ගෙඩි විදින පණුවාගෙන් බේරාගන්න පොලිතිනයකින්
වහන්න
උපදෙස් ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ඉන්ද්‍රානි මැදගොඩ
ගම්පහ, කොළඹ, දිස්ති‍්‍රක්කවල රඹුටන් වගාව බහුල දැකිය හැකිය. දේශීය වශයෙන් රඹුටන් සඳහා පවතින්නේ විශාල ඉල්ලුමකි. ටින්වල අසුරන ලද පලතුරක් ලෙස මෙන්ම අලුත් පලතුරක් ලෙස ද රඹුටන් අපනයනය කරයි. හොඳින් ජලය වහනය වන ලෝම පස වගාව සඳහා සුදුසුය.
ශී‍්‍ර ලංකාවට ආවේණික නිර්දේශිත ප‍්‍රභේද අතර, මල්වාන ස්පෙෂල්, මැලයන් රතු, මැලයන් කහ, යන ප‍්‍රභේද වෙයි.
මල්වාන ස්පෙෂල් ඉදුණු විට තැඹිලි මිශ‍්‍ර රතුපාටක් පෙන්වන අතර ගෙඩිය රවුම්ය. ඔබ මල්වානෙ සිටින්නකු නම් මේ අත්දැකීම ඔබටත් තිබෙනු ඇත. යුෂ අධික වන අතර මදය පහසුවෙන් ගැලවේ.
අස්වනු නෙළීමෙන් පසු ගෙඩිවල පැහැය දුර්වර්ණ නොවී දින 4 ක් 6 ක් පමණ කාලයක් තබාගැනීමට හැකියාව තිබේ.
තද රතු පැහැති බවකින් යුක්ත මැලයන් රඹුටන් දිගටි හැඩයකින් යුක්තය. පිටපොත්තෙහි තිබෙන කෙඳි තරමක තුනී බවෙන් යුක්තය. පැණි රසැති මදය මධ්‍යස්ථ මට්ටමින් යුක්තය. මේ වර්ගය අස්වැනු නෙළීමෙන් පසු දින තුනක කාලයක් තබාගත හැකිය.
ඉඳුණු කහ පැහැ දිගැටි මැලයන් කහ වර්ග ඕනෑම ප‍්‍රදේශයක වැවේ. පිටපොත්තේ තුනී කෙඳි තිබේ. අස්වැන්න නෙළීමෙන් පසු දුර්වර්ණ නොවී තිබිය හැක්කේ එක් දිනක් පමණි.
ජාවා ස්පෙෂල්, ජාවා ලබුකබෝලා, ජාවා සිමඩිජාන්, ජාවා සීඩිස්, ජාවා සින්ජන්ජාන් නමින් හඳුන්වන විවිධ රඹුටන් ප‍්‍රබේද ද තිබේ.
පැළ නිපදවීම බීජ මගින් කළ හැකි අතර ගුණාත්මක බවෙන් ඉහළ පැළ ලබාගැනීමට නම් බද්ධ කිරීමෙන් ද කළ හැකිය.
ඔබට රඹුටන් පැළයක් බද්ධ කිරීමට අවශ්‍ය නම්, හිතකර ලක්ෂණ ඇති මවු ශාකයකින් අනුජයක් තෝරාගත යුතුය. එහිදී ගෙඩිවල රසය, මදය ගැලවීමේ පහසුව වර්ණය, විශාලත්වය සහ ලබාගත හැකි අස්වැන්න වැනි කරුණු පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කරනු ලැබේ. බද්ධ කිරීමේදී අංකුරයට හානි නොවන පරිදි පොත්ත පහසුවෙන් ගලවාගත හැකිය.
ඔබ බීජ සිටුවා ගැනීමට පොලිතින් බඳුන් සකස්කර ගැනීමේදී, වැලි, දිරාපත්වූ ගොම මතුපිට පස්, සහ කොහුබත් සම ප‍්‍රමාණවලින් මිශ‍්‍රකර යොදන්න. පැළයේ කඳ ඇඟිල්ලක් තරම් මහත්වූ පසු බද්ධ කිරීම සඳහා සුදුසුය.
