Wednesday, January 7, 2015

රට කොහිල අලේ මස් වැඩියි



රට කොහිල අලේ මස් වැඩියි

 
 
කොහිල ජනප‍්‍රිය කොළ එළවළුවකි. සේදීමට ගන්නා ජලය ආදිය භාවිතා කොට ගෙවතු වගාවක් ලෙස ද වගා කළ හැකිය.
කොහිල දළු සහ අල ජනපි‍්‍රය ගුණදායක ආහාර වේ. කෙඳි ගතිය වැඩි හෙයින් අර්ශස් රෝගීන්ට හා උදරාබාධ වලට ගුණදායක වේ.
කොහිල වර්‍ග දෙකක් තිබේ.
දේශීය කොහිල :- පත‍්‍රය කන්ඩිකා වලට බෙදී නැත.
රට කොහිල :- පත‍්‍රය කන්ඩිකා වලට බෙදී ඇත.
දේශීය වර්‍ගයේ වර්ධනය සෙමෙන් සිදු වන අතර අස්වැන්න ද අඩුය. අල මහත් නොවන අතර මාංශල ගතිය ද අඩුය. රට කොහිල, වැඩි වර්ධන වේගයක් පෙන්වන අතර අස්වැන්න ද වැඩිය. අල, දේශීය වර්‍ගයට වඩා මහත් වේ. මාංශල ගතිය වැඩිය.
කොහිල වගා කළ හැක්කේ නිතර ජලය රඳ්‍ර පවතින ස්ථානවල පමණි. කොහිල වගුරු බිම් වලට යෝග්‍ය බෝගයක් වේ. මේ නිසා කොහිල වගාව බහුල වශයෙන් තෙත් කලාපයේ ව්‍යාප්ත වී ඇත. කොහිල වගාව සඳහා සෙවණ තිබීම යෝග්‍ය වේ.
සෙවණ තුළ වූ විට පත‍්‍ර කුඩා වේ. ගෙවත්තේ ළිඳ අසල ජලය රඳ්‍ර පවතින ලෙස ලියද්දක් සකසා කොහිල වගා කිරීම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනපි‍්‍රය වී ඇත. ජල සම්පාදනය යටතේ වියළි කලාපයේ ද ඉතා සාර්ථකව වගා කළ හැකි වේ. විශේෂයෙන් වියළි කලාපයේ ජලය රඳ්‍ර පවතින දියකඩ වල මැනවින් වැඩේ.
රෝපණ ද්‍රව්‍ය
සෙ.මි. 25-30 පමණ දික් වූ අල කැබැල්ලක් සහිත ශාකයේ අග කොටස හෝ එම ප‍්‍රමාණයේ දඬු කැබෙල්ලක් සිටුවීම සඳහා භාවිතා කළ හැකිය. සිටුවීමට පෙර පත‍්‍ර කපා ඉවත් කළ යුතුය.
පත‍්‍ර සහිත අග කොටස සිටුවීමෙන් වර්ධනය ඉක්මන් වේ’
බිම් සැකසීම
හොඳින් ජලය ඇති ස්ථානයක ජලය රඳ්‍ර පවතින ලෙස ලියද්ද සකස් කොට බිම පෙරළා පස බුරුල් කොට කොහිල සිටවනු ලැබේ. සෙවණ සහිත නම් වඩා යෝග්‍ය වේ.
සිටුවීම
ශාකයේ අග කොටස හෝ අල කැබලි අංශක 30 ක පමණ ආනතියක් සහිතව එක තැන එක බැගින් සිටුවන්න.
පරතරය අඩියෙන් අඩිය පරතරයට සිටුවන්න.
ජලය සැපයීම
වගාව තුළ නිතර ජලය රඳ්‍ර පැවතීම අවශ්‍ය වුවත් දිගටම ජලය රඳ්‍ර පැවතීමෙන් වර්ධනය බාල වේ. එබැවින් සති 2-3 කට වරක් පමණ රඳ්‍ර පවතින ජලය කපා හැර නැවත සැපයීම සුදුසුය.
පොහොර යෙදීම
කොහිල වගාව සඳහා හැකි පමණ කුකුල් පොහොර, ගොම, කොම්පෝස්ට්, කොළ පොහොර ආදී කාබනික පොහොර යොදන්න. අවශ්‍ය තරම් කාබනික පොහොර ලබා ගත නොහැකි වූ විට රසායනික පොහොර යෙදිය යුතු ය. කොහිල දිගු කාලයක් ක්‍ෂේත‍්‍රයේ පවතින බැවින් වැඩි වාර ගණනක් පොහොර යෙදිය යුතුය.
උපදෙස්
මාකඳුර ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ
ආචාර්ය හේමන්ත විජේවර්ධන

No comments:

Post a Comment