වැඩි අතු කප්පාදු කිරීමෙන් හොඳ පලදාවක් ලබාගත
හැකියි
එළවළුවක් මෙන් ම ප්‍රණීත පළතුරක් ද වන කොස් අතීතයේ සිටම අප රටේ ආහාරයට ගත් බව සඳහන් වේ. විවිධාකාරයෙන් පිළියෙළ කළ හැකි නිසා (පොළොස් මැල්ලුම හා ඇඹුල කිරි කොස්, කොස් ඇට) මෙන් ම දැව සඳහා ද අගනා බැවින් කොස් ගස ඉතා වැදගත් වේ.
කොස් විවිධ දේශගුණික කලාප තුළ වගා කළ හැකි ය. වැඩීම සඳහා මහා ජලවහනයක් සහිත ගැඹුරු පසක් යෝග්‍යය. වැඩිපුරම තෙත් කලාපයේ වගා කළත් අන්තර් හා වියළි කලාපවල ද වගා කළ හැකි ය. එහෙත් කොස් දැඩි නියගයට ඔරොත්තු නොදෙන ශාකයකි.
කොස් ශාකයේ නිර්දේශිත ප්‍රභේද තිබේ. ඒවාට ආවේණික විශේෂ ලක්ෂණ තිබේ.
කොත්මලේ තැබිලි
කහ පැහැති මදුළු ප්‍රණීතය. කොහොල්ලා අඩුය. ගෙඩිය තුළ බීජ පැලවීම අඩුයි. ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 8 - 10 පමණ වේ.
ෆාදර්
විශාල තද කහ පැහැති මදුළු ප්‍රණීතය. ගෙඩිය තුළ බීජ පැලවීම වැඩිය. ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 10 - 15 පමණ වේ.
මහරගම
තැඹිලි - කහ පැහැති මදුලු ප්‍රණීතය. ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 10 - 15 පමණ වේ.
නිරෝසා
විශාල තැබිලි - කහ පැහැති මදුළු ප්‍රණීතය.
රෝස
සිබිඩ්ඩ රෝස පැහැතිය. ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 8 – 10 පමණ වේ.
මන්ඩුර්
විශාල කහ පැහැති මදුලු ප්‍රණීතය ගෙඩිය තුළ බීජ පැලවීම අඩුය. ගෙඩියක සාමාන්‍ය බර කිලෝ 8 - 10 පමණ වේ.
කොස් පැළය සිටුවීමට ගෙවත්තේ සුදුසු ස්ථානයක් තෝරා අඩි2 ය 2 ය 2 වලක් කපන්න.
මතුපිට පස් සමඟ කාබනික පොහොර කූඩ 3 ක් බැගින් හොඳින් මිශ්‍රකර වලවල් පුරවා ගත යුතු ය. පැළය සිටුවීමේ දී පස් කුට්ටිය ඉතිරි නොයන පරිදි පොලිතින් බෑගය සෙමෙන් ඉවත් කොට පස් මුදුන් කොට වලෙහි සිටුවීම කරන්න. පැළ සිටුවීම වර්ෂා කාලයේදී කිරීම වඩා සුදුසු ය.
සිටුවීමෙන් පසු පැළයට සෙවණ ලබාදීම අවශ්‍යය. ග්‍රාහකයෙන් එන රිකිලි ඉවත් කර දමන්න.
නියමිත කාලයේ ගෙඩි හට ගැනීමටත් උසස් ඵලදාවක් ලබා ගැනීමටත් රසායනික පොහොර යෙදීම සුදුසු වේ. විශේෂයෙන් සෝදා පාළුවට ලක්වූ ඉඩම්වලට පොහොර යෙදීම අත්‍යවශ්‍යය.
වර්ෂා කාලය ආරම්භයේදී හෝ තද වැසි අවසන් වූ විට පොහොර යොදන්න. මීට අමතරව හැකි සෑම අවස්ථාවකදීම කප්පාදුවක් අවශ්‍යය. මැරුණු අතු දිය රිකිලි එකින් එක මුවා වූ අතු සහ පොළොව මත ගැටුණු අතු ඉවත් කළ යුතු ය.
