කැරොටින් වැඩි වට්ටක්කා
වට්ටක්කා ගෙඩිවල මාංශලය තැඹිලි පාට හෝ කහපාට වන අතර කැරොටීන් වැඩි ප්‍රමාණයක් අඩංගු බව එයින් පැහැදිලි වේ. වට්ටක්කා ඇට කිරි රසයෙන් පූර්ණ වෙන අතර පේර¤ටීන් ඛනිජ ලවණ වැඩි ප්‍රමාණයක් අඩංගුය.
වට්ටක්කා දළු මැල්ලුමක් ලෙස ආහාරයට ගනී. හීනියට ලියූ වට්ටක්කා රතු ලූණු දමා හැදූවිට හොඳ බැදුමකි.
ඔබේ ගෙවත්තේ වට්ටක්කා වැලක් වැවීමට ඔබ උනන්දු වුවහොත්, ඉන් ඔබට විශාල වාසියකි. රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දුන්නත්, අසල්වැසියන් සමඟ බීජ හුවමාරු කිරීමෙන් ද වගාකිරීමට හැකියාව තිබේ.
රෝගවලට ඔරොත්තු දෙන උසස් වර්ගයෙන් යුක්ත බීජ වගා කිරීම ඉතාම වැදගත්. පිපිඤ්ඤා විචිත්‍ර වෛරසයට ගොදුරු වුණොත් වට්ටක්කාවල අස්වැන්න අඩුවේ. ඒ නිසා බීජ සිටුවීමේ සිට අස්වැන්න නෙලීම දක්වා කාලය වගාව හොඳින් රැකබලා ගැනීම කළයුතුය.
බිම සකස් කිරීමේදී බිම කොටා පස පෙරළිය යුතුය. සමාන දුරකින් කුඩා වලවල් හාරා ඊට කාබනික පොහොර යොදා බීජ ඉන්දවීම කළ හැකිය. බීජ සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම මඟින් දිය මලන්්කෑම වැනි දිලීර රෝග වළක්වාගත හැකිය. මේ සඳහා කැප්ටාන් 80% ග්‍රෑම් 20ක් බීජ කි.ග්රෑ.10ක් සමඟ මිශ්‍ර කළ හැකිය. බීජ සිටුවීමට පෙර, තෙත්කළ රෙදි කැබැල්ලක හෝ ගෝනි කැබැල්ලක ඔතා සාමාන්‍ය අඳුරේ තැබිය යුතුය.
වට්ටක්කා සිටුවීමට ජලය හොඳින් බැස යන ලෝම පස වඩාත් සුදුසුය. බීජ පැළවී වැල් ඇදීම ආරම්භයේදී සිදුරු භාවිතා කර වසුනක් යෙදීම මඟින් ජලය ඉවත්වීම අඩුවෙන අතර වල්පැළෑටි මර්ධනයද සිදුවේ.
පත්‍රවල උඩ හා යටි පැත්තේ පිටි වැනි පුස් සහිත රෝගී පත්‍ර කෝෂයක ආකාරයට හැකිලේ. පත්‍ර මුලින් කහපැහැවී පසුව දුඹුරු පාටවී හැකිළී යයි.
ගොවි උපකරණ ආධාරයෙන් කූඩිත්තන්ගේ යුෂ හා බීජ මඟින් මේ රෝගය ව්‍යාප්ත වේ. වැළඳුණු පසු මර්ධනය කළ නොහැකිය. රෝගය අවම කිරීමට පහත ක්‍රම ඔබට අනුගමනය කළ හැකිය.
රෝගී ශාක දුටු විගස ගලවා පුළුස්සා දැමීමෙන්ද, වතු පාළු ග්ලිරිසීඩියා විනාශ කිරීමෙන්ද වගාව රැකගත හැකිය. වට්ටක්කා වගාවට ප්‍රධාන වශයෙන්ම හානි කරන්නේ ඉල් මැස්සාය. දුඹුරු වර්ණයෙන් හා තැඹිලිපාට ඉල්මැස්සා පාලනය කිරීමට හැකිවෙන්නේ වගාවේ පිරිසුදු බව ආරක්ෂා කිරීමෙනි. ගෙඩිය මත පිටිමය ස්වභාවයක් දිස්වෙන විට අස්වැන්න නෙළීම කළ යුතුය.
No comments:
Post a Comment