Wednesday, January 7, 2015

කොම්පෝස්ට් පොටෑසියම් වැඩි කරගන්න



කොම්පෝස්ට් පොටෑසියම් වැඩි කරගන්න

 

පිදුරු දාන්න

 
 
කොම්පෝස්ට් නිෂ්පාදනයේදී තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් පොහොර නිපදවීම ඉතා වැදගත් වේ. නයිට‍්‍රජන් වැඩිපුර අන්තර්ගත කොළ වර්ග කොම්පෝස්ට් සෑදීමට යොදාගනියි.
කොම්පෝස්ට් සෑදීමේදී මතක තබාගත යුතු කරුණු කීපයකි. මින් වඩාත් වැදගත් කරුණ නම් දිරාපත්වීමට අපහසු ශාක කොටස් දිරා පත් කිරීමයි. මෙහිදී ඔබ විසින් පහත ක‍්‍රමවේදය අනුගමනය කළයුතුය.
වියළි කොළ භාවිතයේදී අමු කොළ සමඟ මිශ‍්‍ර කරගෙන හෝ තට්ටු ලෙස මාරුවෙන් මාරුවට අමුකොළ හා වියළි කොළ ස්ථර තැන්පත් කරන්න.
දිරාපත්වීමට අපහසු අමුද්‍රව්‍ය අර්ධ ලෙස දිරාපත් කර කොම්පෝස්ට් නිපදවීමට භාවිතා කරන්න .
දිරාපත්වීමට අපහසු ශාක කොටස් තට්ටු අතරට දිරාපත්වීමට පහසු සත්ත්ව පොහොර යොදන්න .
නිපදවා ගත් කොම්පෝස්ට් මිටක් අතට ගෙන මිරිකීමෙන් ඇඟිලි අතරින් ජලය පිට නොවී පහසුවෙන් කැඩෙන ගුලියක් නිර්මාණය වන්නේ නම් ප‍්‍රශස්ත තෙතමනයක් ඇති බව වටහා ගත හැකිය.
සත්ව අපද්‍රව්‍ය භාවිතා කිරීමේදි සැලකිය යුතු කරුණු ඉක්මනින් දිරාපත්වන සත්ව පොහොර භාවිතා කරන්න .
හැකි සෑම අවස්ථාවකම සත්ව මුත‍්‍රා කොම්පෝස්ට් ගොඩට එක්කරන්න. සත්ව පොහොර තට්ටුවක උස අඟල් 8 – 9 කට වඩා වැඩි නොකරන්න කොම්පෝස්ට් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප‍්‍රමාණය වැඩි කිරීමට ද ඔබ වග බලාගත යුතුය. මෙහිදී නයිට‍්‍රජන් ප‍්‍රමාණය වැඩිකිරීමට නම් රනිල කුලයේ ශාක කොළ , ළපටි කොළ පැහැති කොළ සත්ත්ව පොහොර භාවිතා කළ යුතුවේ.
පොස්පරස් ප‍්‍රමාණය වැඩිකිරීමට නම් රොක්පොස්පේට් තුන හෝ හතර වරක් ඉසින්න. අමුද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 1000 කට රොක් පොස්පේට් කිලෝ ග‍්‍රෑම් 50 ක් පමණ යොදන්න. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී රොක් පොස්පේට්හි ද්‍රාව්‍යතාවයද වැඩිවේ.
පොටෑසියම් ප‍්‍රමාණය වැඩි කිරීමට , පිදුරු, වල්සූරියකාන්ත කොළ සත්ව පොහොර, අළු යෙදිය යුතුය. එමෙන්ම කොම්පෝස්ට් වල අන්තර්ගත වැලි ප‍්‍රමාණය අවමකර ගැනීමට උත්සහ කළ යුතුය. ඒ සඳහා කොම්පෝස්ට් පොහොර දැලකින් හළා වැලි ඉවත් කරන්න.
මතක තබා ගතයුතු අනෙක් කරුණ කොම්පෝස්ට් සකස් කරන ස්ථානය හොඳින් මට්ටම් කරන්න. තෙතමනය වියළි බරෙන් 25% කට වඩා නොතිබීමට වග බලා ගන්න.තෙතමනය අඩු නම් අවශ්‍ය පමණ ජලය යොදන්න.
නිපදවා ගත් කොම්පෝස්ට් මිටක් අතට ගෙන මිරිකීමෙන් ඇඟිලි අතරින් ජලය පිට නොවී පහසුවෙන් කැඩෙන ගුලියක් නිර්මාණය වන්නේ නම් ප‍්‍රශස්ත තෙතමනයක් ඇති බව වටහා ගත හැකිය.
සත්ව පොහොර තට්ටුවක උස උපරිම ලෙස අඟල් 8 – 9 ක් පමණ පවත්වා ගන්න. ප‍්‍රශස්ත තෙතමනයක් පවත්වා ගැනීමෙන් හොඳ වාතාශ‍්‍රයක්ද ලැබෙනු ඇත.
හොඳ කළු පැහැයක් ලබා ගැනීමට , ගොම පොහොර එළු පොහොර යනාදි සත්ව පොහොර භාවිතා කරන්න. කොළ පැහැති කොළ වර්ග වැඩිපුර භාවිතා කරන්න.
උපදෙස්
මාකඳුර ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ
ආචාර්ය හේමන්ත විජේවර්ධන

No comments:

Post a Comment