රටකජු පත්‍ර මත රිදී ඉරි පත්‍ර කණින්නාගේ වැඩක්
වියළි කලාපයේ සරු ලෙස වගා කළ හැකි රට කජු, තනි වගාවක් ලෙස මෙන් ම මිශ්‍ර වගාවක් ලෙස වගා කිරීමට හැකියාව තිබේ.
හොඳින් ජලය වහනය වන වැලි පස රටකජු වගාවට සුදුසු ය.
බිම් සැකසීමේදී වරක් හෝ දෙවරක් ගැඹුරට බිම කොටා පස් කැට පොඩිකර ගත යුතු ය.
වැඩි පාංශු තෙතමනය ඇතිවිට බීජ පැළවීම දුර්වල වීමට ඇති ඉඩ වැඩිය. මේ නිසා ජලය යෙදීමේදී කල්පනා කාරී විය යුතු ය.
අපේර්ල් මාසයේදීත් ඔක්තෝබර් මාසයේ මැද සිට අවසානය දක්වාත් සිටුවීමේ කාලය වන අතර සිටුවීමේදී පසේ තෙතමනය තිබීම ඉතා වැදගත් ය. අස්වැන්න කාලයේදී තද වර්ෂාව සුදුසු නැත.
සිටුවා සති තුනේදී පැළයේ මුලට පස් එකතු කිරීම සිදු කළ යුතු ය.
ජලය වැදගත් වන්නේ රටකජු වල මල් පිපෙන කාලයට හා කරල් අවදියට ය.
සති තුනේදී හා සති හයේ දී වල් නෙලීම කළ යුතු ය. ඉන්පසු අවශ්‍යතාව පරිදි වල් නෙළීමට වගබලාගන්න.
කුඩා කාලයේදී වගාව ආරක්ෂා කර ගැනීමට කල්පනාකාරී විය යුතු ය.
වල් පැළ ගැන මෙන් ම ඔබ උනන්දු වියයුතු ඊළඟ කරුණ නම් රතු කෙඳි දළඹුවා සහ පත්‍ර කනින්නාගේ හානිය පිළිබඳවය.
රතු කෙඳි දළඹුවා පත්‍ර මත දී ඔබට දැක ගත හැකි ය. පාලනය කිරීමට නම් දළඹුවා හා බිත්තර විනාශ කිරීමට කෘමි නාශක යෙදීම කළ යුතු ය.
පත්‍ර මත රිදී පැහැති අක්‍රමවත් ඉරි දක්නට ලැබේ නම් පත්‍ර කනින්නා ගේ රටකජු වගාවට හානි කිරීමට පටන්ගෙන එළඹ ඇති බව පැහැදිලි ය.
කෘමි හානිය වැඩි වූ විට කෘමි නාශක ඉසීමෙන් හානිය පාලනය කළ හැකි ය.
පූර්ව පත්‍ර පුල්ලි රෝගය රටකජු වගාවට ඇතිවන්නේ දිලීරයක් හේතුවෙනි. පත්‍රයේ උඩු පැත්තේ හා යටි පැත්තේ දුඹුරු පුල්ලි ඇති වී තිබේ නම් එය පූර්ව පත්‍ර පුල්ලි රෝගයයි.
රෝගී ශාක ඉවත් කිරීම, වල් පැළෑටි පාලනය, බෝග මාරුව මගින් ද සුදුසු දිලීර නාශකයක් ඉසීමෙන් ද රෝගය මර්දනය කළ හැකි ය.
යටි පැත්තේ කළුපුල්ලි ඇතිවීමෙන් පශ්චිම පත්‍ර පුල්ලි රෝගය ඇතිවේ. මෙහිද හානිය වැඩිවෙන බව පෙනේ නම් දිලීර නාශකයක් යොදන්න.
පත්‍ර මැලවීමත්, අක්‍රමවත් දුඹුරු පැහැති ලප තිබීමත් සදර්න් අංගමාර රෝගයේ ලක්ෂණ වේ.
රෝගී පැළ ඉවත් කර දිලීර නාශක යෙදීම මගින් රෝගය පාලනය කළ හැකි ය.
රට කජු වගාවට වැළඳෙන තවත් රෝගී තත්ත්වයක් මලකඩ රෝගය, පත්‍ර ක්‍රමයෙන් වියළී ගොස් මිය යාම, පත්‍ර මත තැඹිලි පාට බිබිලි තිබීම මේ රෝගයේ ලක්ෂණයයි. රෝගය වැඩිපුර පැතිරෙන විට දිලීර නාශක යොදන්න.
අංකුර මිය යාමේ රෝගය ප්‍රබල රෝගයකි. හරිත වර්ණ ලප පත්‍ර මත දිස්වීම ක්‍රමයෙන් වියළී මිය යාම, ශාක කුරුවීම ඇතිවේ.
පත්‍ර විකෘතිය හා පත්‍ර විචිත්‍ර වීම මෙහි රෝග ලක්ෂණයකි. රෝගය ගෙන යන කූඩිත්තා පාලනය කිරීමට ඔබ උත්සාහ ගත යුතු ය.
No comments:
Post a Comment