බටඅත ගොවිපළේ ඉස්සර කාලේ වී
බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානය පිහිටුවීමේ ප‍්‍රධාන අරමුණු අතර පැරැණි බෝග සංරක්ෂණය කිරීම හා එම බෝග ජනතාවට දැක බලා ගැනීමට සැලැස්වීම ප‍්‍රධාන වේ. එම අරමුණු මුදුන් පමුණුවා ගනිමින් සාම්ප‍්‍රදායික ක‍්‍රමයට වපුරනු ලබන කුඹුරක් බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී දැකගත හැකි ය.
එහි ක‍්‍රමානුකූලව වගා කර තිබෙන්නේ කැලෑවල වැඩෙන වන වී වර්ග වැඩි දියුණු කළ වී ප‍්‍රභේද සහ නව දෙමුහුම් වී වර්ගයි. එමෙන් ම වී වගාවේ නවීන තාක්ෂණික ක‍්‍රම වේදයන් ද මෙහිදී ආදර්ශනය කෙරේ.
ඕනෑම පාරිසරික තත්ත්වයකට මුහුණ දිය හැකි ඕනෑම පළිබෝධයකට ඔරොත්තු දෙන වී වර්ග රාශියක් එහිදී දැකගත හැකි ය. ඒ අතර ඌරු, වී, මඩකවාලු, සුවදැල්, කළු හීනටි, ඇල් වී, කළු හන්දිරාන්, ගිරා වි, ගොඩහීනටි, රන්ඇල්, කිරි කරුපන්, දහ හැල්, සුදු මා දැල්, හෙල යල්, මුදුකිරිඇල්, හේරත්බණ්ඩා, පච්චපෙරුමාල්, සූදුරු සම්බා, දුරු බී, මඩ ඇල්, කොටකැකුළු, පොකුරු සම්බා, වැනි සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැසක් එහි සංරක්ෂණය කර තිබේ.
එමෙන් ම ඉහත ප‍්‍රභේදයන් වැඩි දියුණු කළ අවස්ථාවන්හි නිපදවා ගත් වී වර්ග රැසක් මෙහි දක්නට ලැබේ. ඒවා අතුරින් එච් 4 වර්ගය මුල්වරට වර්ග දෙකක් මුහුන් කොට මුල්වරට සොයා ගන්නා ලද ප‍්‍රභේදය බව පැවැසේ.
එලෙස පැරැණි වී වර්ග මුහුන් කිරීමෙන් නිපදවා ගන්නා ලද වී වර්ග අතර බී.ජී. 250, ඒ ටී 303, බී ඩබ්ලිව් 272/60, බී.ජී. 356, ඒ ටී 306, ඒ ටී 304, බීජී 301, බීජී 301, බීජී 359, බීජී 359, බීජී 360, බීජී 352, බීජී 358, බීජී 351, වැනි මුල් කාලීන වී වර්ග රැසක් බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ දැකගත හැකි ය.
ඊට අමතරව වර්තමානයේ වැඩි දියුණු කරන ලද ප‍්‍රභේදයන් රැසක් දැකගත හැකි ය.
උපදෙස්
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ පලතුරු අංශයේ පර්යේෂණ නිලධාරිනි
ඊ. ආර්. එස්. පී. එදිරිමාන්න
අලබෝග සහ මල් පර්යේෂණ අංශයේ ප‍්‍රධානී
කේ.පී.යූ.ද සිල්වා
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ පලතුරු අංශයේ පර්යේෂණ නිලධාරිනි
ඊ. ආර්. එස්. පී. එදිරිමාන්න
අලබෝග සහ මල් පර්යේෂණ අංශයේ ප‍්‍රධානී
කේ.පී.යූ.ද සිල්වා
No comments:
Post a Comment