පෘථිවියට වෙන් වූ ධජයේ කතාව
මැක්කොනල් විසින් ප්‍රථමයෙන් නිර්මාණය කළ පෘථිවිය ධජයේ නිල් පසුබිමක් තුළ මුහුද නිල් පැහැයෙන්ද, පොළොව දුඹුරු පැහැයෙන්ද, වලාකුළු සුදු පැහැයෙන්ද චිත්‍රණය කර තිබුණි. පසුව පෘථිවියේ සජීවී ඡායාරූපයක් නාසා ආයතනයෙන් ලබා ගත් මැක්කොනල් නවමු ආකාරයකින් පෘථිවි ධජය නිර්මාණය කළේය. නිල් පැහැති පසුබිමක් තුළ පෘථිවියේ සජීවී ඡායාරූපයක් මෙමගින් දිස්වේ. ලෝක මිහිකත දිනයේදීත්, ගෝලීය වශයෙන් සමරන්නා වූ විවිධ උත්සව සඳහාත් වර්තමානයේ මෙම පෘථිවි ධජය යොදා ගනී.
No comments:
Post a Comment