Sunday, January 11, 2015

දිලීර මර්දනයට බෝඩෝ මිශ‍්‍රණ

දිලීර මර්දනයට බෝඩෝ මිශ‍්‍රණය

ඔබ දැනටමත් ගෙවත්තක් වගා කරන්න පටන් අරගෙන ඇතුවාට සැකයක් නැත. එහෙත් බෝග වගාවේ අස්වැන්නට හානිකරන පළිබෝධකයන් ඔබට දැනටමත් හිසරදයක් වී ඇති බව නො අනුමානය. කෘමි පාලනය වළක්වා ගැනීමට ඔබ උනන්දු වුවහොත්, වගාවෙන් උසස් ප‍්‍රතිඵල ලබාගැනීමට ඔබට හැකියාව තිබේ.
කෘමීන් ගේ පැමිණීම වළක්වා ගැනීමට පහත කි‍්‍රයාමාර්ග අනුගමනය කළ හැකිය.

වගාව අතර දාස්පෙතියා වැවීමෙන් කෘමි හානිය අවම කරගත හැකියි.
* උසස් ගුණාත්මයෙන් යුත් රෝපණ ද්‍රව්‍ය භාවිතය
* කන්නයට වගා කිරීම
* ප‍්‍රදේශයට ගැළපෙන බෝග වගා කිරීම
* මිශ‍්‍ර වගා කිරීම
* බෝග මාරුව පිළිබඳ සැලකිලිමත් වීම
* රෝගී ශාක හා ශාක කොටස් ඉවත් කර විනාශ කිරීම
* ඉල් මැස්සාගෙන් පලතුරු මැස්සාගෙන් වන හානිය වළක්වා ගැනීමට ඵල ආවරණය කිරීම
* වියළි මිරිස්, වියළි ගොම සමග දුම් ගැසීම මගින් බොහෝ කෘමීන් පාලනය කළ හැකිය. ගොම වෙනුවට කොහොඹ, දොඹ, මී, පුන්නක්කු යෙදීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය.
*වගාව අතර පැගිරි ශාක වගා කිරීම (දාස්පෙතියා, ඉරිවේරිය, කප්පරවල්ලිය, සේර, සැවැන්දරා, අසමෝදගම්, කොත්තමල්ලි, මින්චි ආදිය)
* පීඩනයක් යටතේ ජලය ඉසීම
* දෙමලිච්චන් මයිනන් වැනි මිතුරු සතුන්ට සුදුසු පරිසරයක් ඇති කරන්න.
* ගෙම්බන් වැනි සතුන්ට සුදුසු ජල කඩිත්තක් ඇති කිරීම.
* බුරුසුවක ආධාරයෙන් පිස දැමීම කළ යුතුය.
* කෘමි සතුන් අතින් අහුලා ඉවත් කිරීම.

දිලීර නාශක ඔබට ගෙදරදි සාදා ගැනීමට හැකියාව තිබේ. තිප්පිලි හෝ බුලත් වැලේ සියලුම කොටස් කිලෝ ග‍්‍රෑමයක යුෂ, වතුර ලීටර දියකර ඉසීම හෝ තිත හෝ කප්පර වලිය රට එඬෙරු, මුරුංගා, කොටුකොළ පත‍්‍ර කිලෝ ග‍්‍රෑමයක් යුෂ ලීටර 03 ක දියකර ඉසින්න.
ඉහත ක‍්‍රම මඟින් පාලනය කළ නොහැකි දිලීර බෝඩෝ මිශ‍්‍රණ භාවිතා කිරීමෙන් මර්දනය කළ හැකිය.
බෝඩෝ මිශ‍්‍රණය සාදා ගැනීමට අවශ්‍ය මේවායි.
දිය ගැසූ හුණු ග‍්‍රෑම් 150
පල්මානික්කම් ග‍්‍රෑම් 50
වතුර ලීටර් 10 ක ධාරිතාවයෙන් යුතු ප්ලාස්ටික් භාජන 2 ක්.
ජලය ලීටර් 9 ක් භාවිතයට ගෙන හුණු දියර ගන්න. අනෙක් භාජනයට තරමක් උණුසුම් ජලය ලීටරයක් දමා පල්මානික්කම් දියකර ගන්න. දැන් පල්මානික්කම් දියර භාජනයට හුණු දියර ලීටර් 06 ක් එකතු කරගන්න.
පසුව ක‍්‍රමයෙන් ඉතිරි හුණු දියර එක් කරන්න. මෙහිදී මල නොබැඳුණු පිහිතලයක් උපයෝගී කරගෙන ද්‍රාවණයේ සුදුසු අවස්ථා නිර්ණය කරගත හැකිය. හුණු දියර ලීටර් 6 ක් එක් කිරීමෙන් පසු ද්‍රාවණයට පිහිතලය ඇතුළු කර නිරීක්‍ෂණය කළ විට තඹ වර්ණයට පත්වේ.
නමුත් ක‍්‍රමයෙන් හුණු දියර එක් කරන විට එම වර්ණය අඩුවී යයි. එම තඹ වර්ණය මැකී යන අවස්ථා ශාක වලට යෙදීමට සුදුසු අවස්ථාවයි. ඉන්පසු මිශ‍්‍රණය හොඳින් කවලම් කර එවෙලේම ඉසින්න.

උපදෙස්
හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක

No comments:

Post a Comment