අලුත් පරම්පරාවේ ඉබේ හැදෙන තාක්ෂණයන්
මහා මාර්ගයේ කුඩා ඉරිතැලීමක් නිසා ක්‍රමයෙන් ගල් ගැලවී ගොස් විශාල වළවල් නිර්මාණය වෙනවා. එසේ හානි වීමට ඉඩ නොදී මාර්ගයේ කුඩා පැලීම් සහ ගෙවීයාම් ඉබේම පිළිසකර කරන සවිවර බවෙන් ඉහළ ගල්තාර කොන්ක්‍රීට් විශේෂයක් නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් නිපදවීමට සමත් වී තිබෙනවා. එම ගල්තාර කොන්ක්‍රීට් යොදා සකස් කළ මාර්ගයක ගල්කීල සෙල්සියස් අංශක 60 ට රත් වූ විට ඒවා මෘදු වී ගල්තාර වල කුඩා පිපිරීම් වසා දමනවා. මේ නිසා මහා මාර්ගයක ආයුකාලය දෙගුණයකින් වැඩිවෙන බව පර්යේෂකයන් පවසා සිටිනවා. එසේම වියදම් අධික වසා දැමීම් අලුත්වැඩියා කිරීම් අවශ්‍ය වන්නේ නෑ. ස්වභාවිකව මහාමාර්ගය උණුසුම් නොවන ප්‍රදේශ වල නම් මාර්ගය රත් කිරීමට ප්‍රේරණ තාපකයක් යොදා ගත යුතු වනවා. එය මහා මාර්ගය වෙනුවෙන් කළයුතු වෙන එකම නඩත්තු කිරීමේ ක්‍රියාවයි.
ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ සිට දන්ත වෛද්‍ය විද්‍යාව දක්වා ක්ෂේත්රවල කටයුතු කරන විද්‍යාඥයනුත් හානියක් වුණාම ප්‍රාණවත් ජීවින්ගේ දකින්න ලැබෙන සුව වීමේ හැකියාව තවත් ඉහළ දමන ද්‍රව්‍යයන් සොයා ගැනීමේ යෙදී සිටිනවා. ඉබේම සුවවෙන දේවල් තැනීම වේගවත් වීම දකින්න ලැබෙන්නේ 2001 සිටයි. එසේ වී ඇත්තේ ද්‍රව්‍ය ඉරිතැලුණු විට සවි කිරීම කළ හැකි කුඩා ලාටු කෝෂ අඩංගු බහු අවයවකයෙ දියුණුව නිසාය. එතැන් පටන් කෘත්‍රිම ධමනි, විද්‍යුත් උත්තේජනය, බැක්ටීරියා කරල් ආදිය සමඟ විධික්රමයන් තවත් සංකීර්ණ වී තිබෙනවා. ඒවා දැන් බැඳීම් සවි කිරීමට භාවිතයේ පවතිනවා.
වැඩිහිටියන්ගෙන් 100% කටම දත් වල කුහර තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා. ලන්ඩනයේ කිංස් කොලේඡ් පර්යේෂකයන් සැල්සියම් සහ පොස්ෙෆ්ට් ලෝහ කෙළවලින් ගැනීමට දත් වලට තිබෙන ස්වභාවික හැකියාව ඉක්මන් කිරීමට විද්‍යුත් කම්පනයක් ලබා දීමේ ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා. ඒ අනූව කුහරයක් ඇති වීම ආරම්භ වන විට එය උඩින් උපකරණයක් තබා එමඟින් කුහරය දෙසට ලෝහ තල්ලු කිරීමට කුඩා විද්‍යුත් ධාරාවක් යෑවෙනවා. එයින් තවදුරටත් දත් කුහර ඇතුළට විදීම සහ පිරවීම අවශ්‍ය නොවේවි. විකල්ප සම්ප්‍රදායික ක්‍රමයට වඩා වේදනාවක් නැති ඉක්මන් සහ ලාභ මේ ක්‍රමය ඉක්මනින්ම දන්ත වෛද්‍ය සායන වල භාවිතා කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.
පර්යේෂකයන්ගේ සොයා ගැනීමකට අනූව කෑලි වලට කැඩී බිඳී යන මයික්‍රොචිප් එකක් තත්පරයකටත් අඩු කාලයකින් අධිබල ලේසර් වලින් ප්‍රකෘතිමත් කරන්න පුළුවන්. එසේ කළ හැක්කේ හානි වලට හුරුවීමට සහ හිලව්වීමට ක්ෂුද්‍ර සකසනය මඟින් මයික්‍රොචිප් එකට ඉඩ හරින නිසාය. වර්තමානයේ සුලු වරදකට වුණත් සම්පූර්ණ වනසේ එකට එකතු කළ පරිපථ චිප් අක්‍රිය විය හැකියි. නමුත් ඉබේ ප්‍රකෘතිමත් වන චිප් නිසා අනාගතයේදී පරිගණක වැඩි ඔරොත්තුදීමේ හැකියාවකින් යුක්ත වනු ඇත.
කොන්ක්‍රීට් ගොඩනැඟුමක පැලීමක් ඇති වූ විට එතුළින් ජලය සහ මළකඩ ද්‍රව්‍ය ඇතුල් වී ඇතුළත සිමෙන්ති සහ ලෝහ සැකිල්ලට හානි සිදුවෙනවා. බාත් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් එයට හොඳ පිළියමක් සොයාගෙන තියෙනවා. ඔවුන් කොන්ක්‍රීට් සවි වීමට පෙර ඒ තුළට ඔබ්බවන්නට පුළුවන් ඉතා සියුම් හුනුගල් කෝෂයක් නිපදවා තිබෙනවා. පැලුම් ඇති වුණාම එම කෝෂ විවෘත වෙනවා. ඒ තුළ ඇති බැක්ටීරියා ජලය මඟින් සක්‍රීය වී පෝෂණය ලබාගෙන පැලුම පිරෙන ලෙසට හුනුගල් නිපදවනවා. මේ ක්‍රමය ගොඩනැඟිලි, පාලම්, වේලි ආදියට යොදා ගන්න පුළුවන්. ඒවා වියදම් අධික නඩත්තු කිරීමක් නැතිව බොහෝ කල් පවතිනු ඇත.
Ö නිල්මිණි රාජපක්ෂ රදලගේ
No comments:
Post a Comment