වතුර පොහොර කරගන්නේ මෙහෙමයි
අඩි දෙකක් පමණ උස ප්ලාස්ටික් බඳුනක් තෝරාගන්න. බඳුනේ පහලින්ම ටොනික් මූඩියක තරම් සිදුරක් විද එයට එස්ලෝන් බටයක් සවිකරන්න.
බඳුනේ පතුලට බොරළු දමන්න. අඟල් දෙකක් තරම් ප්රමාණයට දමා ගැනීම ප්රමාණවත්ය. ඊට ඉහළින් කොම්පෝස්ට් පොහොර අමුගොම, දිරාපත් වූ ශාක කොටස් දමන්න. දැන් ඔබේ ගෙවත්තේ සිටින ගැඩවිලි පණුවන් දහදෙනකු පමණ බඳුනට දමා නැවත කොම්පෝස්ට් තට්ටුවක් දමන්න. බඳුනේ බාගයකටත් වඩා පිරෙන ආකාරයට මේ කොම්පෝස්ට් තට්ටුව පුරවා ගත යුතුය. දැන් මේ බඳුන ගසක් පාමුල අඩියක් පමණ උස ආධාරකයක තබන්න.
ඊළඟට සිදුරු විදපු මැටි කලයක් බඳුනට ඉහලින් ගසේ අත්තක එල්ලාගන්න. නැතිනම් ආධාරකයක් සවිකර මේ කළය බඳුනට ඉහළින් එල්ලාගත යුතුය. මැටි කළයේ සිදුරු තුළින් කොහු ලණු යවන්න. මේ සියලුම කොහු ලණු කොම්පෝස්ට් බඳුනේ මැද ලීයක් සිටුවා එයට සම්බන්ධ කරන්න. කළය තුළට දැන් වතුර යොදන්න. කොහු ලණු ආධාරයෙන් බඳුනට වතුර බිංදුව බිංදුව වෑස්සීමට සලස්වන්න.
එසේ පෙරීයන ජලය එස්ලෝන් බටය තුළින් ඉවතට පෙරී යන අතර වෙනත් බඳුනකට එම ජලය එකතුª කරගන්න. දැන් එකතු කරගත් ජලය නැවත වරක් කොම්පෝස්ට් බඳුනට දමන්න. මේ ආකාරයට කීපවරක් කොම්පෝස්ට් බඳුන ඇතුළින් පෙරී එන ජලය පැළවලට කදිම දියර පොහොරකි.
No comments:
Post a Comment