Sunday, January 11, 2015

ආහාර හා පානීය ජලය අසූචි මගින් අපවිත්‍ර වීම: විද්‍යාත්මක පැහැදිලි කිරීමක්‌



ආහාර හා පානීය ජලය අසූචි මගින් අපවිත්‍ර වීම: විද්‍යාත්මක පැහැදිලි කිරීමක්‌

අසුචි මිශ්‍ර ආහාර අලෙවි කර ඒ බව හෙළිදරව් වීම නිසා ආපනශාලා මුද්‍රd තැබීම පුවත්පත්වල නිතර කියවන්නට ලැබෙන සිදුවීමකි. එවැනි ලිපියක්‌ කියවන ඔබ එම ආහාරවල තිබී මළ ද්‍රව්‍ය හමු වී ඇති බව ඉතා ම පිළිකුලෙන් සිතනු ඇත. ආහාරවලට අසූචි මිශ්‍ර වී තිබේ යෑයි කීමෙන් සත්‍ය වශයෙන් ම අදහස්‌ කෙරෙන්නේ කුමක්‌ ද?

මළ ද්‍රව්‍ය සමග තිබිය හැකි රෝගකාරක බැක්‌ටීරියා සහ වයිරස ආදිය මගින් ලෙඩ රෝග බෝ වන බව ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව නමැති විෂය මගින් පැහැදිලි කරනු ලැබේ. ක්‍ෂුද්‍ර ජීව විද්‍යාවේ නිර්නායකවලට අනුව ආහාරවලට අසූචි මිශ්‍ර වීම යනුවෙන් අදහස්‌ කෙරෙනුයේ එම ආහාරවල මළ ද්‍රව්‍ය තිබී හමු වීම නො වේ. සලාදයක, පිසූ ආහාරයක නැත හොත් බොන ජලයෙහි අසූචි බිඳක්‌ ඇති දැයි සොයාගැනීම ද එතරම් පහසු කාර්යයක්‌ නො වේ. එහෙත් ආහාර හෝ ජලය අසූචි මගින් අපවිත්‍ර වී තිබේ දැයි නිසැක ව ම දැනගැනීම සඳහා පහසු ක්‍රමයක්‌ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාවෙහි ඉගැන්වේ. ආහාර හෝ ජලය සමග මළ ද්‍රව්‍ය නො ව, ආහාර මාර්ගයෙහි බහුලව ජීවත් වෙමින් මළ ද්‍රව්‍ය සමග ලක්‌ෂ සංඛ්‍යාත්මක ව බැහැර වන එස්‌චෙරිචියා කෝලයි (
Escherichia coli) නමැති බැක්‌ටීරියාව තිබේ දැයි සොයාබැලීම එම ක්‍රමයයි. ඊ. කෝලයි (E.coli) යනුවෙන් කෙටියෙන් හඳුන්වනු ලබන එම බැක්‌ටීරියාව සැම පුද්ගලයකු ගේ ම අන්ත්‍රයෙහි බහුලව වෙසෙන රෝගකාරක නො වන සාමාන්‍ය බැක්‌ටීරියාවකි. අප රටෙහි පමණක්‌ නො ව ලොව පුරා පානීය ජලයෙහි සහ ආහාරවල ප්‍රමිතිය සොයා බලන පරීක්‌ෂණාගාරවල යොදාගන්නේ ඊ. කෝලයි තිබේ දැයි සොයාබැලීමේ එම ක්‍රමයයි. 

එස්‌චෙරිචියා කෝලයි බැක්‌ටීරියාව තිබීම යනු සාම්පලයක මළ ද්‍රව්‍ය මුසු වී ඇති බවට නිසැක සාක්‌ෂියක්‌ වන අතර එබැවින් ම එය දර්ශක ජීවියකු ලෙස හැඳින්වේ. යම් සාම්පලයක එම බැක්‌ටීරියාව තිබේ දැයි සොයාගන්නේ කෙසේ ද යන්නත් එහි වැදගත්කමත් මේ ලිපිය කියවූ පසු ඔබට හොඳින් වැටහෙනු ඇත.

