ඕනෑම පළාතක ග‍්‍රැනඩිල්ලා වවන්න පුළුවන්
මේ නමින් ඔබ නොදන්නවාට යෝධ පැෂන් නම් දැනටමත් ඔබ දන්නවා ඇත. වගා කිරීමට විශේෂිත කලාපයක් නැති නිසා ඔබට ඔබේ ගෙවත්තේදී වුවද වගාකිරීමට හැකියාව තිබේ.
සාමාන්‍ය පැෂන් වර්ගවලට අමතරව මෙහි ඇති විශේෂත්වය ගනකම් පිට පොත්තක් තිබීමයි. පොත්තේ ජෙලටින් බහුලවීම නිසා ජෑම් සෑදීමට ද යොදා ගනී.
පලතුරක් ලෙසින්ද ලා ගෙඩි සලාදයක් ලෙසද ආහාරයට ගත හැකිය. ගෙඩි අමුවෙන් ව්‍යංජන සඳහා යොදාගනියි.
අඩි දෙකෙන් දෙකට වලවල් කපා මුලින්ම වලට කොම්පෝස් මිශ‍්‍රණය පුරවා ගන්න. ඉන්පසු ඊට වියළි ගොම යොදා ගන්න. නැවත පස් තට්ටුවක් දමා ග‍්‍රැනඩිල්ලා ශාකය සිටුවා ගන්න. මුල් කාලයේදී වතුර යෙදීම නොකඩවා කලයුතුය. පැළයේ සාරවත් බව වැඩිකර ගැනීමට මෙය බෙහෙවින් උපකාරී වේ.
ආරුක්කු හැඩයට වැල් යැවීමෙන් ගෙවත්ත අලංකාර කරගැනීමට හැකියාව ලැබේ. වැටක් දිගේ වුවද ග‍්‍රැනඩිල්ලා වැල යැවිය හැකි නිසා විශේෂිත තැන් සාදා ගැනීමට අවශ්‍යතාවයක් නැත.
No comments:
Post a Comment