අඩි 15 - 20 ට වඩා උසට යන අතු ද කපා දැමීමෙන් ගස නඩත්තුවට පහසුවේ. කප්පාදුවේදි ආනතව කපා කැපුම් තලවල දිලීර නාශක සහිත ආලේපයන් තැවැරීම (කන්ඩසාන්) රෝග කාරකවලින් ආරක්ෂාවට හේතුවේ. හොඳින් කප්පාදු කිරීමෙන් අස්වනු නෙළීම පහසු වේ.
ගසේ අතු විහිදී ඇති භූමි ප්‍රදේශයේ ඇති වල් පැළෑටි පාලනය කිරීම අවශ්‍ය වේ. ඉතිරි භූමි ප්‍රමාණයේ තණ කොළ විසි කැතිවලින් ගසා දැමීමෙන් වල් පැළ පාලනය කළ යුතු ය. එම තණ කොළ කදට අඩියක් පමණ දුරකින් ගස වටා වසුනක් ලෙස යොදන්න.
බද්ධ පැළ ක්ෂේත්රයේ සිටුවා පළමු අවුරුදු 2 - 3 වසුන් දැමිය යුතු ය. වසුන් යෙදීමෙන් පසු වියළීම හැකි තරම් වළක්වා ගත හැකි ය. එහෙත් ජලය රැඳී තිබීම කොස් පැළයට අහිතකර වේ.
බද්ධ පැළ සිටුවා පළමු අවුරුදු 2 - 3 දක්වා ඇති විය හැකි දිගු වියළි කාලයන්හිදී ජල සැපයුම කළ යුතු වේ.
කොස් ගස රෝගවලින් බේරාගත යුතු ය.
ඇන්ත්රැක්ෆෝස් දිලීරය
අංකුර මැරීයාම, පත්‍රවල හා ගෙඩි වල පුල්ලි ඇතිවීම ලක්ෂණ වේ. ආසාදිත කොටස් විනාශ කර දිලීර නාශක ඉසින්න.
අංකුර හා ගෙඩි සිදුරු කරන කෘමියා
ගෙඩිය සිදුරු කර මදය ආහාරයට ගනී. සිදුරුවල අපද්‍රව්‍ය පිරී ඇත. එම කෘමියා මර්දනය සඳහා හානි වූ කොටස් විනාශ කළ යුතු ය.
පොත්ත සිදුරු කරන්නා
පොත්ත සිදුරු සාදමින් කා දමන නිසා ගස් මුල ලී කුඩු වැනි ද්‍රව්‍ය එකතු වේ. ගස් මැරී යාමට හැකි නිසා එවැනි සිදුරු වල සිටින පණුවන් විනාශ කළ යුතු ය.
අවුරුදු 3 - 4 කදී ගෙඩි ලබාගත හැකිය. නමුත් සාර්ථකව අස්වනු ලැබෙනුයේ අවුරුදු 6 - 8 පමණ දී ය. පළමුව ගෙඩි 3 - 4 පමණ හට ගනී. අවුරුද්දේ ප්‍රධාන කොස්වාර වන මාර්තු - ජූනි සහ නොවැම්බර් ජනවාරි මාසවල කොස් හට ගනී.
කොස් ගෙඩියක් හොඳීන් මෝරා ඇති විට ගෙඩියේ ආවරණය කහ කොළ පාටට දිස් වීම කටු හොඳින් තිබීම, පත්‍ර නටුව අසල අවසාන පත්‍රය හොඳින් විසිරී තිබීම, පත්‍ර නටුව අසල අවසාන පත්‍රය කහ පැහැයට හැරීම වැනි කරුණු සලකා බැලිය යුතු ය.
මේරූ ගෙඩි වැඩි කාලයක් එලෙසම තබා ගත නොහැකි ය. කොස් කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස වියළීම කළ හැකි ය.
No comments:
Post a Comment