මළ ද්‍රව්‍ය මගින් ආහාර හා පානීය ජලය අපවිත්‍ර වීමෙන් විය හැකි ප්‍රධාන ම හානිය කුමක්‌ ද? ආහාර මාර්ගය ආශ්‍රිත යම් ආසාදිත රෝගයකින් පෙළෙන පුද්ගලයකු ගේ මළ ද්‍රව්‍යවල එම රෝගකාරක විෂබීජ තිබෙන බව අපි දනිමු. එම විෂබීජ වනාහි බැක්‌ටීරියාවන්, වයිරස, දිලීර, ඇමීබා වැනි පරපෝෂී ප්රොටොසෝවාවන් සහ නෙමටොඩාවන් යන ජීවී කාණ්‌ඩවලට අයත් ජීවීහු වෙති. මළ සමඟ පරිසරයට එකතු වන මේ විෂබීජ ආහාර හා පානීය ජලය හරහා නීරෝගී පුද්ගලයන්ට ඇතුළු වීමේ අවදානමක්‌ ඇත. මළ ද්‍රව්‍යවලින් අපවිත්‍ර වූ පරිසරයක්‌ ඊට අමතරව මුත්‍රා මගින් ද අපවිත්‍ර වී තිබීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එහෙයින් ම, මළ මගින් අපවිත්‍ර වූ පරිසරයක මෞත්‍ර ලිංගික පද්ධතිය ආසාදනය කරන විෂබීජ ද තිබීමේ ඉඩක්‌ ඇත. 

මේ අනුව මළ ද්‍රව්‍ය සහ මුත්‍රා මගින් අපිරිසිදු වූ පරිසරයක එකකු නො ව පුළුල් පරාසයකට අයත් විවිධාකාර රෝගකාරක ජීවීන් සිටිය හැකි බව පැහැදිලි වේ. එසේ වුව ද ආහාර හෝ ජලයේ හෝ සිටීමට ඉඩ ඇතැයි සිතෙන විවිධාකාරයේ සියලු ම විෂබීජ මහත් රාශිය එකින් එක ඇති නැති බව තහවුරු කරගැනීම කල් ගත වන මෙන්ම ප්‍රායෝගික ව අපහසු කර්තව්‍යයකි. ඒ සඳහා ඇති පහසු මෙන්ම වඩාත් කාර්යක්‌ෂම ක්‍රමය වනුයේ ආහාර හා පානීය ජල සාම්පලවල රෝගකාරක විෂබීජ තිබේ ද නැද්ද පරීක්‌ෂා කිරීම වෙනුවට ඊ. කෝලයි නම් දර්ශක ජීවියා සිටී දැයි පරීක්‌ෂා කිරීම වේ. එම ජීවියා ආහාර හෝ පානීය ජලයේ සිටීමෙන් පැහැදිලි වන්නේ එම ආහාරය හෝ ජලය සමග මළ ද්‍රව්‍ය මුසු වීමක්‌ සිදු ව ඇති බව ය. 

සාම්පලයක ඊ. කෝලයි බැක්‌ටීරියාව ඇත් දැයි සොයාගන්නේ කෙසේ ද? බැක්‌ටීරියාවක්‌ යනු පියවි ඇසට නො පෙනෙන තරම් කුඩා ජීවියෙකි. අණ්‌වීක්‌ෂයකින් බැලූ විට යන්තමින් පෙනෙන නමුදු හරියට ම කුමන බැක්‌ටීරියාවක්‌ දැයි එමගින් හඳුනාගත නොහැකි ය. සාම්පලයක යම් බැක්‌ටීරියාවක්‌ ඇති දැයි සොයාගැනීමට බහුලව යොදාගන්නා විද්‍යාත්මක ප්‍රවේශය වන්නේ එම බැක්‌ටීරියාව එහි ඇති නම් පමණක්‌ පෙන්වන කුමක්‌ හෝ ගතිගුණයක්‌ සාම්පලය වෙතින් ප්‍රදර්ශනය වන්නේ දැයි පරීක්‌ෂා කිරීම ය. ඊ. කෝලයි නමැති බැක්‌ටීරියාවට ලැක්‌ටෝස්‌ නමැති සීනි වර්ගය මත යෑපීමේ හැකියාව ඇති බව ද එහි දී පරිසරයට අම්ල සහ වායු නිදහස්‌ කරන බව ද අපි දනිමු. එහෙයින් ලැක්‌ටෝස්‌ අඩංගු රෝපණ මාධ්‍යයකට ආහාරයකින් හෝ ජලයෙන් හෝ බිඳක්‌ එක්‌ කර පැය 24-48ක්‌ පමණ තැබූ විට අම්ල සහ වායු නිදහස්‌ වූයේ නම් එම ආහාරයෙහි හෝ ජලයෙහි ඊ. කෝලයි බැක්‌ටීරියාව තිබුණු බව අනුමාන කළ හැකි ය. පානීය ජලයෙහි සහ ආහාරවල ප්‍රමිතිය සොයාබලන පරීක්‌ෂණාගාරවල ඊ. කෝලයි තිබේ දැයි සොයාබැලීමට යොදාගන්නේ එම ක්‍රමයයි.

