Friday, January 30, 2015

අඹ පැළේට වැඩිම හානිය රතු පටි පැළ මැක්කාගෙන්



අඹ පැළේට වැඩිම හානිය රතු පටි පැළ මැක්කාගෙන්



අඹ තවාන්වල පත‍්‍ර පිළිස්සීම හේතු කොටගෙන පැළ මිය යාමට හේතුව ලෙස සොයා ගෙන ඇත්තේ රතු පටි පැළ මැක්කාගේ හානියයි. මේ පළිබෝධකයාගේ හානිය වියළි කාලවල සහ පරිසර උෂ්ණත්වය අධික පෙබරවාරි, මාර්තු සහ ජුලී, අගෝස්තු කාලවලදී වැඩිය.
මේ පැළ මැක්කාගේ ප‍්‍රධානම ධාරක ශාකය අඹ වන අතර වැඩි වශයෙන් හානියක් සිදුවන්නේ තවාන්වල ඇති අඹ පැළවලටය. කොකෝවා, කජු, පේර, කොට්ටම්බා විලෝ, අලිගැටපේර, පෙයාර්ස්, මැංගුස් ශාක ද මේ පැළ මැක්කා ධාරක ශාක ලෙස ගනී.
පත‍්‍රවල යටි පැත්තේ ප‍්‍රධාන නාරටි ආසන්නව ඇති අවපාත තුළට වී පත‍්‍ර යුෂ උරා බොනු දැකගත හැකිය.
ආරම්භයේදී වැඩුණු පත‍්‍ර මතුපිට කුඩා දුඹුරු පැහැති පැල්ලම් දක්නට ලැබෙන අතර පසුව ඒවා ක‍්‍රමයෙන් විශාල වේ. සති දෙකක් පමණ ගතවන විට පත‍්‍රයේ ධාරක ආශි‍්‍රතව පිහිටි විශාල දුඹුරු පැහැති පිළිස්සුම් ආකාර පැල්ලම් හෝ මුළු පත‍්‍රය පුරාම පැතිරුණු පැල්ලම් දක්නට ලැබේ.
පත‍්‍ර ධාරය රැලි ස්වභාවයක් පෙන්නුම් කරන අතර හානිය උග‍්‍රවූ විට පිට පැළෑටිවල කඳේ ද පිළිස්සුම් ලක්ෂණ පෙන්වයි.
මේ පිළිස්සුම් නිසා අග‍්‍රස්ථ අංකුරයට ද හානි පැමිණෙන අතර අංකුරය දුඹුරු පැහැයට හැරී වියළි යයි. අග‍්‍රස්ථය වියළී යාමත් සමඟ ම ශීඝ‍්‍රයෙන් වැඩෙන තක්ෂීය අංකුර දැකිය හැකිය.
එම අවස්ථාව වන විට පත‍්‍ර බොහොමයක් ආසාදිතව වියළි ගිලිහී ගොස් ඇති බැවින් පලිබෝධකයාගේ ශිෂුවෝ සහ සුහුඹුලෝ වැඩෙන තක්ෂීය අංකුර මතට පැමිණ යුෂ උරා බීමට පටන් ගනිති. එසේ වීමෙන් එම තක්ෂීය අංකුර ද වියළි අඹ පැළය මිය යයි.
රතු පටි පැළ මැක්කාගේ සුහුඹුල් අවධියේදී මිලිමීටරයක් පමණ දිගය. තද දුඹුරු පැහැතිවේ. බිත්තර වකුගඩු හැඩැතිය. දින 12 - 18 දී බිත්තර පුපුරා ශිෂුවා පිටවේ.
කහ පැහැති ශිෂුවාගේ උදරය උරසට සම්බන්ධ වන ස්ථානයේ උදරය වටා පැහැදිලි රතු පැහැති පටියක් ඇත. මෙම රතු පැහැති පටිය නිසා රතු පටි පැළ මැක්කා ලෙස හඳුන්වයි.
රතු පටි පැළ මැක්කාගේ ආසාදනයට පහසුවෙන්ම ගොදුරු වන්නේ දුර්වල වර්ධන තත්ත්වයන් පෙන්නුම් කරන තවාන් පැළ වේ. නිරෝගි පැළවලට ආසාදනය වීම සිදුවන්නේ කලාතුරකිනි.
තවාන් පැළ දුර්වල වීමට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ බදුන් තුළ ඇති ජල වහනයයි.
එබැවින් පැළ මැක්කා පාලනය සඳහා තවාන් පස් මිශ‍්‍රණය ඉතාමත් වැදගත්වේ. ජල වහනය හොඳින් සිදුවන තවාන් මිශ‍්‍රණයක් ලබාගැනීමට වැලි මතු පිට පස් සහ කොම්පෝස්ට් 1 1 - 1 අනුපාතවලින් මිශ‍්‍රකොට යෙදීම සුදුසුවේ.
මෙහිදී උපයෝගී කරගන්නා මතුපිට පස් දිරාගිය කාබනික ද්‍රව්‍ය අඩංගු සවිවර වසනයක් සහිත පසක් විය යුතුය.
අඹ පැළවලට හානිය දරුණු ලෙස පැතිරීමට පෙර පිළියම් යෙදීම වඩාත් ම ඵලදායි වේ. මෙම පළිබෝධකයා පාලනය සඳහා කෘමිනාශක පත‍්‍රපෘෂ්ඨයන් තෙත් වන අයුරින් යෙදීම අවශ්‍ය වේ.
රසායනික ද්‍රව්‍ය යෙදීම සවස් කළ සිදුකිරීම මඟින් වඩා හොඳ ප‍්‍රතිඵල ලබාගත යුතුය.
 

Thursday, January 29, 2015

කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල



කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල

 
මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙරට සෑම දෙනෙකුම පාහේ දන්නා බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. එහෙත් සෙංකඩගලපුර රජ මාළිගය හෙවත් රජවාසල පිහිටා තිබූ ස්ථානය මෙරට බොහෝ දෙනෙක් දන්නේ නැත. මහනුවර ජීවත්වන අයගෙන් බොහෝ දෙනෙක් ද ඒ අතර සිටීම පුදුමයට කරුණකි. රජ මාළිගාව පිහිටා තිබුණේ ද, දළදා මාළිගය අසලමය. මෙරට රජ මාළිගා අතුරින් තවමත් මේ තරමින් හෝ ඉතිරිව පවතින එකම රජමැඳුර මෙය පමණකි. 

 25

21දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන රජවාසල පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයක් නොවිය යුතුය. මෙරට බොහෝ දෙනෙකුගේ අදහස එයයි. කෙසේ වුවත්, පැරණි රජවාසල වශයෙන් සඳහන් වන්නේ එදා රජවාසලෙහි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කළ ගොඩනැගිල්ලයි. නැතහොත් දැකුම් (දකින* මාළිගයයි. එසේ නම් රජවාසලෙහි අනෙකුත් ගොඩනැගිලිවලට සිදුවූයේ කුමක්ද? 
ඉංග‍්‍රීසින් කන්ද උඩරට පාලන බලය ලබා ගැනීමත් සමඟම මෙරට රජවරුන්ගේ පාලන ක‍්‍රමය ද අවසන් විය. ඒ නිසාම මෙරට පිහිටි රජමැඳුරු ද විනාශ වූ අතර එහි නටබුන් පමණක් තැනින් තැන අදට ද දක්නට ලැබේ. එහෙත් තරමක් දුරට සතුටුදායක මට්ටමින් හෝ ඉතිරිව පවතින එකම රජමැදුර පිහිටා තිබෙන්නේ සෙංකඩගල පුරවරයේ ය. ඒ     ”මහනුවර රජවාසලයි”. රජවාසල පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව අසලය. දැනට පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන රජවාසල, මහනුවර දළදා මාළිගය දේව වීදිය ඉදිරිපිට පිහිටි සුදු සේලයෙන් වර්ණවත්ව පවතින දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටා තිබේ.  වර්තමානයේ දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පැවතිය ද, අතීතයේ සේනාසම්මත වික‍්‍රමබාහු රජතුමාගේ සිට පාලකයන් දොළොස් දෙනෙක් වාසය කර තිබෙන විශාල මන්දිරයකි. 



වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස සෙංකඩගලපුර රජවාසල
එදවස ජර්මන් ජාතික ජොහාන් වොල්ෆ්ගංග් හෙයිඞ්ට්,  ඕලන්ද තානාපති ඩැනියෙල් ග‍්‍රීන් සමඟ පැමිණි අවස්ථාවක තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ. ”වත්මන් දළදා මාළිගාව අසල පිහිටි සෙංකඩගල රජවාසලට එදවස පිවිසිය යුතු වූයේ කළුගල් පඩි හෙවත් පියගැටපෙළ දහනවයක් පසු කරමිනි. අශ්වයන් පවා මෙම කළුගල්වලින් ගෙනවුත් රජුට පෙන්විය යුතුව තිබුණි. මාළිගයට ඇතුඵ වන දොරටුවේ ඉදිරිපස කළුගලින් සාදා ඇති ඝන තාප්පයකි.  ඉන් ඇතුඵ වන විට දැකිය හැකි ගොඩනැගිලි මැටි බිත්තිවලින් ආවරණය කර ලී කණු මත සාදා ඇත.  ප‍්‍රධාන දොරටුවෙන් ඇතුඵ වන විට පිවිසෙන්නේ එවන් ගොඩනැගිල්ලකටය. රජුගේ සෙබඵ ඉතාමත් පරීක්ෂාකාරීව සිටියෝය. ගොඩනැගිල්ල මැදින් තවදුරටත් ඉදිරියට යාමේදී කදිමට සකසා තිබූ මැද මිදුලකට පිවිසිය හැක. එහි මැද කොටසේ කළුගල් අතුරා සාදා ඇති මාර්ගයකින් තවත් ගොඩනැගිල්ලකට පිවිසිය යුතුව තිබේ. මෙය දිගින් සහ පළලින් තරමක් විශාල ගොඩනැගිල්ලකි. එහි වහලය ලී කණු පේලි දෙකක් මත ඉදිකර තිබුණි. එය මැදින් ඉදිරියට ගමන් කිරීමේ දී අවසානයට දකුණු පැත්තෙන් හමුවෙන්නේ එළිමහන් බිමකි. රජතුමා සිංහාසනාරූඪ සිට ඇත්තේ එහිය.”  

මෙය සනාථ කරන සිතියමක් නෙදර්ලන්ත හේග් නුවර කෞතුකාගාරයේ ද, එහි පිටපතක් මහනුවර ජාතික කෞතුකාගාරයෙත් තිබේ. මෙම සෙංකඩගලපුර රජවාසල සිතියම අඳින ලද්දේ ක‍්‍රි.ව 1765 වසරේ දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ දී  ඕලන්ද ජාතිකයකු විසිනි. එම සිතියමට අනුව මහා වාසල සංකීර්ණය තුළ නරේන්ද්‍රසිංහ රජු සෑදු අලූත් විහාරය, විමලධර්මසූරිය රජු සෑදු දළදා මාළිගයේ පැරණි විහාරය, සිංහාසනය ඇති ස්ථානය, තනාපති මඟුල් මඩුව, ලැඟුම් ගේ, බේත් ගේ, බිසෝවරුන්ගේ ලැගුම් ගේ, රජතුමා සතු ඉස්තරම් භාණ්ඩ තබා ඇති කාමර, තුවක්කු ගබඩාව, දුනු හී ගබඩාව, කුඵබඩු කාමරය, රජතුමාගේ සොහොයුරන් සහ පවුලේ සාමාජිකයන් නැවතී සිටි කාමර, වෙඩිබෙහෙත් සහ තුවක්කු සාදන මඩු, රජුගේ අලූත් ලැඟුම් ගේ, වැසිකිළි, ඇත්හල ආදී ගොඩනැගිලි ආදිය පිහිටා තිබුණි. සංස්කෘතික ත‍්‍රිකෝණය මඟින් සිදු කරන ලද කැණීම්වල දී සිතියමේ සඳහන් කරුණු සනාථ කරගෙන ඇත.  


19


ඉංග‍්‍රීසීන් අල්ලාගත් පසු රජ මාළිගය
එහෙත් දැනට තිබෙන රජ මාළිගයේ ස්වරූපය ඊට වඩා බොහෝ වෙනස්ය. අද දක්නට ලැබෙන්නේ ක‍්‍රි.ව 1798 දී රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් අලූතින් සාදා එක් කරන ලද කොටස්ය. කෙසේ වුවත්, ලූතිනන් කර්නල් බාබට් මහනුවර ආක‍්‍රමණය කළ අවස්ථාවේ දී මෙය දක්නට ලැබුණු ආකාරය විස්තර කර තිබුණේ මෙසේය. ” රජ මාළිගා ගොඩනැගිල්ල ගින්නෙන් හානිවී තිබුණි. එය දැවැන්ත රජ මාළිගාවකි.  ප‍්‍රධාන දොරටුවෙන් මාළිගයට ඇතුඵ වන විටම ඉදිරියෙන් දක්නට ලැබෙන්නේ අලංකාර ලෙස කැටයම් කරන ලද, ගල් කුලූණුවලින් සාදා ඇති මහා ශාලාවකි. එම කුලූණු අතර සම දුරින් දැව ආධාරක මත සවි කරන ලද ඇත්දළය. මාළිගය මැද ආරක්ෂිත මිදුලකි. එම ඇත්දළ සහිත මහා ශාලාව පසුකර යන විට බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙයකි” යනුවෙනි.  ක‍්‍රි.ව 1815 වසරේ හෝ ආසන්න දිනයක දී ලූතිනන් ලිට්ල්මන් අඳින ලද චිත‍්‍රයකට අනුව, අද දක්නට ලැබෙන රජවාසල එදාත් දැකගත හැකි විය. ජෝන් ඬේවිගේ විස්තරය ද ඒ හා සැසඳේ. 

20කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් අඳින ලද සැලැස්මකට අනුව රජ මාළිගය සමන්විත වූ ආකාරය මෙසේ දැක්වේ. සටන් පුහුණු වන ස්ථානය (හරමක්කාර මඩුව), මහ වාසල, සැතපෙන ගේ, උල්පැන් ගේ, හලූ මණ්ඩපය, ආයුධ මණ්ඩපය, දකින ශාලාව (රජු සහ ප‍්‍රධානීන් හමුවන), මුද්දර මණ්ඩපය (රාජකීය මුද්‍රාව තිබූ), කවිකාර මණ්ඩපය, මඟුල් මඩුව, සාන්ති මණ්ඩපය (රජුට සෙත්සාන්ති කරන ස්ථානය), දකින මණ්ඩපය (විදේශීය තානාපතින් රජු හමුවන තෙක් නැවතී සිටින ස්ථානය), මහ ගබඩාව සහ අරමුදල (මෙම ගොඩනැගිලි දෙක පිහිටා තිබුණේ ඉංග‍්‍රීසි සමයේ කච්චේරිය වශයෙන් හා පසුව මහ අධිකරණය වශයෙන් භාවිතා කළ ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේය), උඩ ගබඩාව, මැඳ වාහල, දළදා මැඳුර, පල්ලේ වාහල, දෙමළ ඉලංගම් මඩුව, කූණම් මඩුව, ජලතිලක මණ්ඩපය සහ ගබඩා අටුව වේ.  

