විදුලි සදිසි වේගයෙන් දියවෙන ග්‍රීන්ලන්තයේ අයිස් තට්‌ටුව
ගෝලීය උණුසුම ඉහළ යැමත් සමඟ ග්‍රීන්ලන්ත අයිස් තට්‌ටුව ශීඝ්‍රයෙන් දියවීමට පටන් ගෙන තිබේ. එමගින් ලෝකයේ අනෙකුත් කලාපවල සාගර ජල මට්‌ටමේ ඉහළ නැගීම කලින් අනාවැකි පළකළ ප්‍රමාණයට වඩා ඉක්‌මනින් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ පවසති.
ලොව විශාලතම අයිස් ස්‌ථරය වශයෙන් සැලකෙන්නේ ඇන්ටාක්‌ටිකාවයි. ග්‍රීන්ලන්ත අයිස් තට්‌ටුව දෙවැනි වන්නේ එයට පමණකි. මෙම අයිස් තට්‌ටුවේ දියවීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් විසින් වෙන වෙනම ජාත්‍යන්තර අධ්‍යයනයන් දෙකක් සිදුකර තිබේ. ග්‍රීන්ලන්ත අයිස් තට්‌ටුව හැසිරෙන ආකාරය මුලදී අඩුවෙන් තක්‌සේරු කර ඇති බව මෙම අධ්‍යනයන්හිදී හෙළිවී ඇත.
".... දැනට භාවිත වන ආදර්ශයන් මගින් මෙම සංකීර්ණතාවයට පිළිතුරු සොයාගන්න බැහැ...."
බෆලෝ සරසවියේ භූ විද්‍යා ආශ්‍රිත මහාචාර්ය බීටා සාතෝ (BEATA CSATHO) පවසයි. එසේම ඔහු විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජාතික ආයතන එකමුතුවේ (PNAS) නිසි බලධරයාය.
දැනට ග්ලැසියර හතරක දියවීම හා ඒවායේ ජලය සාගරයට එකතුවීම පිළිබඳව විද්‍යාඥයන් අනාවැකි පළකර ඇත. ඒ ඡේකොබ්ශාන් (JAKOBSHAVN) හෙල්හෙයිම් (HELHEIM), කැන්ගර්ලුස්‌වොක් හා පීටර්මාන් (PETERMANN) ග්ලැසියර හතරයි.
නමුත් නාසා ආයතනයට සම්බන්ධ චන්ද්‍රිකාවක දත්ත පදනම් කරගෙන මෑතකදී PNAS මගින් අධ්‍යයනයක් සිදුකර තිබේ. 1993 සිට 2012 දක්‌වා කාලය තුළ ග්ලැසියර දියවීම සිදුවී ඇත්තේ කෙසේදැයි මෙහිදී අවධානය යොමුකරන ලදී. ඒ සඳහා උච්ච ස්‌ථාන 100,000 කට වඩා ප්‍රමාණයක් සමීපව නිරීක්‍ෂණය කරනු ලැබීය.
එහිදී ග්‍රීන්ලන්ත අයිස් තට්‌ටුව කෙතරම් විශාල ක්‍ෂයවීමකට ලක්‌වී ඇද්ද යන්න සම්බන්ධව අළුත් දත්තයක් පර්යේෂකයන්ට තක්‌සේරු කිරීමට හැකිවිය. 2003-2009 කාල අන්තරය තිස්‌සේ වාර්ෂිකව මෙටි්‍රක් ගිගා ටොන් 243 බැගින් දියවීමට ලක්‌වී තිබේ. (මෙටි්‍රක් ටොන් එකක් යනු කිලෝ ග්‍රෑම් 1000 කි. මෙටි්‍රක් ගිගා ටොන් එකක් යනු කිලෝ ග්‍රෑම් 106 ක අගයකි.) මේවා ඉතාම නිවැරදි දත්ත බව පර්යේෂකයෝ පවසති. අධ්‍යයනයෙන් හෙළිවී ඇති පරිදි මෙම දියවීම නිසා වාර්ෂිකව සාගර ජල මට්‌ටම මිලිමීටර 0.68 බැගින් ඉහළ ගොස් තිබේ.
"මීළඟ ශත වර්ෂ කිහිපයේදී සාගර ජල මට්‌ටම ඉහළ නැංවීම සඳහා ග්‍රීන්ලන්ත අයිස් ඵලකයේ භූමිකාව වටහා ගැනීමට මෙම තොරතුරු ප්‍රයෝජනවත් වේවි. එමගින් සංඛ්‍යාත්මක ආදර්ශයන් වර්ධනය කරගැනීමට හා නිවැරදි කරගැනීමට හැකිවන බවට සැකයක් නැහැ...."
අධ්‍යයනයේ සම විධායක කොර්නේලිස් වෑන් ඩර් වෑන් පවසයි. ඔහු කැන්සාස් විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා මහාචාර්යවරයෙකි.
අයිස් තට්‌ටුවේ දියවීම සම්බන්ධව සිදුකරන ලද දෙවැනි අධ්‍යයනයකින් මෙහි තවත් පැතිකඩක් හඳුනාගෙන ඇත. ඒ ග්‍රීන්ලන්ත අයිස් ස්‌ථරය මත පිහිටා ඇති ජලාශ, මීළඟ වසර 50 තුළ විශාලත්වය දෙගුණ කර ගන්නා බවයි. එසේ අයිස් ස්‌ථරයේ පැතිරී යන ජලය අයිස් තට්‌ටුව දියවී යැම වේගවත් කරනු ඇත.