සාම්පලයක ඊ. කෝලයි ඇති බව එසේ අනුමාන කළ හැකි නමුදු, ඒ බව සැක හැර දැනගැනීමට නම් ඉහත කී පරීක්‌ෂණය ප්‍රමාණවත් නො වේ. මක්‌නිසා ද යත් ඊ. කෝලයි පමණක්‌ නො ව එම බැක්‌ටීරියාවට සමාන වෙනත් බැක්‌ටීරියා සමහරක්‌ ද ලැක්‌ටෝස්‌ මත එම ලක්‌ෂණ ම පෙන්වන බැවිනි. ඊ. කෝලයි බැක්‌ටීරියාව අයත් වන්නේ කෝලිෆොaම් නම් බැක්‌ටීරියා කාණ්‌ඩයට ය. කෝලිෆොaම් කාණ්‌ඩයේ බැක්‌ටීරියා සියල්ල ම ලැක්‌ටෝස්‌වලින් අම්ල සහ වායු නිදහස්‌ කිරීමෙහි සමත් වෙති. එහෙයින් ඉහත කී ලැක්‌ටෝස්‌ පරීක්‌ෂණයෙන් අපට දැනගත හැක්‌කේ කෝලිෆොaම් කාණ්‌ඩයේ කුමන හෝ බැක්‌ටීරියාවක්‌ තිබෙන බව විනා, නිසැක ව ම ඊ. කෝලයි ඇති බව නො වේ. කෝලිෆොaම් ජීවීන් අතුරින් ආහාර මාර්ගයෙහි ජීවත් වන්නේ ඊ. කෝලයි පමණි. එහෙයින්, මළ ද්‍රව්‍ය මගින් ආහාර හෝ ජලය හෝ අපවිත්‍ර වී ඇති බවට සාක්‌ෂි සපයන්නේ ඊ. කෝලයි විනා අනෙකුත් කෝලිෆොaම් ජීවීන් නො වේ. කෝලිෆොaම් කාණ්‌ඩයේ අනෙක්‌ බැක්‌ටීරියාවන් ජීවත් වන්නේ බාහිර පරිසරයෙහි විනා ආහාර මාර්ගයෙහි නො වේ. ඒ අනුව යම් හෙයකින් ලැක්‌ටෝස්‌ පරීක්‌ෂණයේ දී අම්ල සහ වායු නිදහස්‌ කිරීමක්‌ සිදු වූයේ නම්, එයට හේතු වූයේ ඊ. කෝලයි ද නොඑසේ නම් කෝලිෆොaම් කාණ්‌ඩයේ වෙනත් ජීවියකු ද යන්න තවදුරටත් සොයා බැලිය යුතු වේ. එසේ සොයා බලා දැනගන්නා තුරු ආහාරය හෝ ජලය හෝ පරිභෝජනය කිරීම සඳහා නිදහස්‌ කරනු නො ලැබේ.

ලැක්‌ටෝස්‌ පරීක්‌ෂණයේ දී අම්ල සහ වායු නිදහස්‌ කිරීමක්‌ සිදු වූයේ නැතැයි සිතන්න. ඉන් පැහැදිලි වන්නේ කෝලිෆොaම් කාණ්‌ඩයේ කිසිදු ජීවියකු ආහාර හෝ ජලය සාම්පලයේ නො සිටි බව ය. කෝලිෆොaම් කාණ්‌ඩයේ කිසිදු ජීවියකු නැති නම් ඊ. කෝලයි ද නැති බව අමුතුවෙන් කිව යුතු නො වේ. පැය 24-48ක්‌ වැනි කෙටි කලක්‌ ඇතුළත කෝලිෆොaම් ජීවීන් කිසිවකු නැති බව තහවුරු කළ හැකි හෙයින් ලැක්‌ටෝස්‌ පරීක්‌ෂණය ජලයෙහි සහ ආහාරවල ප්‍රමිතිය සොයා බලන පරීක්‌ෂණාගාරවලට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මක්‌නිසා ද යත් එම ආහාර හෝ ජලය පරිභෝජනය සඳහා සුදුසු යෑයි ඉක්‌මනින් නිර්දේශ කළ හැකි බැවිනි. 

