Thursday, January 8, 2015

උස ගස්වලට බෙහෙත් ඉසින්නේ මෙහෙමයි



උස ගස්වලට බෙහෙත් ඉසින්නේ මෙහෙමයි




කෘෂිකාර්මික කටයුතුවලදී පළිබෝධ නාශක බෙහෙත් ඉසීමට ඉසින යන්ත‍්‍ර සුලභව භාවිතා වේ. අඹ, රඹුටන්, දූරියන්, අලිපේර වැනි උසට වැවෙන වගාවලට යම් යම් අවස්ථාවලදී පළිබෝධනාශක යෙදිය යුතු වේ. එසේ උස ගස් වලට පළිබෝධනාශක යෙදීමේදී යම් යම් අවහිරතාවලට මුහුණ පෑමට සිදුවේ.
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය උස ගස්වලට බෙහෙත් ඉස ගැනීමට දැනට භාවිත වන අත් ඉසිනය සරල ක‍්‍රමයකින් පරිවර්තනය කර සාර්ථකව ක්ෂේත‍්‍රයේ යොදමින් පවතී.
ඒ සඳහා අවශ්‍ය මේවායි.
. උසගසකට සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන උස ප‍්‍රමාණයට සරිලන මි. මී. 12 විනිවිද පෙනෙන පොලිතින් බටයක්.
. මි. මී. 12 ක් පමණ වූ හෝස් ක්ලිප්ස් එකක්.
. අවශ්‍ය උස ප‍්‍රමාණයට සකස් කර ගන්නා ලද රිටක් හෝ සැහැල්ලු බට දණ්ඩක්.
මුලින් කළ යුත්තේ ස්පෙ‍්‍ර් යන්ත‍්‍රයේ නොසල සවිවන ස්පෙ‍්‍ර් බටය ගලවා හරි මැදින් දෙකට වෙන් වන ලෙස කපා ගත යුතුය. අගට මි. මී. 12 ප්ලාස්ටික් බටයේ එක් කෙළවරක් සවි කර නොගැලවෙන පරිදි හෝස් ක්ලිප් දෙකක් මගින් හොඳින් තද කරන්න. එසේ බටය සවිවන කොටස පීරකින් පිරිමැද එහි ඇති මටසිලිටු බව ඉවත් කරන්න. ස්පෙ‍්‍ර් ටැංකිය ජලයෙන් පුරවා නියමිත පරිදි කි‍්‍රයා කර බලන්න. එසේ කි‍්‍රයා කරන විට ජලය කාන්දු වීම් ඇත්නම් ඒ සියලු තැන් හොඳින් තද කරන්න.
පරීක්ෂා කිරීමෙන් පසු භාවිතයට ගත හැකිය.
මේ ආකාරයට ස්පෙ‍්‍ර් යන්ත‍්‍රවලින් පළිබෝධනාශක ඉසීම සිදුවන්නේ යන්ත‍්‍රය කි‍්‍රයා කරවනු ලබන පුද්ගලයාට වඩා ඉහළින් නිසා පළිබෝධ නාශක කි‍්‍රයාකරුවන්ගේ ශරීරය මතට වැටීමේ ප‍්‍රවණතාවය ඉතා අධිකය. එබැවින් ආරක්ෂක ඇඳුම් කට්ටලයක් ඇඳිය යුතුය.

No comments:

Post a Comment