වැටකොළු කරලට තද හිරු එළිය හොඳ නෑ
හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි ලෝම පසක් වැටකොළු වගාවට සුදුසුය. වැටකොළු වගා කිරීම වියළි කලාපයේ නම් ජල සම්පාදනයෙන් ද තෙත් කලාපයේ නම් වර්ෂා දියෙන් ද කළ හැකිය.
බීජ සිටුවීමට පෙර කපාගත් වළවලට දිරාපත් වූ කාබනික පොහොර දමන්න. බීජ සිටුවීමට දින 2, 3 කට පෙර මූලික පොහොර පසට මිශ‍්‍ර කරන්න. ඉන්පසු සිටවූ බීජ වලට හොඳින් ජලය ඉසින්න. මුල් දිනවල ජලය සැපයීම ඉතාමත් වැදගත්ය. බීජ පැළ වී සති දෙකක් ගතවූ පසුව එක වළක පැල 2 ක් පමණක් ඉතිරි කර සෙසු පැළ ගලවා දමන්න.
වැටකොළු වගාවකින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීම සඳහා අඩි 6 ක පමණ උස පන්දලමකට වැල් යොමු කරන්න. ඒ සඳහා කණු සිටුවා ලණු හෝ කම්බි වලින් පන්දලම සකසා ගන්න. ඔබේ ගෙවත්තේ කම්බි වැටක් තිබේ නම්, කම්බි වැටට වුවද වැල යැවීමට හැකියාව ඇත.
වැටකොළු වැළ පාමුල ජලය රඳ්‍ර පැවැතුණොත් පාදස්ථ කුණුවීම ඇතිවේ. එනිසා පාමුල ජලය රැඳීම වැළැක්විය යුතුය. උණුසුම් වියළි කාලගුණික තත්ත්වය නිසා පිටිපුස් රෝගයට ද වැටකොළු වගාව ගොදුරු විය හැකිය. පත‍්‍රයේ යටි පැත්තේ අළු පැහැති දිලීර වර්ධනය වීම නිසා යටිපුස් රෝගය ව්‍යාප්ත වේ. ආර්ද්‍රතාවය වැඩි කාලවලදී මේ රෝගය ව්‍යාප්ත වේ.
වැටකොළු කරල් මතට තද හිරු එළිය වැටීමෙන් වළක්වා ගන්න. අස්වැන්න නෙලීමෙන් අනතුරුව පවා හොඳින් වාතාශ‍්‍රය ලැබෙන පරිදි කූඩවල අසුරන්න.
No comments:
Post a Comment