හිරු එළියෙන් උපරිම ප්‍රයෝජන ගන්න
ගෙවත්ත ඵලදායී ලෙස භාවිතයට ගෙන එමඟින් වෙළෙඳ පොළ මත යැපීම අවම කොට පවුලේ ආර්ථිකය නංවා රටේ කෘෂි ආර්ථිකයට සකි‍්‍රය කොටස්කරුවකු වීමට ඔබටත් හැකිය.
හොඳින් සංවර්ධනය කළ ගෙවත්තකින් පවුලේ පෝෂණීය අවශ්‍යතා සපිරේ.
අප වගා කරන බොහෝමයක් බෝගවලින් අඛණ්ඩව නිෂ්පාදන ලබාගත හැක්කේ කලාතුරකිනි. භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් අඛණ්ඩ ආහාර නිෂ්පාදනයක් වසර පුරාම ලබාගැනීමට හැකිවන පරිදි අපේ ගෙවතු සංවර්ධනය කළ යුතුය. මනා සම්පත් බෝග / සත්ත්ව හා තාල කළමනාකරණයකින් ගෙවත්තක් වැඩි දියුණු කිරීමට මං සැලසිය හැකිය.
ගෙවත්තක පස, හිරු එළිය, ඉඩකඩ සහ ජලය සීමිතය. ඒ සීමිත සම්පත් උපරිම නිෂ්පාදනයක් සඳහා දායක කර ගැනීම සම්පත් කළමනාකරණය යටතට වැටේ. ඒ සඳහා පහත සඳහන් කෘෂි කි‍්‍රයාවලියන් යොදාගත හැකිය.
පස දිගුකාලීන ලෙස සාරවත්ව පවත්වා ගැනීම සඳහා නිරන්තරව ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් කටයුතුª කළ යුතුය.
පස ආරක්ෂා කිරීමේදී ශාක වියනකින් එය නිරතුරුව රැකීමත්, බෑවුම් පසක් සේදීයාම වැළැක්වීමත්, ආම්ලික ලවණ සහිත පස් හුණු යෙදීමත්, ජලවහනය දියුණු කිරීමත් කළ යුතුය.
පසෙහි පෝෂණය දිගුකාලීනව රඳවා ගැනීමට කාබනික පොහොර නිරන්තර යෙදීමත්, වසුන් යෙදීම හා රනිල බෝග, මාරුවකට ඇතුළත් කිරීමත් වැදගත් ය.
සමහර විට ගෙවත්තක වගා කිරීමට අපහසු භූමි භාගයක් පැවැතිය හැකිය.
නිදසුනක් ලෙස වගුරු බිම් කොටසක උස් බෑවුමක් හා ජලය රදවන අගලක් ලෙස සකසා බැම්ම ආසන්නයේ කොහිල කංකුං ද බැම්ම මත ජලයට සංවේදී ගොඩ බෝග ද වගා කළ හැකිය.
වැසි කාලයේ්දී දුර්වල ජලවහනයට පාත්රවන බිමක මළුවල වගා පිහිටුවීමෙන් ගැටලු අවම කළ හැකිය.
වැලි අධික මෙන්ම මැටි අධික පාංශු තත්ත්වයන් පිළිවෙළින් ජලය රදවා ගැනීමට නොහැකි වීම හා ජලවහනය අඩු මට්ටමක පැවැතීම නිසා සශි‍්‍රක බෝග වගාවකට උචිත නැත. නිරතුරු එක්කරන කාබනික ද්‍රව්‍ය මගින් වැලි පසක් වගාවට යෝග්‍ය කරගත හැකිය. අධික සෙවණ, සුළං කපොලු, අධික බෑවුම්, ඉඩකඩ සීමාකාරී වූ නාගරික ගෙවතු ඇතුළු සහිත භූමියක වගා කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රම එකිනෙකට වෙනස්ය.
ගැඹුරු මූල පද්ධති සහිත නියං ප්‍රතිරෝධි බෝග තේරීම, ගිල්වූ පාත්තිවල සිටුවීම, පොල් ලෙලි අතුරා වළවල් සැකැසීම, සියලු ජල මූලාශ්‍ර භාවිතය, මසුන් භාවිතය, සුළං බාධක ඇති කිරීම, වැසි ජලය ගබඩා කිරීමේදී විවිධ ක්‍රම අනුගමනය කිරීම, බෝග අවට ජලය රැස්කිරීම, හිමිදිරියේ හා සවස් කාලයේ ජලය සැපයීම යන කාර්යයන් වියළි කලාපීය ගෙවතු වගාවකදී අනුගමනය කළ හැකි දේය.
ජලයට සංවේදී නොවන බෝග තේරීම, උස්වු පාත්තිවල සිටුවීම, ළපටි පැළ වර්ෂාවෙන් රැකගැනීම, උස්වූ මඳු හා පෝච්චිවල වගා කිරීම, තෙත් කලාපයේ වැඩි ජලයෙන් සිදුවන හානි අවම කරගැනීමට යොදාගත හැකි කෘෂි විකල්පයන්ය.
ගෙවත්තක වඩාත් සීමාකාරී සාධකය වන්නේ හිරු එළියය. එය උපරීම භාවිතයට ගැනීමට හැකිවන පරිදි වගා රටා, බෝග තේරීම හා පැළ සිටුවීම කළ යුතුය. උදෑසන හිරු එළිය පැළෑටි සඳහා වඩාත් හිතකර බැවින් එය අවහිර නොවන්නට දකුණු හෝ නැගෙනහිර දිසාවට යොමුවන්නට ගෙවත්ත සැලැසුම් කළ යුතුය.
ලැබෙන හිරුඑළියේ තීව්‍රතාව මත තැනට සුදුසු බෝග තේරීමත්, පලතුරු වැනි විශාල ශාක නිවසටම ආසන්නව නොසිටුවා ඉඩමේ වැටට ආසන්නව උතුරු කෙළවරක සිටුවීම වැදගත්ය.
No comments:
Post a Comment