කෙසේ වුවත්, ඉංග‍්‍රීසින් සෙංකඩගල රජ මාළිගය අල්ලාගත් පසු, දැන් ඉතිරිව පවතින රජවාසල කොටස නිවහන කරගෙන ඇත්තේ මහනුවර ඉංග‍්‍රීසි නියෝජිතයා වූ ජෝන් ඩොයිලිය. ඉන්පසු ඉහළ ඉංග‍්‍රීසි නිලධාරීන්ගේ වාසය සඳහා රජවාසල ගොඩනැගිල්ල යොදාගෙන තිබේ. එහිදී පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. එසේ වුවද, පැරණි ස්වරූපයෙන්ම දැනට ද වෙනස් නොවී පවතින්නේ එහි ඉදිරිපස ප‍්‍රවේශය හා එයට සම්බන්ධ ශාලාව පමණි. ජෝන් ඩොයිලි ක‍්‍රි.ව 1811 වසරේ දී තබා ඇති සටහනකට අනුව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ දියණිය සහ කිරි අම්මා මියයාමෙන් පසු රජ මාළිගයේ විවිධ ආකාරයේ අද්භූත ශබ්ද ඇසීමට පටන්ගෙන තිබෙන බවට මතයක් පැවති බවත්, නොකඩවා ජනෙල්වලට තට්ටු කිරීම හා පය තබා යන අඩි ශබ්ද ඇසුණු බව කියැවේ. 

බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙම ගොඩනැගිල්ල දිසාවේ දිසාපතිවරුන්ගේ නිවාස බවටත් පත්වී තිබේ. එම කාලයේ රජ මැඳුරේ බිත්තිවල අලංකාර බිතුසිතුවම් ඇඳ තිබුණු අතර, ඔවුන් වසරක් පාසා බිත්තිවල හුණු දියර ආලේප කර තිබෙන්නේ එම චිත‍්‍ර වැසී යන අයුරිනි. ඉතිහාසයේ සොඳුරුතම සිහිවටන ඒ ආකාරයෙන් වියැකී ගියේ ඉංග‍්‍රීසීන්ගේ කුරිරු බව පසක් කරමිනි. 

ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරයට ඇතුල්වීමත් සමඟම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රජ මාළිගයට ගිනි තබා පලාගියේ රජ වාසලෙහි ඇති රහස්‍යභාවය ඔවුන්ගෙන් වසන් කිරීම සඳහා විය යුතුය. කෙසේ වෙතත්, රජවාසලට ඇතුළ්විය යුතු වූයේ දැවැන්ත උළුවස්සකිනි. එය උසින් අඩි නවයයි අඟල් තුනක් ද, පළලින් අඩි පහක් ද වේ. මෙම දොර උඵවස්සෙහි ඇති විශේෂත්වය නම්, උඵවස්සෙහි ඇතුඵ පැත්තේ කට්ටයක් කපා එයට දොර ඇතුළත් කර තිබීමයි. මෙම උඵවස්සට දොර පියන් පත් දෙකකි. උඵවස්ස වටේටම දිවෙන අලංකාර පලාපෙති මඟින් එදා ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කෙරේ. ප‍්‍රධාන උඵවස්ස දෙපස පිටත බිත්තියේ රාජකීයත්වය පෙන්නුම් කිරීම සඳහා ඉර හඳ දෙක හා ගජසිංහ රූප සහිත පිළිස්සූ මැටි පුවරු දක්නට ලැබේ. ගොඩනැගිල්ල එළියේ සහ ඇතුළත බිත්තිවල ද, සායම් කරන ලද සිංහ උඵ අල්ලා තිබෙනු දැකගත හැකිය. මෙහි ඇතුළත බිත්ති චිත‍්‍රවලින් අලංකාරව තිබී ඇති බව බිත්තිවල ආලේප කර ඇති හුණු ඉවත් කිරීමේ දී දැක ගැනීමට ලැබුණු බව ද සඳහන්ය. රජ වාසල ඇතුළත සී මැඳුරු කවුඵ පිහිටා තිබූ අතර, ශ‍්‍රී වික‍්‍රම රාජ සමයේ දී මෙම පෙදෙස ”දකින ශාලාව” වශයෙන් භාවිතා කර තිබෙන බව පෙනී යයි. 


අගබිසව වාසය කළ මැද වාහල
මැද මිදුලක් සහිතව පිහිටි මෙම ගොඩනැගිල්ල පැරණි කච්චේරි ගොඩනැගිල්ල සහ ජාතික කෞතුකාගාරය අතර පිහිටි ගොඩනැගිල්ලකි. මෙහි බිත්ති උසින් අඩුය. සමාන හතරැුස් ආකාරයෙන් පිහිටි ජනේල කුඩාය. ඒවාට බීරඵ සහිත පොලූ සවිකර තිබේ. වහලයට පෙති උඵ සෙවිලි කර තිබෙන අතර, වහලයේ මුදුන්වල මැටි කොත් සතරකි. අගබිසව වාසය කළ මෙම ගොඩනැගිල්ල මහනුවර දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ලය. එදා පැවති ස්වරූපය වෙනස් නොකර අද ඒ ආකාරයෙන්ම පවතින ගොඩනැගිල්ලකි. දකින මණ්ඩපය (රජු හමුවීමට පැමිණෙන විදේශීය තනාපතිවරු, රජුගේ අවසරය ලැබෙන තෙක් නැවතී සිටි ස්ථානය) වශයෙන් පැවැති ගොඩනැගිල්ල අද දක්නට නොමැති අතර, එය මඟුල් මඩුව හා උඩ වාහල්කඩ (මෙයද අද නොමැත)  අතර පිහිටා තිබුණි. 


පල්ලේ වාහල 
වර්තමානයේ මහනුවර ජාතික කෞතුකාගාරය වශයෙන් සඳහන් වන ස්ථානයේ පල්ලේ වාහල පිහිටා තිබුණි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා මෙහි පළමුවෙන්ම පදිංචිව සිටියා යැයි විශ්වාස කෙරේ. පසුව රජ බිසෝවරුන්ගේ වාසය සඳහා වෙන් කෙරිණි. මැද වාහලට වඩා තරමක් විශාල ගොඩනැගිල්ලක් වුවද සමාන ලක්ෂණ බොහොමයකි. දළදා මාළිගයට නැගෙනහිරින් උස භූමියක පිහිටා තිබෙන පල්ලේ වාහල මැද මිදුලක් සහිත මිටි ගොඩනැගිල්ලකි. කුඩා වා කවුළුවලින් යුක්තය. රටඋඵ සෙවිලි කර තිබේ. පල්ලේ වාහලට ඇතුඵවන උඵවස්ස දැව භාවිතා කර තිබුණ ද කැටයම් දක්නට නොලැබේ. උඵවස්ස දෙපස බිත්තියේ කලූගලින් නිම කළ කැටයම් සහිත පුවරු දෙකකි. වහලයේ මැටි කොත් දෙකකි. එහෙත් කුඩා වා කවුඵවලට බීරඵ පොලූ යොදා ඇත.

