Wednesday, January 7, 2015



සරු වගාවකට දියර පොහොර විතරක් මදි


සරු අස්වැන්න ලබාගැනීමටනම් සාරවත් පසක් අවශ්‍යය. පස සාරවත් කරගැනීමට ඔබ දැනටමත් විවිධ ක‍්‍රම අනුගමනය කරනු නොඅනුමානය.
පසේ පවතින ස්වභාවික සරු බව ශාක උරාගැනීමත් සමඟ පසේ සරුබව නැතිව යයි. එවැනි අවස්ථාවක ශාකවලට පෝෂ්‍යපදාර්ථ යෙදීම වඩාත් සුදුසුය. විවිධ පෝෂක ද්‍රව්‍ය අඩංගු පොහොර පසට එකතු කිරීමෙන් එය සිදු කළ හැකිය.
එමෙන් ම ජලයේ හොඳින් දියවන දියර පොහොර වර්ග ද මෑතකදී වෙළෙඳපොළට පැමිණ ඇත. එම පොහොර ජලයේ දියකර පත‍්‍ර මතට ඉසීමෙන්, පත‍්‍ර පෝෂ්‍යපදාර්ථය උරාගනියි.
එහෙත් දියර පොහොරවලින් බෝගයට ලබාදිය හැක්කේ ඊට අවශ්‍ය පෝෂකවලින් සුළු කොටසක් පමණි. දියර පොහොරවලින් වගාවට වඩාත් සරු බවක් නොලැබෙන අතර සරුබව ලබාගැනීමට නම් පසට ගන පොහොර ද යෙදිය යුතුය.
පොහොර තෝරාගැනීමේදී විවෘත වෙළෙඳපොළේදී ඔබ අසීරුතාවකට පත්වෙන අවස්ථා ඇතිවේ. එයට හේතුව පොහොරවල අඩංගු පෝෂක ද්‍රව්‍ය එකිනෙකට වෙනස්වීමයි. වැඩි නයිට‍්‍රජන් ප‍්‍රමාණයක් ඇති පොහොර කොළ එළවළු හා විසිතුරු පැළෑටි වර්ග සඳහා යෝග්‍යය.
ගෙඩි කරල් හා මල් සහිත බෝග වර්ග හා විසිතුරු මල් සහිත පැළෑටි සඳහා තෝරාගත යුත්තේ වැඩි ප‍්‍රතිශතයකින් පොටෑසියම් හා අංශුමාත‍්‍ර මූලද්‍රව්‍ය අඩංගු දියර පොහොර වර්ගය.
බෝග වර්ග සඳහා වැඩි පොස්ෆරස් ප‍්‍රමාණයක් අඩංගු පොහොර වර්ග යෙදිය යුතුය.
දියර පොහොරවලින් බෝගයකට ලබාදිය හැක්කේ ඉතා සුළු කොටසක් පමණි. එබැවින් පසට යොදන ගන පොහොර එලෙසම යෙදිය යුතුය. එහෙත් පසෙහි ඇති නොයෙකුත් දෝෂයන් නිසා උරාගැනීමට බාධා පැමිණිය හැකිය. බෝගයේ ලක්ෂණ අනුව පෝෂක කොටස් ලබාදිය හැකිය. ඒ අනුව අවශ්‍ය අවස්ථාවලදී පමණක් දියර පොහොර යෙදීමෙන් කඩිනම් විසඳුම් ලබාගත හැකිය.
පසෙහි ඇති තෙතමනය පොහොර උරාගැනීමට ප‍්‍රමාණවත් නොවන අවස්ථාවලදී දියර පොහොර භාවිත කළ හැකිය. මල් වර්ග හා බෝග සඳහා දියර පොහොර ඵලදායි වුණත් පලතුරු සඳහා එතරම් ප‍්‍රයෝජන නැත.

No comments:

Post a Comment