බහිරවකන්ද නුවර
කන්ද උඩරට දළදා ශ්‍රී යෙන් බැබලෙන අතරතුරේ නිම් නැති බුදු ගුණ පහස ලබමින් විරාජමානව වැඩ සිටිනා බුදු පිළිම වහන්සේ ගැන තොරතුරු බිදක් ගෙන එන්නයි මේ සුදානම. දළදා මාළිගයට මුහුණලා පිහිටි අති සුන්දර වූ කදු මුදුන බහිරව කන්ද නම් වේ.එය අඩි 650 කින් පමණ යුතුවේ, එම කදු මුදුන මත්තෙහි වැඩ සිටින අපගේ බුදු පිළිම වහන්සේ දළදා මැදුර අභියස දී අප නෙත ගැටුන අයුරුයි මේ දක්නට ලැබෙන්නේ.
වැදගත් සාධක
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රෝපණය කරමින්, බෝධි ප්‍රකාරයක් හා රන් වැටක් ඉදි කර මෙම බුදු පිළිම වහන්සේ වඩා හිදුවා, ප්‍රදේශයට ධර්ම රසය ලබා දී ඇත. අතීතයේ රටට සෙත ශාන්තිය උදෙසා බිලි පුජාවල් කරමින් නොමග ගිය මිනිසුන් සුමගට හරවමින් මිත්‍යා මත දුරු කරන ලද පරම පුජනිය පිං බිමක් ලෙස මෙම පුදබිම හැදින්විය හැකිය.

ඉරියව්ව :- හිදී පිළිමය
මුද්‍රාව :- සමාධි මුද්‍රාව
ආසනය :- වීරාසනය
උස :- අඩි 88
අමුද්‍රව්‍ය :- සිමෙන්ති, වැලි ,ගඩොල්, කම්බි, කළු ගල්
වෙනත් කරුණු
බහිරව යක්ෂයාට බිලිදුන් කන්ද නිසා බහිරව කන්ද යන නාමය ජනප්රවාදයෙන් ගොඩනැගී ඇති බව මානව පැහැදිලිය. රටට අපල උවදුරු පමිණි කල මිනිස් බිල්ලක් ලබා දී බහිරවයා සැනසීමෙන් සෙත ශාන්තිය සලසා ගන්නා ලදී .වැලිකල මැණිකේ අවසාන බිලි පුජාව සදහා යොමුකළ කල කන්‍යා ලෙස ජනප්රවාදයේ ඇත. බහිරවයා හා සටන් කලේ වැලිකල මැණිකේ ගේ ආදරය දිනා ගත් ලුණුවල නිලමේ වන අතර බහිරවයා ගේ චරිතයට පන පොවන ලද්දේ එකල සිටි රජතුමාගේ ප්‍රධාන පුරෝහිතයාය. නමුත් පසු කලෙක බහිරවා කවුද යන්න හරි හැටි ඔප්පු වීමෙන් පසු මෙම යාගය නවතා නිවැරදි මගට පිවිසීමට එකල රජ පෙළපතට හැකියා ලැබිණි.
No comments:
Post a Comment