උපරි-ග්ලැසියර ජලාශ (SUPRA- GLACIAL LAKES) ලෙස හඳුන්වන මෙම ජල ස්‌කන්ධ වෙනත් ප්‍රදේශවලට වඩා අඳුරු පැහැයක් (චන්ද්‍රිකා ඡායාරූපවලදී) ගන්නා අතර සූර්යාලෝකය වැඩිපුර උරාගනිමින් ආසන්න අයිස් තට්‌ටුවේ දියවීම වේගවත් කරයි.
"උපරි - ග්ලැසියර ජලාශ මගින් අයිස් ස්‌ථරය දියවීම හා ගලායැම වේගවත් කරනවා. අපගේ අධ්‍යනයෙන් හෙළිවූ දත්ත මගින් පැහැදිලි වන්නේ 2060 වන විට ග්‍රීන්ලන්තයේ මෙම ජලාශ දැන් පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් විශාල වන බවයි."
ලීඩ්ස් සරසවියේ අනුබද්ධ භූ හා පාරිසරික පාසලේ ඇම්බර් ලීසන් කියයි. ඔහු මෙම අධ්‍යයනයේ මෙහෙයුම් ප්‍රධානියාය.
මෙම ග්ලැසියර ජලාශවල විශාලත්වය වැඩිවන විට අයිස්‌වල පැලුම් තුළින් ඒවායේ ජලය කාන්දු වීමට පටන් ගනී. ඊළඟට මුළු අයිස් ස්‌ථරයම ලිස්‌සා යන සුළු වේගවත් දියවීමකට ලක්‌වේ.
මීට පෙර මෙම ජලාශවල අනාගත හැසිරීම පිළිබඳ කිසිදු පර්යේෂකයකුගේ අවධානය යොමුවී නොතිබුණි. 1970 ගණන්වල සිට ග්ලැසියර ජලාශ සෙමින් සෙමින් සිය ආක්‍රමණය සිදුකරගෙනවිත් තිබේ.
නමුත් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ (EUROPEAN SPACE AGENCY) දුරස්‌ථ සංවේදක පාරිසරික චන්ද්‍රිකාවල දත්ත උපයෝගි කරගනිමින් අලුත් අනාවැකියක් ලබාගන්නට පර්යේෂකයන්ට හැකිවී ඇත.
අයිස් තට්‌ටුව දියවී ගලායන ජලයේ පැතිරීම පිළිබඳව නිරීක්‍ෂණය කර ඉදිරි කාලයේදී එය කෙසේ විකාශනය වේද යන්න ගැන එහිදී සලකා බැලිණි.
වර්තමානයේ මෙම උපරි - ග්ලැසියර ජලාශවල පැතිරීම එතරම් පැහැදිලි නැත. ඝන අයිස් තට්‌ටුව මත එය ව්‍යාප්ත වෙමින් පවතින්නේ සීමිත ලෙසිනි. එසේ වූවද 1970 ගණන්වල ඒවා පැතිර තිබූ ප්‍රමාණයට වඩා සැතපුම් 35 (කිලෝ මීටර 56) ක වපසරියක් සෙමින් නමුත් අනවරතව එහි වෙරළ විසින් අයත් කරගෙන තිබේ. ඒ වේගයෙන් ගතහොත් 2060 වන විට මෙම ජලාශ, සැතපුම් 68 කට වැඩි ප්‍රමාණයක් එනම් දැන් පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් විශාල වන බව ගණනය කර ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර ජල මට්‌ටම ඉහළ නැගීමේදී ග්‍රීන්ලන්ත අයිස් ස්‌ථරය ප්‍රධාන චරිතයක් රඟපාන බව සලකනු ලැබේ. 2100 වසර වන විට ජල මට්‌ටම අඟල් 9 (සෙන්ටි මීටර 22) කින් ඉහළ දැමීමට එය දායක වන බව අපේක්‍ෂා කෙරේ.
මෙම ජලාශවල හැසිරීම වෙනස් කිරීමට, විශාල වීමේ ශීඝ්‍රතාව අඩුකිරීමට පර්යේෂණයන් තවමත් ආරම්භ කර නැත.
"ග්‍රීන්ලන්තයේ අයිස් ස්‌ථරය දියවී යාම ලෝක දේශගුණික විපර්යාසයන් පෙන්නුම් කරන පැහැදිලි සංඥවක්. එම නිසා ඊට දායක වන සියලු කාරකයන් කෙරෙහි අප සැලකිලිමත් විය යුතුයි. උණුසුම ඉහළ යන්න යන්න අයිස් දියවන වේගය වැඩිවනවා...."
අධ්‍යයනයේ සම - ප්‍රධානී, ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ භූ හා පාරිසරික පාසලේ දේශක ඇන්ඩ්‍රෑ ෂෙෆර්ඩ් කියයි.
"... අයිස් ස්‌ථරය පිළිබඳ මීළඟ ආදර්ශයන් සඳහා අපේ සොයා ගැනීම් උදව් වේවි. එමගින් අපට හැකිවේවි සාගර ජල මට්‌ටම අනාගතයේදී ඉහළ නගින ආකාරය ගැන විශ්වාසදායක ව්‍යාපෘති ආරම්භ කිරීමට....."
ඔහු වැඩිදුරටත් පවසයි.

No comments:
Post a Comment