පාත්තියක බීජ සිටුවා ගැනීමේදී පැළ පැන්සලක් තරමට මහත් වෙන විට බද්ධ කිරීමට යොදාගන්න. බීජ ක්ෂේත‍්‍රයේම සිටුවීමේදී නියමිත පරතරයට අනුව වලවල් සකස් කරගන්න. මේ සඳහා දිරාපත්වූ ගොම පොහොර සහ මතුපිට පස් මිශ‍්‍රණයකින් වලවල් පුරවන්න. වල පතුලටම පොල්ලෙලි තට්ටුවක් දැමීම සුදුසුය. තෙතමනය රඳවා ගැනීමට පොල් ලෙලි අත්‍යවශ්‍ය බව ඔබ මතක තබාගන්න. මෝසම් වැසි ආරම්භයත් සමග පැළ සිටුවීමට පටන්ගැනීම සුදුසුය.
පළමු අවුරුදු දෙක තුනෙහි ජල සම්පාදනය වැදගත්ය. පසේ ප‍්‍රමාණවත් ජල ප‍්‍රමාණයක් නැත්නම් ඔබ අනිවාර්යෙන් ජලය සැපයීම කළ යුතු බව මතක තබාගන්න.
වෙනත් බෝගවලට මෙන් නොවේ රඹුටන් වලට තිබෙන කෘමි හානිය අවමය. පිටි මකුණා, ගෙඩි විදින පණුවා, පලතුරු මැස්සා, කඳ විදින කුරුමිණියා, කඳ විදින පණුවා මගින් හානි වේ.
රඹුටන් ගෙඩි කැඩු විගසම කුඩා බුරුසුවකින් ගෙඩියේ පිට ලෙල්ල පිසදමන්න. එවිට පිටි මකුණන් ඉවත්වේ. නිරන්තරයෙන් රඹුටන් වගාව පිරිසුදුව තබාගැනීමෙන් පිටිමකුණාගෙන් සිදුවෙන හානිය වළක්වාගත හැකිය.
ගෙඩි විදින පණුවා වැඩුණු සලඹයෙකි. කීටයා ගෙඩියේ පොත්ත මදය සහ සමහරවිට බීජවලට ද හානි පමුණුවයි. ගෙඩි ඉදිමීමට පටන්ගන්නා අවස්ථාවේදී හානිය දරුණු විය හැකිය. මේ නිසා රඹුටන් පොකුරු පොලිතින්වලින් ආවරණය කිරීමෙන් ආරක්ෂා කරගත හැකිය.
වැඩුණු මැස්සෙක් වන පලතුරු මැස්සා ඉදීමට ආසන්න ගෙඩිවල පොත්ත සිදුරු කර බිත්තර දමයි. බිත්තරවලින් පිටවන කුඩා කීටයන් රඹුටන් මදය දියර තත්ත්වයට පත්කරමින් ඒ මත ජීවත්වේ. රෝගී තත්ත්වය පාලනය කිරීමට ගස යට වැටී ඇති ගෙඩි අසුලා විනාශ කළ යුතුය. ගස අවට ප‍්‍රදේශය මත ඇති පස රේක්කයකින් එහා මෙහා කරන්න. එවිට කෘමීන් සිටීනම් විනාශ වේ.
කඳ විදින කුරුමිණියා ගෙන් ද හානි පැමිණෙන බව දැනගෙන සිටීම වැදගත්ය. කුඩා රඹුටන් පැළවල උමං සාදා ඒ තුළ බිත්තර දමනු ලැබේ. මේ නිසා කුඩා පැළ වල වැඩීම දුර්වල වන අතර පැළ ක‍්‍රමයෙන් මැරී යයි.
තු දුඹුරු පැහැති කඳ විදින පණුවා කුඩා පැළවල කඳෙහි පටක කා දමයි. කෘමි හානිය පාලන කිරීමට කෘමි නාශක යෙදිය හැකිය.
මෙයට අමතර වල් පාලනය ගැනද, ඔබ උනන්දුවක් දැක්විය යුතුය. මේ සඳහා පැළය වටා උදලු ගා පිරිසුදුව තබාගන්න.
බද්ධ පැල සිටුවීමෙන් පසු වසර 3 - 4 දී පළමු වරට අස්වැන්න නෙළාගත හැකිය. මේ ගස්වලින් වඩාත් ඵලදායි අස්වැන්නක් ලබාගත හැකිය.
No comments:
Post a Comment