Thursday, January 8, 2015

පැළ දිහා බලලා ලෙඩේ හඳුනාගනිමු



පැළ දිහා බලලා ලෙඩේ හඳුනාගනිමු

 
 
දැනටමත් ඔබ සරුසාර ගෙවත්තක හිමිකරුවෙක් වෙන්න ඇති. දිලීර බැක්ටීරියා වටපණුවන්, මයිටාවන්, කෘමීන් පිළිබඳ ඔබට අවබෝධයක් තිබෙනවා නම් කෙතරම් ප‍්‍රයෝජනවත්ද? පුරුද්දක් වශයෙන් හිමිදිරියේ ඔබ ගෙවත්ත පරීක්ෂා කරන්නකු නම් පලිබෝධ පිළිබඳ හඳුනාගත හැකිය.
පළිබෝධ හඳුනාගැනීමට නම්, ශාක කොටස් හොඳින් නිරීක්ෂණය කරන්න. ඇසට පෙනෙන ලක්ෂණ මෙන්ම ගඳ සුවඳ ගැන ද අවධානය යොමු කරන්න.
ශාකයෙ විවිධ කොටස් තුළ හානිකාරක ජීවීන් සිටීමට පුළුවනි. ඔබ ළඟ සාමාන්‍ය අත්කාචයක් තිබේ නම් ඒ මඟින් සතුන් හඳුනාගැනීමට හැකිවෙනු ඇත. වගා ක්ෂේත‍්‍රයේ ඇතුළත හානිකර ශාක තිබේනම් මුලින්ම ගලවා දමන්න.
මිරිස් කොළ කොඩවීමේ රෝගය
පත‍්‍ර හොඳින් පරීක්ෂා කිරීමේදී පත‍්‍ර විකෘති‍්‍රවීම් ඇතිනම් හෝ පත‍්‍රය මත කහ කොළපාට විචිත‍්‍ර පත‍්‍ර ඇත්නම් නම් හෝ එම ශාක ඉවත් කළ යුතුය. නොඑසේනම් අනෙකුත් ශාකවලට පැතිරී යාමට පුළුවනි.
මයිටාවන් සහ කෘමීන්ගෙන් ඇතිවූ හානිය සිදුවූයේ මෑතකදී නම් හානියට පත් ස්ථානය අසල කෘමීන් සහ මයිටාවන් දැකිය හැකිවේ. ශාකයට සිදුවී ඇති හානිය අනුව වගාවේ පළපුරුදු අයකුට ඒ කුමන රෝගයක්දැයි හඳුනාගත හැකිය. නොඑසේනම් කෘෂි උපදේශවරයකුගේ සහාය ලබාගැනීමට ඔබට සිදුවනු ඇත.
පත‍්‍ර උඩු අතට යටි අතට රෝල්වී ඇතිවිට හෝ පත‍්‍ර තලය රැලි ගැසී ඇතිවිට කෘමීන් පත‍්‍රයේ යුෂ උරා බී ඇති බව සැක නැතිව දැනගැනීමට හැකිවේ.
පහත ආකාරයට පැළය දෙස බලා තීරණයකට ඒමට ඔබට හැකියාව ලැබේ.
ශාකය මැලවීම - බැක්ටීරියා හිටු මැරීම, මුල් සහ කඳ කුණුවීම හෝ වටපණු හානියයි.
කෘමි හානියට ලක් වූ රාබු පැළයක්
පත‍්‍ර රෝල් වීම හෝ වක‍්‍ර වීම - වෛරස් ආසාදනයකි. යුෂ උරා බොන කෘමීන් ශාක කඳන් සහ පත‍්‍ර මත යැපීමෙන් ද එසේ සිදුවේ.
පත‍්‍ර රැලි ගැසීම - කූඹිත්තන් සහ පත‍්‍ර කීඩෑවන් ශාක පත‍්‍ර හෝ කඳන්වලින් යුෂ උරා බීමෙන් සිදුවේ.
ශාක පත‍්‍ර මත සිදුරු ඇතිවීම පත‍්‍ර කහ දළඹුවන්, පත‍්‍ර කන කුරුමිණියන්ගේ වැඩකි.
ශාක පත‍්‍ර මත ලප ඇතිවන්නේ දිලීර හෝ බැක්ටීරියා හෝ පත‍්‍ර ලප වෛරස් ආසාදන නිසාය.
පත‍්‍ර විචිත‍්‍ර වීම හෝ පත‍්‍ර විකෘති‍්‍ර වීම වෛරස් ආසාදනයක් හෝ යුෂ උරා බොන කෘමීන්ගේ හානියකි.
කුඩා බීජ පැළ පස් මට්ටමට ආසන්නයේ කඩා වැටීම දියමලන් කෑම, හෝ බීජ පැළ අංගමාරය නිසාය.
ශාකවල වර්ධනය බාලවීම සිදුවී ඇත්නම්, මුල ගැටීම්වල වට පණුවන්ගේ ආසාදන ඇති බව පැහැදිලිව පෙන්නුම් කරයි.

No comments:

Post a Comment