ඔබ කළු හා සුදු පාට තක්කාලි දැක තිබෙනවාද?
එකක් බ්‍රිතාන්‍ය පවුම් 12.99ක් බැගින් වූ මුදලකට අලෙවි කෙරෙන මෙම දෙමුහුන් තක්කාලි පැළ වගා කිරීමට සුදුසුම කාලය ලෙස සැලකෙන්නේ මැයි මාසයයි. එවිට පළමු පලදාව ජූලි හා ඔක්තෝබර් අතර කාලයේදී ලබා ගැනීමට හැක. කළුවට හුරු තද පැහැ තක්කාලි විශේෂ ගණනාවක් තිබුණද ලොව ප්‍රථම සැබෑම කළු පැහැති තක්කාලි ප්‍රභේදය ලෙස සැලකෙන ඉන්ඩිගෝ රෝස් තක්කාලි මඳක් දැවිල්ල රසයකින් යුතු වන අතර ක්‍රීම් ස්වභාවයකින් යුතු සුදු පැහැ චෙරි තක්කාලි වර්ගය දිව පිනවන පැණි රසකින් යුක්තය.
කෙසේ වුවද මේ දෙවර්ගය අතරින් පෝෂණ ගුණයෙන් වඩාත් අනූන විශේෂය වන්නේ ඉන්ඩිගෝ රෝස්ය. ඒ එය දියවැඩියාව හා තරබාරුවට එරෙහිව සටන් කරන ඇන්ටිඔක්සිඩන්ට් වර්ගයක් වන ඇන්තොසයනින් බහුලව අඩංගු වන දම් පැහැ තක්කාලි ප්‍රභේදයක් ඇසුරින් නිපදවා ගන්නා ලද්දක් නිසයි. ළපටි අවධියේදී සෙසු තක්කාලි විශේෂ මෙන් කොළ පැහැයෙන් දිස් වන ඉන්ඩිගෝ රෝස් හොඳින් වැඩුණු පසු කළු පැහැයට හැරෙන්නේ හිරු එළිය ඒ මත පතිත වීමත් සමග බව කියැවේ.
No comments:
Post a Comment