දෙළුම් ගසේ හැම කොටසකම ඖෂධීය ගුණ
දෙළුම් වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශ වන මන්නාරම හා හම්බන්තොට ය. වියළි කලාපය ද සුදුසු වේ. අධික ආර්ද්‍රතාව ඇති විට හෝ වර්ෂා කාලයේ දී දෙළුම් ගස රෝගවලට ගොදුරු වේ. තෙත් කලාපයේදී ගෙඩි කුණු වීම අධිකය.
පානයේ ස්වභාවික කෘමි නාශක සෑදීමේදී දෙළුම් පොතු භාවිතා කරයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2001 වර්ෂයේදී නිමාලි, දයා නයන යන දෙළුම් ප‍්‍රභේද තුන නිර්දේශ කර ඇති අතර ඒවායේ විශේෂ ලක්ෂණ පහත සඳහන් වේ.
නිමාලි
මෙහි ගෙඩිය මධ්‍යම ප‍්‍රමාණයේ වන අතර පොත්ත කහ පාට ය. දේශීය වර්ගවලට වඩා පොත්ත තුනී ය. ගෙඩියේ පල්පය ළා රෝස පැහැති ය. බීජ කුඩා වන අතර මෘදු ය. දේශීය වර්ගවලට වඩා යුෂ වැඩි වන අතර පැණි රසයෙන් ද වැඩිය.
දයා
මෙහි ඵලය ද මධ්‍යම ප‍්‍රමාණයේ වන අතර පොත්ත කහ පාටය දේශීය වර්ගවලට වඩා පොත්ත තුනීය. පල්පය නිමාලි වර්ගයට වඩා පැහැයෙන් අඩු ය. බීජ කුඩා වන අතර මෘදු ය. දේශීය වර්ගවලට වඩා යුෂ වැඩිය. පැණි රසයෙන් ද වැඩි ය.
නයන
ගෙඩිය මධ්‍යම ප‍්‍රමාණයේ වන අතර පොත්ත ළා රෝස පාටට හුරු ය. ගෙඩියේ පොත්ත තුනීය. පල්පය අනෙක් වර්ගවලට වඩා රෝස පාටය. බීජ තද බවින් යුක්තය.
ඉහත ප‍්‍රභේදවල විශේෂ ලක්ෂණ
නිමාලි ප‍්‍රභේදයේ බීජ මෘදු ය, දේශීය වර්ගවලට වඩා පොත්ත තුනී ය. පැණි රසය, යුෂ වැඩිය. පල්පය ළා රෝස පාට ය. අස්වැන්න වසරකට එක් ගසකින් 30 - 50 අතර ලබාගත හැකි ය.
දයා ප‍්‍රභේදයේ බීජ මෘදු ය. දේශීය වර්ගවලට වඩා පොත්ත තුනීය, පැණි රසය, යුෂ වැඩිය, පල්පය නිමාලි ප‍්‍රභේදයට වඩා ළා රෝස පාට ය, ගෙඩි 30 - 50 අතර ගසකින් වර්ෂයකට ලබාගත හැකි ය. නයන වර්ගයෙහි බීජ තද ය, පොත්ත රෝස පාට ය. ගසේ වර්ධනය වැඩි ය, කදේ කටු වැඩි ය, ගෙඩි වර්ෂයකට 30 - 50 ලබාගත හැකි ය.
දෙළුම් පැල ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන වන මාකදුර, ගෝනවිල (වයඹ) ලබාගත හැකි ය. කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානවලින් ද ලබාගත හැකි ය.
No comments:
Post a Comment