Thursday, January 8, 2015

පෙ‍්‍ර¤ටීන බහුල දඹල



පෙ‍්‍ර¤ටීන බහුල දඹල

 
 
පෙ‍්‍ර¤ටීන් බහුල දඹල යල මහ දෙකන්නයේම සාර්ථකව වගා කළ හැකිය. මනා ජල වහන රටාවක් තිබීම ඉතා වැදගත්ය. කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් මැටි ලෝම පස වගාවට හිතකරය.
වඩාත් වියලි නැති, තෙත් නොවූ පස වරක් පෙරළා කැට පොඩි කිරීම කළයුතුය. ජලය රැඳී තිබීමට ඉඩ ඇති පසක නම් උස් පාත්ති හෝ වැටි කාණු දැමීම කළ යුතුය.
බීජ සිටුවීමට පෙර කැප්ටාන් දිලීර නාශකය සමඟ ජලය මිශ‍්‍රකර ගත යුතුය. බීජ පැළවීගෙන එන අවදියේදී හා කරල් එන අවදියේ දී කුරුල්ලන් එළවා දැමිය යුතුය.
මුල් අවදියේදී දඹල වැල කෙමෙන් වර්ධනය වන බැවින් වල් පැළෑටි මඟින් කෙරෙන බාධාව අධිකය. බෝග වර්ධනය වූ පසු වල් පැළෑටි නෙළීම අවශ්‍ය වූ විටක කළ යුතුය.
පැළ වැඩීගෙන එන කාලයේදී ජලය සහ පොහොර යෙදීම අවශ්‍යයි. ඔබ විසින්ම ගෙවත්තේ සාදාගත් කොම්පෝස්ට් පොහොර යෙදීම වඩාත් හිතකරය.
දඹල වගාවට සාමාන්‍ය රෝගවලින් හානියක් නැති නමුත් බැක්ටීරියා හිටුමැරීමේ රෝගය වැළඳීමට ඉඩ තිබේ. නිර්දේශිත කෘමිනාශක යෙදිය හැකිය. කෘමීන් එන ආකාරය වළක්වාලීමට දාස්පෙතියා මල් වගාව වටේටම යෙදීමට ඔබට හැකියාව තිබේ. සුදු මැස්සා ගෙන් බෝවෙන පත‍්‍ර කහවීමේ රෝගය මුල් අවදියේදීම හඳුනාගත හැකිය. පාදස්ථ කුණුවීම හා පත‍්‍ර ලප ඇති විට දිලීර නාශක යෙදිය යුතුය.
සිටුවා දින 90-110ක් වයස්ගත වූවිට අස්වැන්න නෙලීම ආරම්භ කළ හැකි අතර එතැන් සිට දින 40-45 ක් දක්වා අස්වැන්න නෙළාගත හැකිය. මාංශල තත්ත්වයේ පවතින ළපටි කරල් දින 3-4ක කාලාන්තරයක් ඇතිව නෙළාගැනීමට හැකිය.

No comments:

Post a Comment