මොරටු විශ්වවිද්‍යාලයයේ දී නිපදවූ වැඩිදියුණු කළ නියමුවන් රහිත ගුවන් යානාව එළිදකියි
CEYHAWK ලෙසින් නම් තබා ඇති මේ ගුවන් යානය පැයට කිලෝමීටර 75ක පමණ වේගයකින් ගමන් කරන අතර පැය භාගයක කාලයක් ගුවන්ගත ව සිටීමට ඊට හැකියාව ඇත. කිලෝග්රෑම් 5ක බරකින් යුතු යානය කිලෝග්රෑම් එක හමාරක පමණ බරක් රැගෙන යැමට සමත් ය.
මීට පෙර ප්‍රාථමික අත්හදාබැලීම් සඳහා රාවන් යනුවෙන් UAV යානයක් මේ කණ්‌ඩායම විසින් තනන ලද අතර එය මේ වන විට 40 වාරයක් පමණ සාර්ථක ලෙස ගුවන්ගත කර අත්හදාබලා ඇති බව මහාචාර්යවරයා පැවසී ය.
රාවන් යානයට වඩා වටකුරු හැඩයකින් සහ වැඩි කාර්යක්‌ෂ්මතාවක් ලබාගත හැකි අමුද්‍රව්‍ය යොදාගනිමින් CEYHAWK නිපදවා තිබේ. යානය සැලසුම් කිරීම සඳහා ත්‍රිමාන පරිගණක මෘදුකාංගයක සහාය ලබාගෙන ඇත.
යානය නිපදවීමට යොදාගෙන ඇති අමුද්‍රව්‍ය වනුයේ කාබන් තන්තු නාළ හා රෙදි, බල්සා ලී, තුනී ලෑලි සහ ඇලුමිනියම් ය. වෝල්ට් 24, ඇම්පියර් පැය 8ක ලිතියම් පොලිමර් බැටරියකින් යානය බලය ලබාගනියි.
මේ යානයේ පියාසර අත්හදාබැලීම් අවසානයේ දී එය මහා පරිමාණයෙන් නිපදවා විදෙස් රටවලට අපනයනය කිරීමේ හැකියාවක් ඇත් දැයි අප කළ විමසුමක දී මහාචාර්ය රොහාන් මුණසිංහ පිළිතුරු දුන්නේ මේ අයුරිනි.
zzදැනට අපි මෙය කොටසින් කොටස එකලස් කරමින් නිපදවන නිසා මාසයක් වැනි කාලයක් ගත වනවා. වාත්තු කිරීමේ ක්‍රමයට අච්චුවක් තනා මේ කොටස් සියල්ල එකවර තැනීම සිදු කළොත් ශ්‍රමිකයන් දෙදෙනකුට දින දෙකකින් යානයක් තනා නිම කළ හැකි වේ වි. මහා පරිමාණයේ දී එවැනි ක්‍රමයකට යා යුතු වනවා."
දැනට ශ්‍රමික වැටුප් ගෙවීමේ අවශ්‍යතාවක් නැති නිසා යානය නිපදවීම සඳහා වැය වී තිබෙන්නේ අමුද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වන රු. ලක්‌ෂ 2-2 1/2ක් වැනි මුදලක් පමණක් බවත් මහා පරිමාණයෙන් නිපදවීමේ දී වියදම වැඩි වනු ඇත්තේ තවත් රුපියල් ලක්‌ෂයකින් පමණ බවත් මහාචාර්යවරයා පැවසී ය.
මේ යානයක් විදේශයකින් ආනයනය කරන්නේ නම් රුපියල් ලක්‌ෂ 10කට වැඩි මුදලක් වැය වේ.
No comments:
Post a Comment