ අනුව පෙබරවාරි මාසයද දින තිහකින් යුක්‌ත විය.

එතැන් පටන් ක්‍රි.පූ. 46 දක්‌වාම මෙම දින දර්ශනය භාවිතයේ පැවැතුණි. අතීතයේ පටන්ම දින දර්ශනය නිර්මාණය සහයෝගය පූජක පක්‌ෂයෙන් ලැබිණි. නමුත් 'ජුලියස්‌ සීසර්' අධිරාජ්‍යයාගේ රාජ්‍යත්වයත් සමඟ මෙම කාර්යය වෙනුවෙන් පූජක පක්‌ෂයේ ශක්‌තිය පිළිබඳව තෘප්තිමත් බවක්‌ ඔහුට නොවිණි. ඊට හේතුව වුයේ පුජක පක්‌ෂය විසින් පිළියෙළ කරන ලද දින දර්ශනයේ ගිම්හාන මාසය වසන්ත මාසයට යෙදී තිබීමයි. මෙම තත්ත්වය වෙනස්‌ කිරීම වෙනුවෙන් ජුලියස්‌ සීසර් විසින් මිසර ජාතික තාරකා විද්‍යාඥ 'සොසිජින්ස්‌' ගේ සහයෝගය ලබා ගත්තේය.

ජුලියස්‌ සීසර්ගේ අදහසට අනුව සංශෝධනය කරන ලද රෝම දින දර්ශනයේදී වසරේ ආරම්භක මාසය මාර්තු මාසයේ පළමුවැනි දින වෙනුවට ජනවාරි පළමුවැනි දින ලෙසින් යොදා ගන්නා ලදී. මේ වන තෙක්‌ ජනවාරි මාසය පැවැතියේ වසරේ එකොළොස්‌ වැනි මාසය ලෙසයි. සෑම වසර හතරකටම වරක්‌ එක්‌ දිනයක්‌ යෙදෙන පරිදි වසරේ දින ගණන 365 ක්‌ බවට තීරණය විය. වසරකට එක්‌ වෙන්නේ දින 1/4 කි. ඒ අන්දමට එකතුවන සම්පූර්ණ දිනය සමග දින 366 වසර අධික අවුරුද්දක්‌ ලෙසින් හඳුන්වන ලදී. මෙම අදහස ක්‍රි.ව. 1528 වන විට වසරක නියම දින ගණණ 365 කුත් 1/4 ක්‌ බැව් පිළිගන්නා ලදී.

ජුලියස්‌ සීසර් තමන්ගේ නාමය අමරණීය කරනු වස්‌ වසරේ හත් වැනි මාසය 'ජුලි' ලෙසින් නම් කරන ලදී. එහි දින ගණන 31 ක්‌ බව නිගමනය කරනු ලැබුවේ තමාගේ නාමය අමරණීයත්වයට පත් කරනු පිණිසය.

මේ අතර ජුලියස්‌ සීසර්ගෙන් පසු රාජ්‍යත්වයට පත් ඔගස්‌ටස්‌ සීසර් විසින් අගෝස්‌තු මාසයට තමාගේ නම යෙදී ඇති හෙයින් ජුලියස්‌ සීසර්ට නොදෙවැනි වීම පිණිස එතෙක්‌ පැවැති දින 30 වෙනුවට අගෝස්‌තු මාසය වෙනුවෙන් ද දින 31 ක්‌ යොදා ගන්නා ලදී.

සෑම දෙයක්‌ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන විට ගැටලු ඇති විම සාමාන්‍ය සිද්ධියකි. එපරිදිම දින දර්ශනයේද විවිධ ප්‍රායෝගික ගැටලු පෙනෙන්නට විය. මේ නිසා ජුලියන් කැලැන්ඩරයේ වෙනස්‌කම් අවශ්‍ය තැනට පත්ව තිබිණි. වසර 1000 ක කාලයේදී දින අටක දෝෂ දක්‌නට ලැබුනෙන් 13 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් 1542 වසරේදී මෙම දින දර්ශනයද වෙනස්‌ කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත්තේය. ඒ වෙනුවෙන් 'ක්‌ලේවියස්‌' නම් තාරකා විද්‍යාඥයාගේ සහයෝගය ලබා ගන්නා ලදී.

වර්තමානයේ භාවිත වෙන මෙම කැලැන්ඩරය 'ග්‍රෙගරියානු කැලැන්ඩරය' හෙවත් 'නව කැලැන්ඩරය' යනුවෙන් හඳුන්වනු ලැබේ. ආරම්භක අවස්‌ථාවේදී මෙම කැලැන්ඩරය භාවිත කිරීමට යොමුව ඇත්තේ රෝමානු කතෝලික රටවල් පමණක්‌ විය. ප්‍රොතෙස්‌තන්ත හා පෙරදිග ක්‍රිස්‌තියානි රටවල් විසින් තවදුරටත් පැරණි කැලැන්ඩරය භාවිතා කරන ලදී. එංගලන්තය ක්‍රි.ව. 1752 වසරේ ග්‍රෙගරියානු කැලැන්ඩරය භාවිතය ආරම්භ කරන ලදී. මේ වන විට වසරක ආරම්භය වෙනුවෙන් විවිධ රටවල් විවිධ දිනයන් යොදාගෙන තිබුණි. ඇතැම් රටවල් ඡේසු උත්පත්තිය සිදු වුණ දෙසැම්බර් 25 වැනි දිනයද, අතැම් රටවල් මාර්තු මාසයද වසරේ ආරම්භ දිනය ලෙසින් සලකනු ලැබුවද, ග්‍රෙගරියානු හෙවත් නව කැලැන්ඩරයේ අනුගමනයෙන් වසරේ ආරම්භක දිනය ජනවාරි පළමුවැනි දින යන අදහසට ඒකාත්මික වූහ.

No comments:

Post a Comment