Wednesday, January 7, 2015

තට්ටු නිවැසියන්ට හයිඩ්‍රොපොනික් ක‍්‍රමයට ගෙවත්තක්



තට්ටු නිවැසියන්ට හයිඩ්‍රොපොනික් ක‍්‍රමයට ගෙවත්තක්


ගෙවතු වගාවට බොහෝ දෙනෙක් යොමුවී සිටිති. වගා කිරීම සඳහා භූමියක් හා පස් ලබා ගැනීමට අපහසුවී තිබේ. ඔබ තට්ටු නිවාසයක ජීවත්වේ නම් ඔබට ගැටලුවක් ඇතිවේ. ඔවුනට හයිඩ්‍රොපොනික් ක‍්‍රමය අනුව වගා කළ හැකිය.
රිජිෆෝම් පෙට්ටි පියනේ සිදුරු කපාගත් පසු
හයිඩ්‍රොපොනික් ක‍්‍රමය අනුව වගා කළ කංකුන්
පියන සහිත උස නැති රිජිෆෝම් පෙට්ටියක් ගන්න. ඒ පෙට්ටිය ඇතුළත කට් පොලිතීනයකින් ආවරණය කර නොගැලවෙන සේ සෙලෝටේප් යොදන්න.
ඒ තුළට ඇල්බට් ද්‍රවණය යොදන්න. ඇල්බට් ද්‍රාවණයේ මිලිලීටර 40 කට ජලය ලීටරයක් වන පරිදි මිශ‍්‍ර කරන්න. රිජිෆෝම් පෙට්ටියේ පියනේ බීම බොන ප්ලාස්ටික් කෝප්ප රැඳවිය හැකි පරිදි සිදුරු 6 ක් කපාගන්න.
මතක තබා ගන්න. ප්ලාස්ටික් කෝප්ප වටේට සිදුරු කරගත යුතුයි.
සිදුරු කරගත් ප්ලාස්ටික් කෝප්පය
ඉන්පසු කෝප්වලට වෙන වෙනම, බාගෙට පිළිස්සුණු දහයියා, කොහුබත්, සිටුවන බෝගයට නිර්දේශිත පොහොර ජලයේ දියකර දමන්න.
ඉන්පසු මේ කෝප්පවලට බීජ දමා කෝප්ප හයම රිජිෆෝම් පෙට්ටි පියන මත වන සිදුරුවල තැන්පත්කර ලී පියනකින් වසන්න.
බීජය පැළැවී වැඩෙද්දි ලී පියන ඉවත් කළ යුතු අතර පැළය කුඩා කාලයේ දැඩි හිරු එළිය නුසුදුසුය.
බෝගයේ මූල මණ්ඩලය ගෑවෙන තරමට ඇල්බට් ද්‍රවණය රිජිෆෝම් පෙට්ටියේ පුරවා තැබිය යුතුයි.
මාස 1 1/2 ක් තුළ සලාද, ගොටුකොළ, මුකුණුවැන්න වවන්නේ නම් ඇල්බට් ද්‍රාවණය මාරුකළ යුතු නැත. එහෙත් මේ ක‍්‍රමයට තක්කාලි, මිරිස් වගා කරන්නේ නම් බෝගයෙන් බෝගයට ද්‍රාවණය මාරු කළ යුතුය.

No comments:

Post a Comment