බීජ පැළ සිටුවීමේදී
සිටුවන වර්ගයෙන්ම ගෙඩි ලැබෙන්නේ නෑ
රසායනික ද්‍රව්‍ය වලින් තොර පෝෂ්‍යගුණයෙන් ඉහළ ආහාරයක් ලෙස කොස් හැඳීන්විය හැකිය.
ඉඩම් කැබලිවීයාමත් සමඟ තමන්ගේ ගෙවත්තේම කොස් ගසක් වවා ගැනීමට ඇති හැකියාව අඩුවී තිබේ.
කොස් දෙවැනි වන්නේ බත් වලට පමණි.
කොස් වගාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ආචාර්ය මානෙල් දසනායක කොස් වගාවේ නියමුවා ලෙස පත්කරන ලදී.
වර්තමානයේ ජනතාව අතර කොස්වගාව ජනපි‍්‍රය කරවීම මෙහි අරමුණ වී තිබේ. මේ පිළිබඳ තොරතුරු ඇගෙන් විමසුවේ කොස් වල තිබෙන වටිනාකම නිසාය.
වර්තමානයේ කොස් වගාවට මිනිසුන් අඩු නැඹුරුවක් දක්වනවා. මෙයට හේතුවක් ලෙස ඔබ දකින්නේ කුමක්ද?
ඉඩම් කැබලි වී යාම මේ වෙන විට ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. තමන්ගේ ගෙවත්ත ඉතාමත් කුඩා ගෙවත්තක් නිසා බොහෝ දෙනා මේ අසීරුතාවයට මුහුණ පානවා.
ගෙවල් දොරවල් හදන්න කොස් ගස් කපනවා. ඒත් නැවත වගාකිරීම ඉතාමත් වැදගත් වෙනවා. අතුපතර විහිදී යන විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරෙන නිසා ගැටලු මතුවෙනවා.
වත්ත මායිමක කොනකට වෙන්න කොස් ගස් හිටුවන්නෙත් මේ හේතුව නිසායි.
ගෙවත්තේ කුමන ස්ථානයක කොස් ගස සිටුවුවත් එහි මුල් විශාල පරාසයක පැතිරෙනවා නේද?
ඔව්, කොස් මුල් විශාල ප‍්‍රදේශයක ව්‍යාප්ත වෙනවා. මේ නිසාම තමයි කුඩා ගෙවත්තක කොස් ගස් වවන්න අපහසු වෙලා තියෙන්නෙ.
කෙතරම් බාධක තිබුණත්, කොස් ගසක් වැවීම වඩාත් යෝග්‍ය වන්නේ එහි ඇති පෝෂණ ගුණය නිසාය.
ඔව් කොස්වල පිෂ්ඨය බහුලයි. වස විසවලින් තොර ආහාරයක් ලෙස කොස් හඳුන්වන්න පුළුවන්.
ඖෂධයක්, එළවළුවක්, ධාන්‍යයක් හා පලතුරක් ලෙස කොස් හා එහි නිපැයුම් පිළිබඳ අනාගත පරපුරට දැනුමක් අවබෝධයක් ලබාදිය යුතු කාලය දැන් එළඹිලා තියෙනවා. මේ නිසා අපි හැමෝම කොස් වගාව ගැන උනන්දු වෙන්න ඕනෙ.
ඉදුණු කොස්වල සීනි හා කැරොටින් අඩංගුයි. ඒ වගේම කෙදි මට්ටම ඉතා ඉහළයි. ඒ වගේ කොස් ගසේ සෑම කොටසක්ම අපට ප‍්‍රයෝජනවත්.
පෝෂණ ගුණය නිසාම ඕනෑම දේශගුණ කලාපයක අය කොස් වැවීමට පෙළඹෙනවා. ඒ ගැන ඔබේ අදහස ?
විවිධ දේශගුණික කලාප වල කොස් වගා කිරීමට හැකියාව තිබෙනවා. මනා ජලවහනය සහිත ගැඹුරු පස කොස් වගාවට සුදුසුයි.
කුමන දේශගුණික කලාපයට සුදුසු වුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වගාකිරීම සඳහා ප‍්‍රභේද නිර්දේශ කර තිබේ.
කොත්මලේ , මහරගම, ෆාදර්ලෝගේ, මන්ඩූර්, ආතර් වී ඩයස්, කුරුවිට හා රෝස කොස් එම ප‍්‍රභේදයි.
සුදුමුල් රෝගයට ගොදුරු වූකොස් ගසක් |
No comments:
Post a Comment