පළිබෝධ මර්දනයට කොහොඹ ඇට
කොහොඹ ගස අතීතයේ පටන් අප හොඳින් දන්නා පළිබෝධ නාශක හා ඖෂධීය ගුණයක් ඇති දේශීය ශාකයකි.
සාමාන්‍යයෙන් මීටර් 25 ක් පමණ උසට වැඩෙන කොහොඹ ගස බහුලව දක්නට ලැබෙන්නේ ශී‍්‍ර ලංකාවේ පහතරට වියළි කලාපයේ හා අතරමැදි කලාපවලයි. තෙත් කලාපයේ ද කොහොඹ ගස වගා කළ හැකි වුවත් ඵල හට ගන්නේ වියලි සහ අතරමැදි කාලවලය.
කොහොඹ ගසේ සෑම කොටසක්ම පළිබෝධ නාශක හැකියාව පවතින නමුත් පළිබෝධ නාශක හැකියාව වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ඇටවලය. කොහොඹ ගසේ මාර්තු හා මැයි කාලවලදී මල් හට ගන්නා අතර අගෝස්තු හා ඔක්තෝබර් මාසවලදී ගෙඩි ලබා ගත හැකිය.
කොහොඹ ඇට ලබා ගැනීමට කොහොඹ ගෙඩියේ ඇටවල මාංසල කොටස සෝදා මද අව්වේ වියළා සිසිල් වාතාශ‍්‍රය සහිත ස්ථානයක හිරු එළියට නිරාවරණය නොවන සේ ගබඩා කළ යුතුය. එලෙස ගබඩා කිරීමෙන් අහිතකර දිලීර වර්ධනය අවම කර ඇටවල කි‍්‍රයාකාරි ද්‍රව්‍ය වැඩි කාලයක් ආරක්‍ෂා කරගත හැකිය. ගබඩා කාලය වර්ෂයකට අඩුවිය යුතුය.
කොහොඹ ඇටවල කි‍්‍රයාකාරි රසායනික සංයෝග 200 කට වැඩි ප‍්‍රමාණයක් දැනට සොයාගෙන තිබේ. ඒවා අතුරින් වැඩි කි‍්‍රයාකාරිත්වයක් ඇත්තේ ඇසචිරුක්ටීන් නම් සංයෝගය.
කොහොඹ ඇට ජල නිස්සාරකය විශේෂ 192 කට අයත් කෘමි පලිබෝධකයන් පාලනය කිරීම සඳහා සාර්ථකව යොදා ගත හැකිය. අප බහුලව වගා කරන බෝග වර්ග කිහිපයකට හානි කරන පහත සඳහන් පළිබෝධකයින් කොහොඹ ජල නිස්සාරකය මගින් සාර්ථකව පාලනය කළ හැකි බව පර්යේෂණවලින් සනාත වී තිබේ.
ගෝවා වගාවේ දියමන්ති පිට සහිත සලබයා, ලුපර් දළඹුවා, ගෙඩි විදින දළඹුවා.
බටු ශාකයේ පත‍්‍ර කනින්නා පත‍්‍ර කීඩෑවෝ කරටි හා ගෙඩි විදින දළඹුවන්, කොළ කන කුරුමිණියන් ද මයිටාවන්ගෙන් වන හානිද, බෝංචි ගසේ පත‍්‍ර කීඩෑවා, පැල මැක්කන් බෝංචි මැස්සා, කරල් විදින දළඹුවන්, මයිටාවන් ද, තක්කාලි ශාකයේ පත‍්‍ර කනින්නන්, ගෙඩිවිදින දළඹුවන් පැළ මැක්කන් ද විසිතුරු මල්වල පත‍්‍ර කනින්නන්, පැළ මැක්කන්, පත‍්‍ර කූඩිත්තන් යන පළිබෝධනයන් මර්දනයට කොහොඹ ඇට ජල නිස්සාරය යොදා ගත හැකිය.
කොහොඹ ඇට ජල නිස්සාරකය සාදා ගන්නා ආකාරය
පිරිසුදු කොහොඹ ඇට ග‍්‍රෑම් 40 ක් හොඳින් කොටා ජලය ලීටර් එකක් මිශ‍්‍ර කර පැය 12 - 24 පමණ අඳුරු ස්ථානයක තබා පසුවදා එම මිශ‍්‍රණය කිහිපවරක් මිරිකා පෙරා ගත යුතුය. පෙරණයට සබන් දියර ස්වල්පයක් මිශ‍්‍ර කර සවස් කාලයේ තද හිරු එළියට නිරාවරණය නොවන ලෙස සාමාන්‍ය ස්පේර් යන්ත‍්‍රයක් භාවිතයෙන් යෙදිය යුතුය. දින 07 - 10 කට වරක් ඉසීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගත හැකිය.
කුඩුකර ගන්නා ලද කොහොඹ ඇට ජලය සමඟ මිශ‍්‍ර කර පැය 12 කට වැඩි කාලයක් තැබීමෙන් ඇටවල පවතින රසායනික සංයෝග ජලය සමඟ මුසුවෙයි. සවස් කාලයේ ඉසීම කළ යුත්තේ අධික හිරු එළිය නිසා නිස්කාරණයේ ඇති රසායනික සංයෝග විනාශ වී යාම අවම කර ගැනීමටයි.
එසේම රාති‍්‍ර කාලයට ශාක පත‍්‍රවල පූරිකා සිදුරු සම්පූර්ණයෙන් විවෘතව පවතින නිසා ශාකසාරය ඉතා හොඳින් ශාකයට උරාගනී.
බෝග සඳහා මිශ‍්‍රණය ඉසීමේදී නිර්දේශිත සාන්ද්‍රණය යෙදීම වැදගත්ය. නියමිත කාල සීමාවට අනුව ජල නිස්සාරයකය ඉසීමෙන් පළිබෝධ හානි සාර්ථකව මර්දනය කළ හැකිය.
\ ජල නිස්සාරකයේ විෂ සහිත රසායනික ද්‍රව්‍යයන් අඩංගු නැති නිසා පෙර අස්වනු කාලය අනුගමනය කිරීම අවශ්‍ය නැත. මෙම ජල නිස්සාරකය යෙදීම ඉතා ආරක්‍ෂාකාරී පළිබෝධ මර්දන ක‍්‍රමයකි.
පළිබෝධක නාශකයන් ලෙස කොහොඹ ඇට භාවිතයේ දි සැමවිටම වර්ෂයකට අඩුවෙන් ගබඩාකර තැබූ අලුත් බීජ පමණක් භාවිතා කරන්න.
No comments:
Post a Comment