22


 ජලතිලක මණ්ඩපය 
සෙංකඩගල පුරවරයට අපූර්ව අලංකාරයත් සුන්දරත්වයත් එක්කරන, කිරිමුහුද මැද පිහිටි කුඩා දුපත හෙවත් ”ජලතිලක මණ්ඩපය” රජතුමාගේ විවේකය ගත කිරීම සඳහා භාවිතා කළ ස්ථානයකි. මෙය ”කුණ්ඩසාලේ” යන නමින්ද ව්‍යවහාර කර තිබේ. ක‍්‍රි.ව 1850 වන විටත් මෙහි අෂ්ටාශ‍්‍ර කුටියක් තිබී ඇත. ඉංග‍්‍රීසීන් මහනුවර අල්ලා ගැනීමෙන් පසු වෙඩි බෙහෙත් ගබඩාවක් වශයෙන් භාවිතා කර, තවත් වසර කිහිපයක් ගත වීමෙන් පසු එම ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඇත. ජලතිලක මණ්ඩපය ද, පත්තිරිප්පුව, මඟුල් මඩුව ඉදිකළ දේවේන්ද්‍ර මුලාචාරියාගේ නිර්මාණයකි. ජෝන් ඩොයිලි ඔහුගේ දිනපොතෙහි ක‍්‍රි.ව 1812 ජූනි 12 දින තබන ලද සටහනකට අනුව මෙසේ සඳහන් කර තිබේ. ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් ළඟදී සාදන ලද වැව මැද කුණ්ඩ ශාලාවක් ගොඩනංවා කොකු උඵ සෙවිලි කරන ලදී. ඒ වැවෙහිම එකකට එක කුඹ ගස බැගින් වූ යාත‍්‍රා දෙකක් ද සාදා, පාරු දෙකක් ද සාදන ලදී. වැව මැද තිබෙන කුණ්ඩ ශාලාවට යාම සඳහා දිගහැරීමට හා හැකිළීමට හැකි පාලමක් ද රජු තැනෙව්වෝය” වශයෙනි. 


24

උඩරට රජවරු සහ ඉංග‍්‍රීසීන් ඉදිකළ මඟුල් මඩුව 
උඩරට රජවරු සහ ඉංග‍්‍රීසි යන දෙපිරිසේම සහභාගිත්වයෙන් මෙරට ඉදිවූ එකම ගොඩනැගිල්ල මෙය වේ. ඒ අනුව, ක‍්‍රි.ව 1784 වසරේ දී ශ‍්‍රී රාජාධි රාජසිංහ රජතුමා විසින් මඟුල් මඩුව ඉදිකිරීම ආරම්භ කර ඇති බව ඉංග‍්‍රීසි ලේඛක ජේ. සී ලූවිස් සනාථ කර ඇත. ඔහු සඳහන් කරන ආකාරයට ක‍්‍රි.ව 1796 රාජාධි රාජසිංහ රජ සමයේ ඉංග‍්‍රීසීන් මහනුවරට ඇතුඵ වන විටත් මෙම ගොඩනැගිල්ල සාදා නිමකර නොමැත. මහා වංශයේ මෙම ගොඩනැගිල්ල පිළිබඳව සඳහනක් නොමැත. කෙසේ වුවත්, කන්ද උඩරට නායක්කාර වංශික රජවරු දෙදෙනෙක් වන රාජාධි රාජසිංහ සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රට පාලන කටයුතු සිදු කළේ මෙම ගොඩනැගිල්ලේ සිටය. රාජ සභාව පවත්වාගෙන යාම, යුක්තිය පසිඳලමින් අධිකරණ කටයුතු මෙහෙය වූයේ ද මෙහි සිටය. එදා ”මහ නඩුව” යන නමින් ද මඟුල් මඩුව හඳුන්වා දී ඇත. මහ නඩුව යන්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යන තේරුම ද ලබා දෙයි. එදා රාජ සභාව පවත්වන අවස්ථාවල දී මෙම ගොඩනැගිල්ලේ ඇති දැව කුළුණු අතර රතු පැහැති රෙදිවලින් රැුළි පාලම් ඇද අලංකාර කර සරසා තිබුණි. මහනුවර යුගය දැව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ දක්ෂතා දක්වා තිබූ බවට මඟුල් මඩුව කදිම සාක්ෂියකි. මෙය පොලොන්නරු මඟුල් මඩුවෙන් ආභාෂය ලබා ඉදිකළ දැව ගොඩනැගිල්ලකි. 

රාජාධි රාජසිංහ රජු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා භාරදී තිබෙන්නේ දේවේන්ද්‍ර මුලාචාරියාටය. නාලන්දා කැලයෙන් කපාගෙන එන ලද හල්මිල්ල, නා ආදී දැව භාවිතා කර තිබේ. එහෙත් රාජාධි රාජසිංහ රජුට මෙය අවසන් කිරීමට ඉඩ ලැබී නැත. ඉන්පසු බලයට පත්වෙන මෙරට අවසන් රජුවන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද මෙහි ඉදිකිරීම්වලට සම්බන්ධවී ඇත. ක‍්‍රි.ව 1803 වසරේ දී ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරය ආක‍්‍රමණයේ දී රාජකීය ගොඩනැගිලි බොහොමයක් ගිනි තබා විනාශ කරන ලද අතර, එහිදී මඟුල් මඩුවට ද හානි සිදුවෙන්නට ඇත. ඉංග‍්‍රීසීන් පාලනය ආරම්භ මුල් කාලයේ දී පමණ මෙහි වැඩ නිමවී තිබේ. ගල් පදනමක් මත ඉදිකරන ලද මඟුල් මඩුව ලී කණු පේලි හතරක් මත රැුඳුණු තද හැඩ සහිත පෙති උළු සෙවිලි කළ වහලයකි. එහි මුදුන දෙපස මැටි කොත් දෙකකි. සෑම පැත්තෙන්ම විවෘතය. කණු මත විශාල බාල්ක, කුරුපා හා යට ලී විසිතුරු ලෙස කැටයම් කර තිබුණි. ඒවා පිහිටියේ කැටයම් කළ පේකඩ මතය. වහලය සෑහෙන දුරක් කණුවලින් පිටතට නෙරා තිබේ. මෙහි දකුණු කෙළවරේ උස් වේදිකාවක් තිබූ බවට සළකුණකි. බොහෝ විට එහි රජවරු විනිශ්චය සභාව පැවැත්වීමට යොදාගත් ස්ථානය බව පෙනේ.  ඉංග‍්‍රීසීන් විවෘත ගොඩනැගිල්ල වටා බිත්ති බැඳ භාවිතයට ගත්ත ද, ක‍්‍රි.ව 1875 හත්වැනි එඞ්වඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එම වටේ බිත්ති කඩා බිඳ දමා තවත් දික්කර ඇත. ඒ අනුව උඩරට රජවරුන් සහ ඉංග‍්‍රීසි ආණ්ඩුව යන කොටස් දෙක සම්බන්ධ වෙමින් මෙරට ඉදිකළ එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වශයෙන් ඉතිහාසයට එක්වී අවසන්ය.  


බිසෝ උල්පැන්ගේ 
දළදා මාළිගය ඉදිරිපිට කිරිමුහුද ඉවුරේ පිහිටි සුදු පැහැති ගොඩනැගිල්ල බිසෝ උල්පැන්ගෙයයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ බිසෝවරු ස්නානය කිරීම සඳහා භාවිතා කළ ස්ථානයයි. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරමින් පවතී. ක‍්‍රි.ව 1806 වසරේ දී වැවේ ඉවුරෙහි කොටසක් අයත් වන ආකාරයෙන් සාදා ඇති දෙමහල් ගොඩනැගිල්ල තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබේ. උඩුමහලේ සොල්දර තට්ටුව ඇඳුම් මාරුකර ගැනීම සඳහා භාවිතා කර ඇත. මෙම ගොඩනැගිල්ල ද දේවේන්ද්‍ර මූලාචාරියාගේ නිර්මාණයකි. දියවඩන නිලමේ මෙම උල්පැන්ගෙයහි ද ප‍්‍රධානියා වේ. පහත මාලය වැව්දිය පිරි තටාකයකි. පැරණි ජල තටාකය අඩි 40 දිගක් ද, අඩි 25 පළලකින් ද සහ අඩි 5 ක ගැඹුරකින් ද යුක්තය. මෙම ජල තටාකයට බැසගත් බිසෝවරු  ස්නානය, ජල ක‍්‍රීඩා, සහ මාලූන්ට කෑම ලබාදීම ආදිය සිදු කළහ. මෙහි සිට කිරිමුහුද මැද පිිටි ජලතිලක මණ්ඩපය දක්වා ගමන් කිරීම සඳහා කඹවලින් සෑදු පාලමකි.  කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් සෙංකඩගල පුරවරයේ රාජකීය ගොඩනැගිලි සියල්ල ගිනි තබා විනාශ කළ අතර, මෙම ගොඩනැගිල්ල ද ඊට අයත් විය. ක‍්‍රි.ව 1857 දී නාන තටාකය ගල් සහ පස් යොදා වසා දැමූහ. ඉන්පසු විශාල කුළුණු සාදා දෙමහල් ගොඩනැගිල්ලක් සාදා පුස්තකාලයක් බවට පත්කර ඉංග‍්‍රීසි නිලධාරීන්, හමුදා නිලධාරීන්, වතු හිමියන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගත්හ. පසු කාලයේ මෙම පුස්තකාලය නඩත්තු කිරීම අපහසු වූ හෙයින් එහි පොත්පත් මහනුවර නාගරික පුස්තකාලයට ලබා දී තිබේ. ඉන්පසු මෑතක් වනතුරු පොලිස් මුරපොළක් වශයෙන් ද යොදා ගැණුනි.

