පාප්වහන්සේ සහභාගිවන විශේෂ දේව මෙහෙයේ අල්තාරය
ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය සඳහා ඉදිකර ඇති විශේෂිත අල්තාරය පිළිබඳව හැඳින්වීමක් කළ යුතුව ඇත.
මෙම අති විශාල අල්තාරය මීට වසර කීපයකට උඩදී එනම් 1995 වසරේ ජනවාරි මස 20 වැනිදා දෙවන ජුවාම් පාප්වහන්සේ (මුණිතුමාණන්) දේව මෙහෙය පැවැත්වීම සඳහා පැවැත්වූ අල්තාරය වෙයි.
එම දේව මෙහෙය පැවැත්වීමෙන් පසු මෙම දැකුම් කළු අල්තාරය නායක කන්දේ සාන්ත මරියා දෙව්මැදුරේ දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව සඳහා යොදාගෙන තිබිණි.
මෙම අපූරු අල්තාරය පාරම්පරික පේශ කාර්මික ජනතාවගේ දැතින් නිමකර තිබූ අතර මෙහි මැහුම් ගෙතුම් ඇන්ඩි්රයා බොකෙල් ශිල්පිනියගේ අතින් නිමවී ඇති බව කතෝලික සභාව අනාවරණය කරයි.
ප්‍රධාන අල්තාරය පිහිටි කොටස මහනුවර යුගයේ වහලයක හැඩය පිළිබිඹු වේ.
මෙහි පරිවාර වේදිකා දෙක තුළ දහකට අධික පියතුමන්ලා දේව මෙහෙයට හවුල්කර ගැනීමට තරම් ඉඩ සැලසේ.
මෙම වේදිකාව දේශීය කලාවෙන් පරිපූර්ණවී ඇත. බැලූ බැල්මට කොයි කාගේත් සිත් ඇදගන්නා ආකාරයට මෙම අල්තාරය අපූරු මුහුණුවරක් ගෙන තිබේ. මෙම අල්තාර වහලයේ රඳවා ඇති ආරුක්කු 12 අපොස්තලිකවරුන් නියෝජනය කර ඇත.
ප්‍රධාන ආසනය පසුපස අඟල් 8 ක් උසැති කුරුසියක් එල්ලා තබා ඇත. මෙම කුරුසියේ කොන් හතර ඉපැරැණි කලා උරුමයන්ගෙන් හැඩවී ඇත.
මෙම කුරුසිය සහ ප්‍රධාන පුටුව මොරටුවේ අමල් පර්නිචර්ස් ආයතනය මගින් පරිත්‍යාග කර ඇත.
මෙම ප්‍රධාන පුටුව පාප්වහන්සේට වාඩිවීම සඳහා මෙසේ වෙන්කර තිබේ.
මෙම පුටුව නිර්මාණය කළ මොරටුවේ අමල් ප්‍රනාන්දු මහතා අපට කීවේ පාප්තුමන් සහභාගී වෙන අල්තාරයේ පුටුව සහ අල්තාරයේ එල්ලා තබන කුරුසියට සම්බන්ධවීමට හැකිවීම තමාගේ වාසනාවක් බවය.
පුටුවට අමතරව තව පුටු තුනක් ඔහු මෙසේ නිර්මාණය කර ඇත.
මට මෙම අවස්ථාව සලසා දුන්නේ ප්‍රියන්ත සිල්වා පියතුමයි. මෙම පුටු තුනේ වටිනාකම නියම මිල ගණන් අනුව රුපියල් ලක්ෂ හයක් පමණ වෙනවා. සෑහෙන කාලයක් තිස්සේ මෙම පුටු සහ කුරුසිය සාදාගෙන යනවා. දැන් මූලික වැඩකටයුතු බොහෝදුරට අවසන් වෙලා තියෙන්නේ. මෙම පුටු නිර්මාණය මගේ වැඩක් කියලා කියන්න බැහැ. මෙම සැලැස්ම මට දුන්නේ අපේ ප්‍රියන්ත සිල්වා පියතුමයි.
මෙම කාර්ය මීට කලින් වෙනත් අයෙකුට පැවරුණා. ඒත් පසුව මට පැවරුණා. ඒක මගේ වාසනාවක් කියලා මම හිතනවා.
මේ අතර මෙම කුරුසියේ ක්‍රිස්තු රුව පයිබර් ග්ලාස් උපයෝගී කරගෙන නිර්මාණය කර ඇත්තේ රනිල් ප්‍රනාන්දු මහතාය.
මෙහි නව ජුසේවාස් ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ මොරටුවේ රේමන් ප්‍රනාන්දු මහතාය.
වේදිකාව මත තබා ඇති ලංකා අප ස්වාමිදූගේ ප්‍රතිමාවද රේමන් මහතාගේ නිර්මාණයකි.
සාන්තුවරයට එසැවීමේ මෙහෙයේදී සාන්තුවරයාගේ ශුද්ධ වස්තුවක් ප්‍රදර්ශනය කිරීම පිළිගත් චාරිත්රයකි. මෙහිදී මහ ගල්ගමුව ජුසේ වාස් පුරයේ ඇති කළුවර කුරුසිය යොදා ගැනේ. එදා ජුසේ වාස් පියතුමා මහ ගල්ගමුව ගම්වාසීන් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගම්මානයට පිවිසුම් මාර්ගයේ මේ කළුවර කුරුසිය ස්ථාපිත කළ අතර අද පවා එහි ප්රාතිහාර්යජනක බව පිළිබඳ තොරතුරු දකින්නට හා අසන්නට ලැබේ.
ගාලුමුවදොර පිටියේ ඉදිවෙන විශේෂ වේදිකාව ඉතා සියුම් සොයා බැලීම්වලින් පසු දැනට ඉදිවන තැන ඉදි කරන්නට යෙදුනේ සියලු පැතිවලින් ජනතාවට වඩාත් පහසුවෙන් දැක බලාගැනීමට හැකිවන ලෙසටයි. මෙහිදී සසුන් පිය ආධ්‍යාත්මික අගයන් සහ ශුද්ධාසන අවශ්‍යතාවලට ගැලපෙන ලෙස එය ඉදි කරන්නටත් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ සංස්කෘතිය ප්‍රකට කරන්නටත් යොදා ගැනිණි.
ප්‍රධාන ආසනය ඉදිරිපස පඩිපෙළ පුන්කලස් දොළසකින් යුතු වන්නේ මෙරට රදගුරු වසම් දොළොස නිරූපණය කිරීමටයි. සංස්කෘතික අමාත්‍යාංශයේ රවිබන්දු විද්‍යාපති සූරීන්ගේ මග පෙන්වීම යතේ ඒවා සැකසේ. ගරු ප්‍රියන්ත සිල්වා පියතුමාගේ සංකල්පනා යටතේ නාවික හමුදාවේ රියර් අද්මිරාල් විපුල ජයසේන මහතා ඇතුළු කණ්ඩායම මේ ඉදිකිරීම් කරති. ගෘහ නිර්මාණ සැකසුම් නාවික හමුදාවේ කපිතාන් ප්‍රියන්ත ප්‍රියදර්ශන මහතාගේ වන අතර වාස්තු විද්‍යාඥ සාගර ජයසිංහ මහතා එහිලා උපදෙස් ලබාදෙයි.
No comments:
Post a Comment