තවාන් පස දැඩි උෂ්ණත්වයකට ලක්කිරීම
ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීමට හොඳ ක‍්‍රමයක්
තවාන් බිම අධික උෂ්ණත්වයකට භාජනය කර එහි සිටින දිලීර බැක්ටීරියා යන ක්‍ෂුද්‍රජීවින් හා වල්පැළෑටි බීජ විනාශ කරගත හැකිය.
ඒ සඳහා පහසුවෙන් භාවිතා කල හැකි ක‍්‍රමයක් ලෙස තවාන් පස පිළිස්සීම හැඳින්විය හැකිය.
පස වරින්වර පෙරලීම හා තද සූර්ය ලෝකයට නිරාවරණය කිරීම මගින්ද ජීවානුහරණය කළ හැකිය. නමුත් මෙහිදී රෝගකාරකයා සම්පූර්ණයෙන් විනාශ වන්නේ නැත.
තවාන් පස වඩා වැඩි උෂ්ණත්වයකට ලක්කොට වැඩි කාලයක් පවත්වා ගැනීම ද ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීමට හොඳ ක‍්‍රමයකට ඒ සඳහා පාර දෘෂ්‍ය පොලිතින් භාවිතා කරනු ලැබේ.
මෙහිදී පළමුව සකසාගත් පාත්තිය තෙත් කරනු ලැබේ. ඉන්පසු පාත්තිය සම්පූර්ණයෙන් වැසෙන සේ පාරදෘෂ්‍ය පොලිතිනයක් ඵලා පොලිතිනයේ වටා පස් වැනි දෙයක් යොදා හොඳින් වායු රෝධක වන සේ සීල් කළ යුතුය. පාත්තියේ අවකාශයන් තිබීමට පාත්තියේ තැන් කීපයක ගඩොල් කැබලි තබන්න.
හොඳින් සූර්යා ලෝකය සහිත දිනවල මෙලෙස සැකසූ පාත්තියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 49 – 52 දක්වා ඉහළ නඟිනු ඇත. එලෙස සතියක් පමණ තබා පොලිතින් ඉවත්කර පස පෙරළා නැවත පොලිතිනය පෙරසේ එලා යළිත් සතියක් පමණ වැඩි උෂ්ණත්වයකට ලක්කිරීම අවශ්‍ය වේ. තවාන් පස් නිවැරැදි ලෙස ජීවානුහරණය කළ ද තවාන් පාලනය නිසිලෙස ඉටු නොකළ හොත් තවාන අසාර්ථක වීමට ඉඩ ඇත.
තවානට භාවිතා කරන බීජ නිරෝගි බවට සහතික කර ගැනීම ඉතා වැදගත් වේ. බිජ මගින් පැතිරෙන රෝග වැළැක්වීම සඳහාත් බීජ ප‍්‍රතිකාර භාවිතය අවශ්‍ය වේ. පිටරටින් ආනයනය කරන බීජ වර්ග බොහොමයක් බීජ ප‍්‍රතිකාර කර ඇතිබවට එම ඇසුරුම් වල සඳහන් වේ.මෙරටෙහි නිෂ්පාදිත හෝ තමන් විසින් ම නිෂ්පාදනය කරගත් බීජ අනිවාර්යෙන් ම බීජ ප‍්‍රතිකාර කර සිටුවීම සඳහා භාවිතා කළ යුතුය.
බීජ පේලිවලට යෙදීම මගින් පැළ අතර ගහන ඝනත්වය අඩුවන බැවින් ඒකාකාරී වර්ධනයක් සහිත පැළ ඇතිවේ. රෝගයක් ඇති වුවහොත් පාලනය කිරීම පහසුවේ. එළවළු බීජ බොහොමයක් කුඩා නිසා තවාන මතුපිට සිට සෙන්ටි මීරටයක් දෙකක් ගැඹුරකින් සිටුවීම උචිත වේ. වඩා ගැඹුරින් සිටුවූ විට පැළ මතුපිටට ඒමට වැඩි පීඩනයක් දිය යුතු අතර එය බීජ පැළයට හානි සිදුවීමට ඇති ඉඩ වැඩි කරයි.
වඩා නොගැඹුරින් සිටුවීමේදී ජලය යොදනවිට බීජ පස් මතුපිටට පැමිණීමට ඉඩ ඇත. තවාන් පාත්තියේ බීජ තැන්පත් කළ පසු වැසීම ඉතා වැදගත් වේ.
No comments:
Post a Comment