23

Friday, January 23, 2015

ආරක්‍ෂිත ගෘහ තුළ වගා කිරීම



ආරක්‍ෂිත ගෘහ තුළ වගා කිරීම


බෝග වර්ධනයට අහිතකර වර්ෂාව සුළඟ වැනි තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා සකස් කරන ලද විශේෂ පොලිතීන් ගෘහ තුල එළවළු වගා කිරීම මේ යටතට ගැනේ.
වර්ෂාව නොකඩවා පවතින දේශගුණික තත්ත්වවල බලපෑමක් බෝගවලට ඇති නොවන නිසා වසරේ සෑම කාලයකම එළවළු වගා කිරීමේ හැකියාව ඇත. තවද එවැනි කාලවලදී එළවළු නිෂ්පාදනවලට වැඩි මිලක් ලබාගත හැකිය.
ආරක්‍ෂිත තත්ත්ව යටතේ වගා කරනු ලබන එළවළුවලට කෘමීන්ගෙන් හා රෝගවලින් ඇතිවෙන බලපෑම් අවම නිසා ගුණාත්මයෙන් ඉහළ ඒකාකාරී ඵලදාවක් ලබාගත හැකිය.
වල් මර්දනය, පළිබෝධ නාශක ඉසීම වැනි කටයුතු අවම බැවින් කම්කරු අවශ්‍යතාව සාපේක්‍ෂව අඩුය.
ආරක්‍ෂිත ගෘහ තුල බෝග සිටුවීමේදී බඳුන්වල පැළ සිටුවීම යෝග්‍ය වේ. පසෙහි සිටුවීමෙන් ජලවහනය පාලනය කිරීම අපහසුවන අතර බැක්ටීරියා හිටු මැරීමේ රෝගයට පාත‍්‍ර වුවහොත්, එම ක්‍ෂේත‍්‍රයේ පසක සොලනේසියේ කුලයට අයත් තක්කාලි වැනි බෝග වර්ග වගා කිරීමට හැකිය.
කළු පැහැති පොලිතීන් වලින් තනාගත් අඩියක් උස මලු හෝ ලීටර් 10 ක් පමණ ජලය පිරවිය හැකි ප්ලාස්ටික් බාල්දි යොදාගන්න. පොලිතීන් මලුවල පතුලට ආසන්නයේ පැති බිත්තිවල මි.මි. 10 ප‍්‍රමාණයේ විශ්කම්භයෙන් යුත් සිදුරු 6-10 ක් පමණ සාදා පහත සඳහන් අයුරින් බඳුන් පිරවිය යුතුය.
මේ සඳහා ජලයෙන් සෝදාගත් කොහුබත් සමඟ අඩක් දැවූ දහයියා හෝ ගල් කුඩු හෝ භාවිතා කළ හැකිය.
පොහොර යෙදීමේදී ගසට අවශෝෂණය කර ගැනීම සඳහා ජල ද්‍රව්‍යය පොහොර මිශ‍්‍රණය භාවිතා කෙරේ. ඒ සඳහා වෙළෙඳ පොලේ ඇති ඇල්බට් පොහොර මිශ‍්‍රණය යොදාගනියි. මේ මිශ‍්‍රණය ශාකයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබාදෙයි. තවාන් තැටි හෝ හතරැස් කොටුවලට වෙන් කරන ලද ප්ලාස්ටික් තැටි ද භාවිතා කළ හැකිය.
මේ තැටිවලට ජලයෙන් සෝදාගත් කොහුබත් පුරවා ඉන්පසු බීජ දැමීම සිදුකළ හැකිය. පැළ තැටිවලින් ඉවත් කර ගැනීම පහසු වනු පිණිස තැටියේ කොටු හරහා සෙ.මී. 1/2 ක් පමණ පළල පොලිතින් පටි අසුරා ඒ මත කොහුබත් පුරවා ගත යුතුය.
පාලිත ගෘහ තුළ වගා කිරීමේදී එක් එක් ක‍්‍රම යොදාගනියි. මෙහිදී බෙල්පෙපර් ක‍්‍රමය ඉතාමත් වැදගත් වේ. සති 5-6 ක් පමණ වූ පසු මාධ්‍ය පිරවූ පොලිතින් බඳුන් වලට පැළ හඳුන්වා දෙන්න.
ශාක ඍජුව වර්ධනය වීමට ආධාරක සිටුවන්න. ශාකයේ අග‍්‍රය වී ආකාරයට පාර්ශ්වික අතු දෙකක් ඇති වන අයුරින් පුහුණු කිරීම සිදු කරන අතර ශාකයේ ප‍්‍රධාන කදේ ඇති පාර්ශ්වික ශාක සියල්ල හා ආලෝකය නොලැබෙන මේරූ පාදස්ථ පත‍්‍ර ද ඉවත් කරන්න.
ඵලවල පැහැය කොළ පැහැයේ සිට තැඹිලි පැහැයට හැරීම ආරම්භ වන අවධියේදී නෙළා ගැනීම වඩාත් යෝග්‍ය වේ.
පාලිත ගෘහ ඇතුළේ වගාකරන තක්කාලි තවාන් පැළ සති 4 ක් පමණ වයසින් වැඩුණු පසු පොලිතීන් බඳුන් වලට හඳුන්වා දෙන අතර සතියකට පමණ පසු ආධාරක සිටුවා තක්කාලි ශාක ඍජුව පවත්වා ගැනීමට උත්සහ දරන්න.
සලාද පිපිඤ්ඤ බීජ තවාන් දැමීමකින් තොරව ඍජුවම පොලිතීන් බෑග්වලට හඳුන්වාදීම සිදු කරන අතර සති දෙකක් පමණ පැළ වයසින් වැඩුණු පසු ගෘහයේ ඉහළ ආධාරකවල රැඳ වූ කම්බිවල ගැට ගැසූ නූල් මගින් ඉහළට වර්ධනය වීමට අවශ්‍ය ආධාර සැපයීම සිදුකරයි.
තවද තනි කඳක් ලෙසට වැල් පුහුණු කරන අතර පහළින් හට ගන්නා පාර්ශ්වික ශාක සියල්ල ඉවත් කරයි. පාදස්ථයේ සිට පත‍්‍ර 5 කට පහළින් වර්ධනය වන සියලුම පුෂ්ප පමණක් ඵල බවට පරිවර්තනය වීමට ඉඩ හරිනු ඇත.

