කෘමි හානි අඩුයි
ඔබත්, උඩරට ජීවත් වන්නෙකු නම් බීට් රූට් වගාව කිරීමේ හැකියාව ඔබට ඇත. හොඳින් ජලය බැස යන කාබනික පසක් බීට් රූට් වගාවට සුදුසුය. ඔබේ ගෙවත්තේම අඩියක් දෙකක් ගැඹුරට කොටා හාරා සකස්කරගත් උස් පාත්තිවල බීට්රූට් හිටුවිය හැකිය.
සති හයක් පමණ වයසැති බීජ පැළ සිටුවීම සඳහා යොදා ගන්න. සිටුවීමට දින දෙකකට පසු වළවල් වලට කාබනික පොහොර යොදන්න. පසේ ස්වභාවය අනුව තෙතමනය සැලකිල්ලට ගෙන දින තුනක් හතරක් ජලය සැපයිය යුතුය.
වල් පැළෑටි ඉවත්කිරීම සතියකට දෙවතාවක් සිදුකිරීම අවශ්‍ය වේ. වල්පැළ ඉවත් කිරීමෙන් පසු මතුපිටට පොහොර යෙදීම කළ යුතුය. බීට්රූට් වගාවට බරපතළ රෝග හෝ කෘමිහානි නැත.
කුඩා පැළවල කඳ කා දමන කියත් පණුවාගේ හානිය වලක්වා ගැනීමට නම් හොඳින් පස පෙරළීම කළ යුතුය. පත්‍ර කනින්නා ගෙන් සිදුවෙන හානිය ඉතාමත් දරුණුය. ශෂ්‍ය මාරු ක්‍රමය මගින් මේ තත්ත්වය මඟහරවා ගත හැකිය.
මෙයට අමතරව අධික ආර්ද්‍රතාවය හේතුවෙන් පත්‍ර පුල්ලි රෝගය ඇතිවේ. මේ රෝගය මර්දනය කිරීමට නිර්දේශිත දිලීර නාශක යොදන්න.
බීට්රූට් වගාවට දියමළ කෑමේ රෝගය ඇතිවිය හැකිය. පාත්ති සැකසීමේදීම ජීවානුහරණය කිරීමෙන් ඊට ගොදුරුවීමේ ප්‍රවණතාවය අඩුවේ.
No comments:
Post a Comment