ඊ. කෝලයිවලට අමතරව සිට්‌රොබැක්‌ටර් (
Citrobacter), එන්ටෙරොබැක්‌ටර් (Enterobacter), හැෆ්නියා (Hafnia) සහ ක්‌ලෙබ්සියෙල්ලා (Klebsiella‌) යන බැක්‌ටීරියාවන් ද කෝලිෆොaම් කාණ්‌ඩයේ සාමාජිකයෝ වෙති. එවැනි කෝලිෆොaම් බැක්‌ටීරියාවන් කවරකු හෝ සිටින නො සිටින බව ඉහත කී ලැක්‌ටෝස්‌ පරීක්‌ෂණයෙන් දිනක්‌ දෙකක්‌ ඇතුළත හඳුනාගත හැකි ය. තවදුරටත් සොයාබැලීම අවශ්‍ය වන්නේ කෝලිෆොaම් සිටී නම් ඒ සිටින්නේ මළ සමග එන ඊ. කෝලයි ද නැති නම් පරිසරයෙහි ජීවත් වන වෙනත් කෝලිෆොaම් ජීවියකු දැයි දැනගැනීමට ය. තවදුරටත් සිදු කරන ලද පරීක්‌ෂණ මගින් සාම්පලයෙහි සිටියේ E. coli බැක්‌ටීරියාව බව පැහැදිලි වුව හොත්, එම ආහාර හෝ පානීය ජල ප්‍රභවයන් ස්‌ථි�ර ලෙස ම අසූචි මගින් අපවිත්‍ර වී ඇති බව තහවුරු වේ.

කෝලිෆොaම් කාණ්‌ඩයේ වෙනත් ජීවීන් අතුරින් ඊ.කෝලයි බැක්‌ටීරියාව වෙන් කර හඳුනාගන්නේ කෙසේ දැයි දැන් සොයා බලමු. ඒ සඳහා එම කාණ්‌ඩයට අයත් ජීවීන් ගේ පොදු ගති ලක්‌ෂණ මෙන්ම එකිනෙකාට අනන්‍ය වූ ගති ලක්‌ෂණ ද මොනවා දැයි දැනගත යුතු වේ. ඒ පිළිබඳව පහත විස්‌තර කෙරේ.

සිට්‌රොබැක්‌ටර්, එන්ටෙරොබැක්‌ටර්, හැෆ්නියා, ක්‌ලෙබ්සියෙල්ලා සහ ඊ. කෝලයි යන බැක්‌ටීරියාවන් කෝලිෆොaම් කාණ්‌ඩයේ සාමජිකයෝ වෙති. මේ කාණ්‌ඩයේ අනෙකුත් බැක්‌ටීරියාවන් පසේ, ගස්‌ කොළන් මත හා ස්‌වාභාවික ජලජ පරිසරයේ ජීවත් වන අතර ඊ. කෝලයි බැක්‌ටීරියාව අන්ත්‍රයෙහි සිට මළ සමග පරිසරයට නිදහස්‌ වේ. එලෙස පිට වීමෙන් පසු ඒවාට දින කිහිපයක්‌ පරිසරයෙහි ජීවත් විය හැකි ය. සියලු ම කෝලිෆොaම් බැක්‌ටීරියාවන් ලැක්‌ටෝස්‌ සීනි අඩංගු වගා මාධ්‍යයක 370C උෂ්ණත්වයේ පැය 48ක්‌ බීජෞෂණය කළ විට ලැක්‌ටෝස්‌ පැසවීම සිදු කර ලැක්‌ටික්‌ අම්ලය සහ හයිඩ්‍රජන් වායුව නිපදවයි.