Tuesday, January 20, 2015

සනත් ජයසූරිය කුමාර් සංගක්කාරට දෙවැනි වෙයි i සනත් ජයසූරිය කුමාර් සංගක්කාරට දෙවැනි වෙයි (WATCH REPORT) නවසීලන්තය සමග පැවති සිව් වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක පරාජයක් හිමි වුව ද කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් එක් විය. ඒ, කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභියා බවට පත්වීම හේතුවෙනි. අද දිනයේ රැස් කළ ලකුණු 76 ත් සමගින් ඔහු රැස් කර සිටින මුළු එක්දින ලකුණු සංඛ්‍යාව 13490ක් බවට පත් විය. මීට පෙර ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභියා වූ සනත් ජයසූරිය රැස් කර සිටියේ, ලකුණු 13430කි. ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභීන්: 1. කුමාර් සංගක්කාර – 13490 (තරග 394) 2. සනත් ජයසූරිය – 13430 (තරග 445) 3. මහේල ජයවර්ධන – 12472 (තරග 438) 4. අරවින්ද ද සිල්වා – 9284 (තරග 308) 5. තිලකරත්න ඩිල්ෂාන් – 9183 (තරග 304) මේ අතර, වැඩි ම එක්දින ලකුණු ලාභීන් අතර ලෝකයේ ම තුන් වන ස්ථානය කුමාර් සංගක්කාරට හිමිව තිබේ. ඔහුට දෙවන ස්ථානයට පැමිණීම සඳහා තවත් අවශ්‍ය වන්නේ, ලකුණු 215ක් පමණි. මේ අතර, ලොව වැඩි ම එක්දින ලකුණු ලාභීන් අතර ශ්‍රී ලාංකික පිතිකරුවන් තිදෙනෙකු සිටීම විශේෂත්වයකි. ලොව වැඩි ම එක්දින ලකුණු ලාභීන්: 1. සචින් ටෙන්ඩුල්කාර් – 18426 (තරග 463) 2. රිකී පොන්ටින් – 13704 (තරග 375) 3. කුමාර් සංගක්කාර – 13490 (තරග 394) 4. සනත් ජයසූරිය – 13430 (තරග 445) 5. මහේල ජයවර්ධන – 12472 (තරග 438)


සනත් ජයසූරිය කුමාර් සංගක්කාරට දෙවැනි වෙයි 2015/01/20


සනත් ජයසූරිය කුමාර් සංගක්කාරට දෙවැනි වෙයි (WATCH REPORT)
නවසීලන්තය සමග පැවති සිව් වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක පරාජයක් හිමි වුව ද කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් එක් විය.
ඒ, කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභියා බවට පත්වීම හේතුවෙනි.
අද දිනයේ රැස් කළ ලකුණු 76 ත් සමගින් ඔහු රැස් කර සිටින මුළු එක්දින ලකුණු සංඛ්‍යාව 13490ක් බවට පත් විය.
මීට පෙර ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභියා වූ සනත් ජයසූරිය රැස් කර සිටියේ, ලකුණු 13430කි.
ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභීන්:
1. කුමාර් සංගක්කාර – 13490 (තරග 394)
2. සනත් ජයසූරිය – 13430 (තරග 445)
3. මහේල ජයවර්ධන – 12472 (තරග 438)
4. අරවින්ද ද සිල්වා – 9284 (තරග 308)
5. තිලකරත්න ඩිල්ෂාන් – 9183 (තරග 304)
මේ අතර, වැඩි ම එක්දින ලකුණු ලාභීන් අතර ලෝකයේ ම තුන් වන ස්ථානය කුමාර් සංගක්කාරට හිමිව තිබේ.
ඔහුට දෙවන ස්ථානයට පැමිණීම සඳහා තවත් අවශ්‍ය වන්නේ, ලකුණු 215ක් පමණි.
මේ අතර, ලොව වැඩි ම එක්දින ලකුණු ලාභීන් අතර ශ්‍රී ලාංකික පිතිකරුවන් තිදෙනෙකු සිටීම විශේෂත්වයකි.
ලොව වැඩි ම එක්දින ලකුණු ලාභීන්:
1. සචින් ටෙන්ඩුල්කාර් – 18426 (තරග 463)
2. රිකී පොන්ටින් – 13704 (තරග 375)
3. කුමාර් සංගක්කාර – 13490 (තරග 394)
4. සනත් ජයසූරිය – 13430 (තරග 445)
5. මහේල ජයවර්ධන – 12472 (තරග 438)

Sunday, January 18, 2015

ඒ.බී. ඩිවිලියස් එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකය සහ අර්ධ ශතකය වාර්තා කරයි 2015/01/18



ඒ.බී. ඩිවිලියස් එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකය සහ අර්ධ ශතකය වාර්තා කරයි





ඒ.බී. ඩිවිලියස් එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකය සහ අර්ධ ශතකය වාර්තා කරයි
දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී. ඩිවිලියස් එක්දින ජාත්‍යන්තර පිටියේ වේගවත්ම ශතකය හා අර්ධ ශතකය තමන් සතුකර ගැනීමට අද සමත් විය.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ය.
ඔහු වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේ, පන්දු 16කින් ය.
වේගවත්ම ශතකය ඔහු පන්දු 31කින් වාර්තා කළේය.
මීට පෙර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය වේගවත්ම අර්ධ ශතකය පන්දු 17කින් වාර්තා කළේය.
නවසීලන්තයේ කොරී ඇන්ඩර්සන් මීට පෙර වේගවත්ම ශතකයේ වාර්තාව පන්දු 36කින් වාර්තා කර තිබුණි.
ඒ.බී. ඩිවිලියස් මෙම ඉනිමේදී පන්දු 44කට ලකුණු 149ක් ලබා ගැනිමට සමත් විය.
ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 16ක් ඇතුලත් වීම විශේෂත්වයකි.

ඩිවිලියර්ස් එක්දින අර්ධ ශතකය පන්දු 16කින් වාර්තා කළ අතර එක්දින ශතකය පන්දු 31කින් වාර්තා කළේය.

ලොව වේගවත්ම අර්ධ ශතකයට මීට ඉහතදී හිමිකම් කීවේ ශ්‍රී ලංකාවේ
සනත් ජයසූරියයි. එය පන්දු 17කින් වාර්තා කර තිබුණි. ලොව වේගවත්ම
ශතකයට හිමිකම් කීවේ නවසීලන්තයේ කුරේ ඇන්ඩර්සන්ය. ඔහු පන්දු
36කින් එම වාර්තාව පිහිටුවා තිබුණි.
කුරේ ඇන්ඩර්සන් පසුගිය වසරේ ජනවාරි මාසයේදී කොදෙව්
කණ්ඩායමට එරෙහිව ලොව වේගවත්ම ශතකය වාර්තා කළේය.
සනත් ජයසූරිය 1996 වසරෙදී පාකිස්තානයට එරෙහිව ලොව වේගවත්
එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.


AB de Villiers

2014 වසරේ පරිසර උෂ්ණත්වය පිළිබඳ “නාසා” වාර්ථාවෙන් ලොව කැළඹේ.



2014 වසරේ පරිසර උෂ්ණත්වය පිළිබඳ “නාසා” වාර්ථාවෙන් ලොව කැළඹේ.

