Tuesday, January 13, 2015
අද ශුද්ධවරයට එසවෙන ජුසේවාස් මුනිදුන් ශ්‍රී ලාංකික කිතුණුවන්ට මෙතරම් වැදගත් වන්නේ ඇයි?
අද ශුද්ධවරයට එසවෙන ජුසේවාස් මුනිදුන් ශ්‍රී ලාංකික කිතුණුවන්ට මෙතරම් වැදගත් වන්නේ ඇයි?
කොළඹ ගාලු මුවදොර පිටියේ විශේෂ දිව්‍ය පූජා යාගයේදී භාග්‍යවත් ජුසේවාස් මුනිදුන්ගේ ප්‍රතිමාව ශුද්ධවරයට එසවීම, සුදුතුම් පියාණන්ගේ මෙරට සංචාරයේදී සිදුවන වැදගත්ම සිදුවීමයි.
මහෝගනී සහ තේක්ක ලීයෙන් නිමවා ඇති ජුසේවාස් මුනිදුන්ගේ මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීමට ගතව ඇති කාලය මාස දෙක හමාරක්.
ප්‍රතිමාව උසින් අඩි පහ හමාරක් සහ පළලින් අඩි දෙක හමාරක්වනවා.
අද ශුද්ධවරයට එසවෙන ජුසේවාස් මුනිදුන් ශ්‍රී ලාංකික කිතුණුවන්ට මෙතරම් වැදගත් වන්නේ ඇයි?
- ඇන්ටන් ශිවන්ත වාස් පියතුමා....
නිර්මල මරියා නිකාය
17 වන ශතවර්ෂයේදී ශ්‍රී ලංකාව ලන්දේසි පාලනය යටතේ තිබුණේ. ඒ පාලන සමයේදී කතෝලික ආගම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ තහනමට ලක් වුණා. සියලුම කතෝලික පියතුමන්ලාව රටින් පිටුවහල් කෙරෙව්වා. ඉන්දියාවේ ගෝව පුරවරයේ ඉඳලා. ජුසේවාස් පියතුමන් ලංකාවට පැමිණෙනවා කතෝලිකයන්ව හොයාගෙන. එතුමා තහංචි මැද්දෙන් එන්නේ හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන. ගෙයින් ගෙට ගිහිල්ලා කතෝලිකයන් හොයමින් ඔවුන්ට ශක්රමේන්තු දානය කරමින්, දිව්‍ය පූජා පවත්වමින් ඔවුන්ට ආගම දහම ගැන කියාදෙමින් ආගමික විශ්වාසය නැවතත් තහවුරු කරන්නට උන්වහන්සේ කටයුතු කළා. අද ශ්‍රී ලංකාවේ කතෝලික සභාව පවතිනවානම් පවතින්නේ උන්වහන්සේ ඒ කළ කැපවීමේ තීරණය නිසායි.
ජුසේවාස් පියතුමන් ධර්ම ප්රචාරක කටයුතුවල නිරත වූයේ මහනුවර යුගයේදී හෙයින් මහනුවර යුගයට ගැලපෙන අයුරින් මෙම වේදිකාවේ වහලයද නිර්මාණය කර තිබෙනවා.
- ඇන්ටන් ශිවන්ත වාස් පියතුමා....
නිර්මල මරියා නිකායජුසේවාස් පියතුමන්ව අපි මෙච්චර කාලයක් හැදුන්නුවේ භාග්‍යවන්ත ජුසේවාස් පියතුමා හැටියට. අද සිට අපට හදුන්වන්න පුළුවන් ශුද්ධ වූ ජුසේවාස් පියතුමන් හැටියට. මන්ද අද ශුද්ධෝත්තම පියතුමන් විසින් භාග්‍යවත් ජුසේවාස් පියතුමන් ශුද්ධවරයෙක් හැටියට නම් කරනු ලබනවා. ශුද්ධවරයන්ගේ නාම ලැයිස්තුවට ජුසේවාස් පියතුමන්ගේ නමත් ඇතුළුවෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි සහ එකම ශුද්ධවන්තයා හැටියට.
Labels:
TOP DANUMA
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment