වතුර මදි නම් අලේ පොඩියි
ඕනෑම දේශගුණික තත්ත්වයක වගා කළ හැකි කැරට් වඩාත් යෝග්‍ය වන්නේ සීතල දේශගුණයක් ඇති ප‍්‍රදේශවලටය. ඔබ උඩරට ජීවත්වන්නකු නම් කිසිදු ගැටලුවකින් තොරව කැරට් වගා කළ හැකිය. හොඳින් ජලය බැස යන වියළි පසක් කැරට් වගාවට යෝග්‍ය වේ.
පාත්ති සැකසීමේදී පස්, කුඩා කැට සිටින සේ හොඳින් පොඩි කළ යුතුය. කැට කරගත් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න. බීජ දැමීමේදී පේළි ක‍්‍රමයකට බීජ දැමිය යුතුය. එසේ කිරීමෙන් වල් පැළෑටි මර්දනය පහසුවේ. මතුපිට පොහොර යෙදීමට පෙර අතින් වල් ගැලවීම කළයුතුය. නැතිනම් වල්නාශකයක් ඉසින්න. දිගින් දිගට වල් මර්දනය නිසා වගාවට යහපත ඇතිවේ.
බීජ පැලවී දින කීපයක් යනතුරු දිනපතා ජලය යෙදිය යුතුය. අඩු ජල සම්පාදනය අස්වනු අඩු කිරීමට හේතු වෙයි. මේ නිසා නිරන්තර ජල සම්පාදනයක් තිබීම වැදගත්ය.
අස්වනු නෙළීමෙන් පසුව වුවද අනෙකුත් අලවලට පවා ව්‍යාප්ත විය හැකි බැක්ටීරියා කුණුවීම නිසා අප‍්‍රසන්න දුඟඳක් ඇතිවේ.
කැරට් වගාවට හානිකරන මයිටාවන් හා කූඩිත්තන් බහුලව දැකිය හැකිය. මේ සඳහා සල්ෆර් හෝ ඇන්තියෝ වැනි කෘමිනාශක යෙදිය හැකිය.
මාස 3ක් හෝ 3 1/2ක් ගතවූ පසු අස්වනු නෙළා ගත හැකිය. අල නොතැළෙන පරිදි අස්වැන්න නෙළාගත යුතුය. නැවුම් ආකාරයට කැරට් කල්තබාගැනීමට නම් අස්වනු නෙළීමේදී අත් සබන් ගා පිරිසුදු කරගෙන කාර්යය ඇරැඹිය යුතුය. නොඑසේනම් අත්වැසුම් පැළඳීම වඩාත් සුදුසුය.
No comments:
Post a Comment