Sunday, January 11, 2015

ගුවනේ පැතිර යන අලුත් ම උන්මාදය ෙඩ්‍රාaන්



ගුවනේ පැතිර යන අලුත් ම උන්මාදය ෙඩ්‍රාaන්

නත්තල් සමය ඕනෑ ම වසරක තෑගි භාණ්‌ඩ වැඩිපුර ම අලෙවි වන හුවමාරු වන කාලයයි. මේ තෑගි භාණ්‌ඩවලින් සැම විට ම වැඩි කොටසක්‌ අත්පත් කරගන්නේ විවිධ ක්‍රීඩා භාණ්‌ඩ මගින්. පසුගිය වසරේ නත්තල් සමයේ මෙලෙස වැඩිපුර ම අලෙවි වන ක්‍රීඩා භාණ්‌ඩ අතරට අලුත් ම අමුත්තෙක්‌ එක්‌ වුණා. ඒ දුරස්‌ථ පාලකයෙන් හැසිරවිය හැකි ෙඩ්‍රාaන් යානා. නත්තල් සමයේ සිදු වූ මේ අලෙවිය සමඟ දස දහස්‌ ගණන් ෙඩ්‍රාaන් යානා ගුවනට අලුතින් එක්‌ වෙමින් පවතිනවා. ගූගල් සෙවුම් යන්ත්‍රයෙහි 
I want to buy a යෑයි සටහන් කළ විගසින් කාර් හා නිවාසවලට පසු තුන්වැනි විලක්‌පය ලෙස ලබා දෙන්නේ ෙඩ්‍රාaන් යානා වීම මෙහි ජනප්‍රියත්වය අපූරුවට පැහැදිලි කරනවා. 
ෙඩ්‍රාaන් යානා භාවිතය දැන් ලොව පුරා පැතිර යන උන්මාදයක්‌ බවට පත් වී හමාරයි. ෙඩ්‍රාaන් යානා කියූ සැණින් අපේ සිහියට නැඟෙන්නේ හමුදාවන් ඔත්තු බැලීමට හෝ ප්‍රහාර එල්ල කිරීමට හෝ භාවිත කරන නියමුවන් රහිත ගුන් යානා (
UAV) වුණත් මේ ෙඩ්‍රාaන් යානා ඊට වඩා සරල, හුරුබුහුටි, විනෝදජනක ඒවා වනවා. තම සිතැඟියාවන්ට අනුරූප ව අහසෙහි ඔබ මොබ යෑවිය හැකි මේ යානා දුරස්‌ථ පාලකයෙන් ක්‍රියාත්මක වන හෙලිකොප්ටර් යානාවලට වඩා වෙනස්‌ වන්නේ ඒවා කුඩා තටු හතරකින් සමන්විත වීම නිසයි. මීට අමතර ව තටු හයේ හා තටු අටේ යානා ද දකින්න පුළුවන්. කුඩා ගේ කුරුල්ලකු ගේ ප්‍රමාණයේ සිට දැවැන්ත රාජාලියකු ගේ ප්‍රමාණය දක්‌වා විවිධ ප්‍රමාණයේ හා විවිධ හැඩයේ ෙඩ්‍රාaන් යානා දැන් වෙළෙඳපොළේ මිල දී ගත හැකියි. (මෙරට වෙළෙඳපොළේ ද දැන් දැන් ෙඩ්‍රාaන් යානා දකින්නට පිළිවන්). කුඩා ක්‍රීඩා හෙලිකොප්ටර් යානාවලට වඩා ස්‌ථාවර හා සුමට පාලනයක්‌ ඇති මේ යානා විශේෂය සාපේක්‌ෂ ව මිලෙන් අඩු වීම එහි ජනප්‍රියත්වයට එක්‌ හේතුවක්‌. එහෙත් ෙඩ්‍රාaන් යානා අතිශය ජනප්‍රිය වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ තිබෙනවා. ඒ බොහෝ ෙඩ්‍රාaන් යානාවල ප්‍රධාන අංගයක්‌ වන කැමරාවයි. මෙමගින් ගුවනේ සිට සජීවී ව නිරීක්‌ෂණය, වීඩියෝගත කිරීම හෝ ඡායාරූපගත කිරීම් කළ හැකියි.

...

No comments:

Post a Comment