මල් හට ගන්න වියළි කාලගුණයක් ඕනෑ
ගෙවතු වගාවක් ලෙස පැවැතුණු අඹ වගාව, දැන් වාණිජ මට්ටම දක්වා ව්‍යාප්තවී තිබේ. එහෙත් අඹ පැළයක් සිට වූ පසු එහි නිසි නඩත්තුව සිදු නොකරන නිසා වර්ධනය බාල වී ලෙඩ රෝගවලට ගොදුරු වේ.
එසේ වීමෙන් අස්වැන්න බාල වෙනවා පමණක් නොව අඹ ගෙඩියේ රසය හා ගුණය ද හීන වෙයි.
අඹ ගසක් පුහුණු කිරීමෙන්, ගස මනා පෙනුමක් ලබා දීමත් රෝග හා කෘමි හානි අවම කර ගැනීමටත්, ගුණාත්මක බවෙන් උසස් ගෙඩි වැඩි සංඛ්‍යාවක් ලබා ගැනීමටත් හැකි වේ.
පළමුවෙන් කළ යුතු වන්නේ සිටවන ලද අඹ පැලය පොළොව මට්ටමේ සිට අඩි 3 ක් පමණ උස ඇති තනි කඳක් ලෙස වැඩෙන්නට ඉඩ හැර ඉන්පසු පළමු අත්ත වැඩීමට සැලැස්වීමයි.
ඉන් අනතුරුව එකිනෙකට අඩි 1/2 ක් පමණ දුරින් ප්‍රධාන කඳේ සිට තවත් අතු 3 - 4 ක් විවිධ දිශාවන් ඔස්සේ වැඩීමට සැලැස්විය යුතුය. ගෙවත්තේ ගස් කිහිපයක් වගා කරන විට රසායනික පොහොර යෙදීම අත්‍යවශ්‍ය නොවේ.
මේ සඳහා කාබනික පොහොර භාවිතා කළ හැකිය. ගසේ වර්ධනය ඉතා අඩු නම් පමණක් රසායනික පොහොර යෙදිය හැකි ය. තෙත් කලාපයට හා වියලි, අතරමැදි කලාපයට පොහොර ප්‍රමාණ 2 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කර ඇත. නමුත් එය මඟ පෙන්වීමක් පමණි.
කුඩා කාලයේ දී ගසකට වසරකදී යෙදිය යුතු පොහොර ප්‍රමාණය අවස්ථා තුනකදී ද පල හට ගන්නා ගස්වලට පොහොර යෙදීම අවස්ථා දෙකක දී ද සිදු කිරීම වඩා යෝග්‍ය වේ.
ඵල දරන ගසකට පොහොර යෙදිය යුතු අවස්ථා දෙක වන්නේ අස්වැන්න නෙළීමෙන් පසු හා මල් හට ගැනීම ආරම්භ වූ පසුවයි.
අස්වැන්න නෙළීමෙන් පසු වසරකට යෙදිය යුතු යූරියා මුළු ප්‍රමාණවලින් 1/2 ගසට යෙදීම වඩා යෝග්‍ය වේ. ඉතිරි ෆොස්පේට් හා පොටෑෂ් ප්‍රමාණය මල් හට ගැනීම ආරම්භ වූ පසුව යෙදිය හැකිය.
පොහොර අවශෝෂණය කළ හැකි සකී‍්‍රය මූල පද්ධතිය ගසේ සිට අඩි 3 - 6 දක්වා අතර ප්‍රදේශයේ අඩි 1/2 - 1 ක් පමණ ගැඹුරින් පිහිටයි.
මේ නිසා ගසේ සිට අඩි 3 - 4 ක් පමණ දුරින් අඩි 1/2 ක පමණ පළල කාණුවක් පිළියෙල කර එය තුළ පොහොර විසිරුවා හැර නැවත වසා දැමීම කළ යුතුය. පොහොර යොදන විට පසේ තෙතමනය පැවැතීම අත්‍යවශ්‍ය වේ.
අඹ වගා කර ඇති මුළු ඉඩමේ ම ඇති වල් පැළෑටි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අත්‍යවශ්‍ය නොවේ. පැල සිටුවා වසරක් පමණ ගස වටා අඩි දෙකක් පමණ ප්‍රදේශයක් වල් පැල වලින් තොරව තබා ගැනීම යෝග්‍යය.
වර්ධනය වූ අඹ ගසක පාමුල අතු විහිදී ඇති සීමාව තුළ උදලු හා වල් පැළෑටි පාලනය කිරීම ප්රමාණවත්ය.
වැල් පැළ ඉවත් කළ ප්‍රදේශය වියළි තණ කොළ අජීවි වසුනක් ලෙස යොදා ගැනීමෙන් වියලි කාලවල තෙතමනය ආරක්ෂා කර ගත හැකිය.