සාමාන්‍යයෙන් මළ සමග පිට වන්නේ ඊ. කෝලයි වුව ද සමහර සිට්‌රොබැක්‌ටර් සහ එන්ටෙරොබැක්‌ටර් විශේෂ ද ආහාර මාර්ගයෙහි සිටිය හැකි බැවින් එම කෝලිෆොaම් වර්ග තුන ම පොදුවේ ආන්ත්‍රික කෝලිෆොaම් ජීවීන් ලෙස සැලකේ. කෙසේ වෙතත් මළ මගින් අපවිත්‍ර වීමට සාක්‌ෂියක්‌ ලෙස ක්‍ෂුද්‍ර ජීව විද්‍යාවෙහි ගණන් ගැනෙනුයේ ඊ. කෝලයි බැක්‌ටීරියාව පමණි. ආන්ත්‍රික කෝලිෆොaම් ජීවීන් මිනිසා ඇතුළු සතුන් ගේ අන්ත්‍රයේ විශාල සංඛ්‍යාවන් ගෙන් ජීවත් වේ. අනෙකුත් කෝලිෆොaම් ජීවීන් මෙන් නො ව මේ කෝලිෆොaම් වර්ග තුන 370C උෂ්ණත්වයේ පමණක්‌ නො ව 44
0C උෂ්ණත්වයේ දී ද නිරුපද්‍රිත ව සිටිමින් ලැක්‌ටෝස්‌ මගින් ලැක්‌ටික්‌ අම්ලය සහ හයිඩ්‍රජන් වායුව නිපදවිය හැකි ය. මොවුන් සතු අනෙක්‌ විශේෂ ලක්‌ෂණය වන්නේ පිත් ලවණ සහිත වගා මාධ්‍යයක ජීවත් වීමේ හැකියාවයි. ඉහළ උෂ්ණත්වය ද පිත් ලවණ ද ආන්ත්‍රික පරිසරයෙහි දක්‌නට ලැබෙන පරිසර තත්ත්වයන් දෙකකි. යම් සාම්පලයක කෝලිෆොaම් සිටින බව දැනගත හොත්, ඉන්පසු සිදු කෙරෙනුයේ එලෙස සිටින්නේ

ආන්ත්‍රික කෝලිෆොaම් දැයි දැනගැනීමට කරන්නා වූ ඉහළ උෂ්ණත්වයේ පිත් ලවණ සමග ලැක්‌ටෝස්‌ පැසීම සිදු කළ හැකි දැයි යන පරීක්‌ෂණයයි. එසේ කළ නොහැකි නම්, ආහාර හෝ ජලය සාම්පලයෙහි සිටියේ ආන්ත්‍රික සම්භවයක්‌ නොමැති වෙනත් කෝලිෆොaම් ජීවියකු බව පැහැදිලි වේ. එසේ නම් එය පරිභෝජනය සඳහා සුදුසු යෑයි නිර්දේශ කෙරෙනු ඇත.

ආහාර හෝ ජලය සාම්පලයක්‌ පරිභෝජනය සඳහා සුදුසු නුසුදුසු බව තීරණය කිරීමේ දී ආන්ත්‍රික කෝලිෆොaම් ජීවීන් සඳහා වන ඉහත සඳහන් ඉහළ උෂ්ණත්ව පරීක්‌ෂාව ද සැබැවින් ම ඊ. කෝලයි සිටී දැයි සෙවීමට වඩා ඉක්‌මනින් සිදු කළ හැකි සොයාබැලීමකි. ඊ. කෝලයි සඳහා පරීක්‌ෂණවලට යැමට සිදු වන්නේ සාම්පලයෙහි ආන්ත්‍රික කෝලිෆොaම් ජීවීන් සිටින බව හෙළි වුව හොත් පමණි.

මළ ද්‍රව්‍ය සමග බැහැර වන කෝලිෆොaම් බැක්‌ටීරියාවන් අතරින් 90%කට වඩා සිටින බැක්‌ටීරියා විශේෂය වන්නේ ඊ. කෝලයි වේ. ඉපදී දින කීපයක්‌ ඇතුළත දී ළදරුවා ගේ අන්ත්‍රයට ඇතුළු වන මේ බැක්‌ටීරියාව ජීවිත කාලය පුරා කිසිදු අහිතකර බලපෑමකින් තොර ව ධාරකයා සමග සහයෝගයෙන් ජිවත් වේ. ඊ. කෝලයි විසින් රෝග කාරක බැක්‌ටීරියාවන් ගෙන් ධාරකයා ආරක්‌ෂා කරන අතර විටමින් K2 නිපදවා ධාරකයාට ලබා දේ. එසේ නමුත් ඉතා කලාතුරකින් හමු වන සමහර ඊ. කෝලයි මාදිලි, අන්ත්‍රදාහය (
Gastroenteritis), මුත්‍රා අසාදන (Urine infections) සහ ආවුර්තිදාහය (Meningitis) ඇති කිරීමට හේතු වන බව ද ඔබ වටහාගත යුතු ය.