 

 
2014 වසර මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වර්තාවූ වසර වූ බව NASA ආයතනය පසුගිය දා මාධ්‍ය වෙත හෙළිකලා. National Oceanic and Atmospheric Administration හා නාසා ආයතනය සතුවූ වසර 135 ක දත්ත විශ්ලේෂණයෙනුයි මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.
ඒ අනුව පසුගිය වසරේ භූමි උෂ්ණත්වය හා සාගර උෂ්ණත්වය ඒකාබද්ධ මධ්‍යන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 58.24 ක් ( සෙල්සියස් අංශක 14.58 ක් ) වන බවත් මේ අගය 20 වන සියවසේ වාර්තා වූ උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 1.03 ක් පමණ ඉහළ අගයක්. ඒ වගේම භූමි උෂ්ණත්වයේ සාමාන්‍ය අගය පහුගිය සියවසට වඩා ෆැරන්හයිට් 1.80 ක් ඉහළ අතර සාගර උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ෆැරන්හයිට් 1.03 ක් ඉහළ ගොස් ඇත. භූමි උෂ්ණත්වය පමණක් සැලකූ විට පසුගිය වසර ඉතිහාසයේ සිව් වැනි ඉහළම උෂ්ණත්වය වුවත් සාගර උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය වාර්ථා වූ වසර 2014 වසර බැවින් සමස්ථ අගය සැලකූ විට 2014 වසර උෂ්ණාධිකම වසර බවට පත්වේ.
ඒ වගේම උෂ්ණාධිකම වසර අතරින් මුල් 10ම වාර්ථා වන්නේ 1998 වසරට පසුව වීමත් විශේෂත්වයක්. මේ අනුව බලන කළ ගෝලීය උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ යන බව ඉතාමත් පැහැදිලියි.
හරිතාගාර වායුව සීග්‍රයෙන් වායුගෝලයට එකතු වීම අතිනුත්, කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය ඉහළ යාම අතිනුත් පසුගිය වසර කිහිපය වාර්තා පිට වාර්තා තැබූ වසර වනවා. 2013 වසරේ මැයි මාසයේ දී කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයට කොටස් (parts per million) 400 අගය පසුකළ අතර එය වසර 800 000කින් වාර්තා වූ වැඩිම අගයයි. CO2 සාන්ද්‍රණය සාමාන්‍යයෙන් වසර පුරා ඉහළ පහළ ගියත්, 2014 වසරේ මාස කිහිපයක්ම මිලියනයට කොටස් 400 (ppm – parts per million) අගය ඉක්මවා තිබෙනවා. දැනට පවතින කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ආසන්න කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් වාර්ථා වන සමයේ පරිසර උෂ්ණත්වය මීට වඩා ෆැරන්හයිට් 11ක් පමණ වැඩි අතර මුහුදු මට්ටමත් මීට වඩා අඩි ගණනක් ඉහළ බවයි වාර්තා වන්නේ.

Saturday, January 17, 2015

පරිගණක වෛරසයක් යනු



පරිගණක වෛරසයක් යනු





      පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි.

වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.

වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී.

සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි.

පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරය


ඉතිහාසය

                                                                     1970 දී ක්‍රීපර් (Creeper) වෛරස පළමුව සොයා ගනු ලැබුවේ අන්තර්ජාලයේ පුරෝගාමියෙකු වූ ARPANET හිදීය. ටෙනෙක්ස (TENEX) මෙහෙයුම් පද්ධතිය හරහා ව්‍යාප්ත වූ එයට සම්බන්ධිත ඕනෑම මොචමයකින් දුරස්ත පරිගණකයකට සම්බන්ධ වී එය ආසාදනය කළ හැකිය. තවද එය (I’m THE CREEPER : CATCH ME IF YOU CAN) යන පණිවිඩය දක්වා සිටී. ඒ සමගම මතුවූ ක්‍රිපර්හි පිටපත් සොයා ඒවා විනාශ කරන රීපර් (Reaper) ක්‍රමලේඛනය ක්‍රීපර්හි නිර්මාතෘවරයා විසින්ම ලියන ලද්දක් බවට කටකතාවක් පවතී.

                                                                    නිර්මාණය කරන ලද පරිගණකයෙන් හෝ පර්යේෂකාගාරයෙන් මුල් වරට පෙනී සිටි වෛරසය රෝදර් J “Rother J” යනුවෙන් වැරදි පිළිගැනීමක් ඇත. අනෙකුත් මුල් කාලීන වෛරස සදහා අවධානයට ලක්වන පරිගණක වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්වරට වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්ම වෛරසය වූයේ එයයි. 1982 දී රිචඩ් ස්ක්‍රෙන්ටා (Richard Skrenta) විසින් ලියන ලද මෙය ඇපල් DOS 3.3 (Apple DOS 3.3) මෙහෙයුම් පද්ධතියට සම්බන්ධව තිබූ අතර සුනම්‍ය තැටි (Floppy disk) මගින් ව්‍යාප්ත විය. ඇත්ත වශයෙන්ම විහිළුවක් වන මෙය උසස් පාසලක සිසුවෙකු විසින් නිර්මාණය කර ඇති අතර ක්‍රීඩාවකට ඇතුළත් කර තිබුණි. තැටිය භාවිතා කළ හැකි වන්නේ 49 වතාවක් පමණි. 50 වන වතාවේදී ක්‍රීඩාව ආරම්භ වනවා වෙනුවට හිස් තිරය මත එල්ක් ක්ලෝනර් (Elk Cloner) නම් වෛරසයක් පිළිබද පණිවිඩයක් දිස්වේ. තිරයේ දැක්වුණු පණිවිඩය පහත පරිදි වේ.


සොයා ගැනීම වළක්වන ක්‍රම

                                                         පරිශීලකයන් විසින් සොයා ගැනීම වළක්වනු පිණිස සමහරක් වෛරස විවිධ වර්ගවල ප්‍රයෝග යොදාගනී. සමහරක් පැරණි වෛරසවලදී , විශේෂයෙන් MS – DOS පසුබිමක් තුළ , ගොනුව වෛරසයක් මගින් ආසාදනය වූ විට සත්කාරක ගොණුවේ අවසන් නවීකරණ (last modified) දිනය නොවෙනස්ව පවත්වා ගැනීමට වගබලා ගනී. කෙසේ නමුත් මෙම ක්‍රමය මගින් පිළි වෛරස මෘදුකාංග රැවැට්ටීම කළ නොහැක, විශේෂයෙන්ම ගොනු වෙනස් වීමේදී චක්‍රීය අතිරික්තතා Cyclic redundancy පරීක්ෂාව පවත්වා ගන්නා හා දින නියම කරන මෘදුකාංග.

                                                 සමහර වෛරසවලට ගොණුවල ප්‍රමාණ වෙනස් නොකර ‍හෝ ඒවාට හානි ‍නොකර ඒවා ආසාදනය කළ හැක. ඔවුන් මෙය ඉටු කර ගන්නේ ක්‍රියාත්මක විය හැකි ගොණුවල ප්‍රයෝජනයට නොගන්නා කොටස් මත නැවත ලිවීමෙනි. (overwrite) මේවා කැපීම් (Cavity) වෛරස ලෙස හදුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස CIH වෛරසය හෝ චර්නොබිල් වෛරසය පහසුවෙන් ගෙන යා හැකි ක්‍රියාකාරී ගොනු (portable Executable files) ආසාදනය කරයි. මන්දයත් එම ගොණුවල බොහෝ ඉඩ ඇති අතර 1kB පමණ වන වෛරසය ගොණුවේ ප්‍රමාණයට එකතු‍ නොවේ.

සමහර වෛරස සොයාගැනීම වැළැක්වීමට ඒවා සොයා ගැනීමට පෙර පිළි වෛරස මෘදුකාංගයට ප්‍රහාර එල්ල කරයි.

පරිගණක හා මෙහෙයුම් පද්ධති වඩා විශාල හා සංකීර්ණ වන විට සැගවී ඇති පැරණි තාක්ෂණික ක්‍රම යටත් කාලීන කිරීම හෝ අ‍ාදේශ කිරීම කළ යුතුය. වෛරසවලට එරෙහිව පරිගණකයක් ආරක්ෂා වීමේදී සෑම ආකාරයට ගොනු ඇතිවීමක් සදහාම විස්තර සහිත හා පැහැදිලි අවසර ලබාදීම ගොණු පද්ධති සංක්‍රමණය වීම ඕනෑකමින් අවධාරණය කර සිටී.