ගස් අතර අනෙක් ප්‍රදේශවල පිහිටි වල් පැළෑටි වීසි කැති යොදාගෙන පාලනය කරන්න. එලෙස පවත්වා ගැනීමෙන් පාංශු ඛාදනය ද වළක්වා තෙතමනය ද ආරක්ෂා කර ගත හැකිය.
හොඳින් පුහුණු කර නඩත්තු කරන අඹ ගස කප්පාදු කිරීම අවශ්‍ය වන්නේ රෝගී හා මැරුණු අතු ඉවත් කිරීම සඳහා පමණි. නමුත් පුහුණු නොකළ විශාල අඹ ගස් කප්පාදු කිරීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
සූර්යාලෝකය හොඳින් නොලැබෙන පත්‍රවල ආහාර නිපදවීමෙන් නොකෙරෙන නිසා ඒවා අනෙකුත් අතු මත යැපේ. එවිට ගසේ නිපදවන ආහාර වැඩි ප්‍රමාණයක් ගසේ නඩත්තුවට වැය වන නිසා පලදාව අඩු වේ.
එවැනි අතු කප්පාදු කිරීම මගින් සූර්යාලෝකය ගස මතින් උපරිම ප්‍රයෝජනයට ගැනීමට සැලැස්වීම මගින් ඵලදාව වැඩි කර ගත හැකිය.
ඉතා ගනව වැඩුණු ගසේ වියන තුළ පවතින පරිසරය පළිබෝධයකයින්ට හා රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන්ට වඩාත් හිත කරය. කප්පාදු කිරීම මගින් ගස ඇතුළතට සූර්යාලෝකය ලැබීමට සලස්වන බැවින් මෙම තත්ත්වය නැති වී රෝග හා පළිබෝධ හානි අවම කර ගත හැකිය.
මනාව පුහුණු කළ ගසක ශෂ්‍ය විද්‍යාත්මක කි‍්‍රයා සිදු කිරීම පහසු වේ. විශේෂයෙන්ම රෝග හා පළිබෝධ හානියක් ඇති වුවහොත් රසායනික ද්‍රව්‍ය යෙදීම සහ අස්වැන්න නෙළීම පහසු කරයි.
හොඳින් නඩත්තු නොකැරුණු අඹ ගස් විවිධ ආකාරයට වර්ධනය වී ඇති නිසා වර්ධනය වී ඇති ස්වභාවය අනුව කප්පාදුව කළ යුතුය.
අනෙකුත් අතුවලින් සෙවන ලැබෙන අතු එක මත එක පිහිටා ඇති අතු දිය රිකිලි හා රෝගී හා මැරුණු අතු ඉවත් කළ යුතුය. කප්පාදු කිරීම සඳහා වඩාත් යෝග්‍ය කාලය වන්නේ අස්වැන්න නෙළීමෙන් පසු කාලයයි.
එසේම තද වැසි සහිත කාලය ද ඉතාමත් ම වියළි කාලය ද කප්පාදුවට යෝග්‍ය නොවේ. කප්පාදුව කළ යුතු වන්නේ එම අත්ත ප්‍රධාන අතුවලට හෝ කඳට සම්බන්ධව ඇති ස්ථානයට ඉතාම ආසන්නයෙනි.
දිගු වියළි කාලයක් පවතින ප්‍රදේශයන් හි අලුතින් සිට වන ලද වගා සඳහා මුල් වසර 3 ක් පමණ කාලය තුළදී ජලය සැපයීම වැදගත්ය. මෙය වර්ෂාපතන රටාව හා පසේ ස්වභාවය අනුව තීරණය වේ.
තද වියළි කාලයක් පවතී නම් ගෙඩි හට ගන්නා ගස්වලට මල් හට ගැනීනේ පසු සිට ඵල මේරීම දක්වා සහ දළු ඇතිවීමේ සිට පත්‍ර මේරීම දක්වා ජල සම්පාදනය කළ යුතුය. නමුත් පත්‍ර මේරීමෙන් පසු මල් හට ගන්නා අවස්ථා තෙක් ගස්වලට ජලය සැපයීම සිදු නොකළ යුතුය.
එයට හේතුව අඹ ගසේ මල් ඇතිවීම උත්තේජනයට වියළි කාලයක් අවශ්‍යවීමයි. එම කාලය තුළ ජලය සැපයුවහොත් මල් ඇති වීම අඩු වීම හෝ මල් ඇති නොවීම සිදු විය හැකිය.
ඉහත කි්රයාවන් නිසි ලෙස අනුගමනය කිරීම සහ රෝග හා පළිබෝධ හානි ඇති වුවහොත් ඒවා නිසි ලෙස මර්දනය කිරීම මගින් ගුණාත්මයෙන් වැඩි ඉහළ අඹ අස්වැන්න ලබා ගත හැකි ය.
No comments:
Post a Comment