ඊ. කෝලයි බැක්‌ටීරියාව අනෙකුත් කෝලිෆොaම් බැක්‌ටීරියාවන් ගෙන් වෙන් කර හදුනාගැනීම සදහා ඔවුන් ගේ වර්ධනය හා රෝපණ මාධ්‍යවල වර්ණ වෙනස්‌ කිරීම මත පදනම් වූ පරීක්‌ෂණ කීපයක්‌ ඇත. 
EosineMethyline Blue (EMB) රෝපණ මාධ්‍යයේ ඊ. කෝලයි වගා කළ විට කුඩා තද කොළ පාට ලෝහමය දිළිසෙනසුලු ගණාවාස සාදයි. එලෙස පෙනෙන ගණාවාස ඇති නම් ඒවා ඊ. කෝලයි බව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා ඉන්ඩොල්, මෙතිල් රෙඩ්, වොගස්‌-ප්රොස්‌කර් සහ සිට්‌රේකට්‌ නම් පරීක්‌ෂා හතර උපකාරී වේ.

යම් කිසි ආහාර හෝ ජලය සාම්පලයක ඊ. කෝලයි තිබීම නො තිබීම පමණක්‌ නො ව තිබේ නම් තිබෙන සංඛ්‍යාව ද ක්‍ෂුද්‍ර ජීව විද්‍යා ප්‍රමිතිය තීරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය දත්තයකි. උදාහරණයක්‌ වශයෙන් විශාල ජල ටැංකියක ඊ. කෝලයි බැක්‌ටීරියා හතර පස්‌ දෙනකු සිටීම හේතු කොටගෙන එම ජලය බීමට නුසුදුසු යෑයි කිසි විටෙක නිර්දේශ නො කෙරේ. ලොව පුරා පිළිගත් ප්‍රමිතිය වනුයේ ජලය මිලි ලීටර 100ක ඊ. කෝලයි එකක්‌ හෝ නො තිබිය යුතු බව ය. ජලය මිලි ලීටර 100ක ඊ. කෝලයි එකකු හෝ ඊට වඩා ඇත්නම් එම ජලය සමග මෑතක දී මළ ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති බව නිගමනය කර එම ජලය භාවිතයට නුසුදුසු බව නිර්දේශ කෙරේ. 

කෝලිෆොaම් බැක්‌ටීරියාවන් ජලයට එකතු වන මූලාශ්‍ර මොනවා ද? ඊ. කෝලයි බැක්‌ටීරියාව සිටින්නේ මිනිස්‌ අන්ත්‍රයෙහි පමණක්‌ නො වේ. සතුන් ගේ සහ කුරුල්ලන් ගේ මළ ද්‍රව්‍ය සමග ද ඊ. කෝලයි බැක්‌ටීරියාව පරිසරයට නිදහස්‌ වේ. සත්ත්ව ගොවිපොළවලින් පරිසරයට මුදා හැරෙන සත්ත්ව මළ සහිත ජලය හරහා ද මේ ක්‍ෂුද්‍ර ජීවීන් ජලයට එකතු වේ. සත්ත්ව මළ ද්‍රව්‍ය පොහොර ලෙස යොදාගැනීම ද මේ බැක්‌ටීරියාවන් බාහිර පරිසරයට එකතු කිරීමට හේතු වේ.

පානීය ජලය ලබාගන්නා ළිදට අපද්‍රව්‍ය මිශ්‍ර වීම වළකාගැනීම සදහා කළ යුතු දේ අතර ළිදට මතුපිට ජලය ගලා යැම වැළැක්‌වීම ද ළිද පිහිටි ස්‌ථානයේ සිට අඩි 100ක ප්‍රදේශයක්‌ තුළ ප්‍රමිතියකින් තොර වැසිකිළි නො සෑදීම ද, එම ප්‍රදේශය තුළ සත්ත්ව පට්‌ටි සහ කෘෂිකාර්මික භූමි වැනි කෝලිෆොaම් බැක්‌ටීරියා ප්‍රභවයන් ඇති නො කිරීම ද වැදගත් ය.

ළිංවලින් පානීය ජලය ලබා ගන්න විට දී පැහැයේ හෝ රසයේ හෝ වෙනසක්‌ ඇති වුව හොත් හෝ ගං වතුර තත්ත්වයක්‌ ඇති වුව හොත්, එම ජලය කෝලිෆොaම් බැක්‌ටීරියාවන් සදහා පරීක්‌ෂා කිරීම ඥානාන්විත වේ.

සසංකා වීරසිංහ
ක්‍ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලයය.

No comments:

Post a Comment