 ආසාදන ක්‍රමෝපායන්

                                                                   නැවත තමාගේම ආකෘතියක් තනා ගැනීම සඳහා වෛසරවලට කේත නිකුත් කිරීමේ හා මතකයට ලිවීමේ හැකියාව තිබිය යුතුය. මෙම හේතුව ‍නිසා වෛරස , නීත්‍යනුකූල වැඩසටහන්වල කොටසක් විය හැකි , ක්‍රියාත්මක විය හැකි ගොනුවලට බැ‍ඳේ. ක්‍රියාකරවන්නන් ආසාදිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යත්න දැරූ විට වෛරස කේතය පළමුව ක්‍රියාත්මක විය හැක. ක්‍රියාත්මක වූ විට ඒවායේ හැසිරීම මත පදනම්ව වෛරස ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. අනේවාසික (Nonresident) වෛරස ක්ෂණිකවම ආසාදනය කරවිය හැකි වෙනත් සත්කාරක (host) සොයා ඒවා ආසාදනය කර අවසානයේ ඔවුන් ආසාදනය කළ යෙදුම් වැඩසටහනට පාලනය බාරදේ. නේවාසික (resident) වෛරස ක්‍රියාත්මක වීමේදී මතකයට ඇතුළත් වී පාලනය සත්කාරක වැඩසටහනට බාර දේ. වෛරස දිගටම ක්‍රියාකාරීව තිබෙන අතර ‍වෙනත් වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතිය මගින් එම ගොනුවලට ප්‍රවේශ වූ විට නව සත්කාරක ද අසාදනය කරනු ලබයි.


මෙහෙයුම් පද්ධති වෛරස සඳහා අනතුරට භාජනය විය හැකි අවස්ථා

 

                                            ජනගහනයක ජාන විවිධත්වය අඩු වීමත් සමගම එම ජන කොට්ඨායෙන් තනි රෝගයක් නැතිවී යාමේ හැකියාවක් ඇත. ඒ හා සමානවම ජාලයක මෘදුකාංග පද්ධතිවල විවිධත්වය වෛරසවල විනාශකාරී අරමුණු සීමා කරයි.

මෙය මයික්‍රෙ‍ාසොෆ්ට් සමාගම වැඩතල (Desktop) මෙහෙයුම් පද්ධති හා කාර්යාල මෙවලම් වෙළඳපොළ ආක්‍රමණය කළ 1990 කාලයේ විශේෂ සැලකිල්ලට භාජනය වූ දෙයකි. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පරිශීලකයන් (විශේෂයෙන් මයික්‍රොසොෆ්ට් අවුට් ලුක් හා ඉන්ටර්නෙට් එකස්ප්ලෝරර් වැනි) වෛරස පැතිරීමේ අවදානමට විශේෂයෙන් ලක්විය. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග ‍ඒවායේ වැඩතල ප්‍රමුඛතාව නිසා වෛරස නිර්මාණකරුවන්ගේ වැඩි අවධානයට බදුන් වන අතර වෛරස නිර්මාණකරුවන්ට ප්‍රයෝජන ගත හැකි වැරදි හා දුර්වල ස්ථාන බොහෝමයක් අඩංගු නිසා නිතර විවේචනයට භාජනය විය. සමෝධානිත හෝ සමෝධානිත නොවන මෘදුකාංග (මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැනි) හා ගොණු පද්ධතිවලට ප්‍රවේශ ඇති උපදේශාවලි (Scripting) භාෂාවකින් යුත් යෙදුම් (උදාහරණ ලෙස විෂුවල් බේසික් උප‍ෙද්ශාවලි (VSB) හා ජාලකරණ විශේෂාංගවලින් යුත් යෙදුම්) ද විශේෂයෙන් අනතුරට භාජනය විය හැකිය.

‍වින්ඩෝස් වෛරස නිර්මාණකරුවන්ගේ ප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වුවත් සමහරක් වෛරස වෙනත් ඒවායේ ද ක්‍රියාත්මක වේ. ‍ෛසද්ධාන්තික‍ව තෙවන පන්තියේ ක්‍රමලේඛ ධාවනයට ඉඩදෙන ඕනෑම මෙහෙයුම් පද්ධති අනෙක්වාට වඩා ආරක්ෂිත බවින් අඩුය. යුනික්ස් මත පදනම් වූ මෙහෙයුම් පද්ධති (හා වින්ඩෝස් NT වේදිකා මත වූ NTFC යෙදුම්) ඒවායේ පරිශීලකයන්ට, ක්‍රියාත්මක විය හැකි දේ ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ ඔවුන්ගේම වෙළුම්වල ඔවුන්ගේම ආරක්ෂිත ඉඩෙහි පමණි.

                                                      අන්තර්ජාලය මත පදනම් වූ පර්යේෂණයක් පෙන්වා දුන්නේ වෛරසයක් බාගත කිරීමට පුද්ගලයන් කැමැත්තෙන්ම විශේෂ බොත්තම් එබූ අවස්ථා ඇති බවයි. F සෙක්‍යූ (secure) නම් ආරක්ෂක අංශයක් වසර භාගයක් පුරාවට ගූගල් ඇඩ්වෙයාර් හි “ඔබේ පරිගණකය වෛරසවලින් නිදහස් ද ? මෙතැනින් එය ආසාදනය කර ගන්න” යනුවෙන් ප්‍රචාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී. ප්‍රතිඵලය වූයේ 409 දෙනෙක් ඒ මත ක්ලික් කිරීමයි.

                                                     2006 දී Mac OS X ඉලක්ක කළ වෛරස තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයකි. (යුනික්ස් පදනම් වූ ගොණු පද්ධතියකින් හා කර්නලයකින් යුත්) Mac OS ක්ලැසික් ලෙස හඳුන්වන පැරණි ඇපල් මෙහෙයුම් පද්ධති සඳහා ඇති වෛරස ගණන ප්‍රභවය අනුව වෙනස් වේ. ඇපල් දන්නා වෛරස 4ක් පමණක් ඇති බව ප්‍රකාශ කරන අතර ස්වාධීන ප්‍රභව වෛරස 63 ක් පමණ ඇති බව ප්‍රකාශ කරයි. මැක් මෙහෙයුම් පද්ධති වෛරසවල අවධානයට අඩුවෙන් ලක්වන බව පැවසිය හැක. ඒ අඩු වෙළඳපොළ කොටස් නිසා මැක් සඳහා නිර්මාණය කරන ලද වෛරසයකට ආසාදනය කළ හැක්කේ අඩු පරිගණක ප්‍රමාණයන් නිසාය. (උත්සාහයේ ඵලය අඩු වෙයි) මැක් හා වින්ඩෝස් අතර වෛරසවලට භාජනය වීමේ හැකියාවේ වෙනස ප්‍රධාන වෙළඳ සාධකයක් වී ඇති අතර ඇපල් සමාගම ඔවුන්ගේ “ගෙට් අ මැක්” ප්‍රචාරණයේ දී එය යොදා ගනී. එය කියා සිටින්නේ මැක් මෙහෙයුම් පද්ධතිවල ද මයි‍ක්‍රොසොෆ්ට් වින්ඩෝස් හි මෙන්ම ආරක්ෂක ගැටළු තිබූ නමුත් ඒවා සාර්ථකව භාවිතා කිරීමට කිසිවෙකු සමත් වී නැති බවයි.

                                                       වින්ඩෝස් හා යුනික්ස් හි සමාන උප‍ෙද්ශාවලි කිරීමේ (Scripting) හැකියාව ඇත. නමුත් යුනික්ස් ‍මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට සාමාන්‍ය පරිශීලකයන්ට ඉඩ නොදෙන අතර වින්ඩෝස් 95 හා 98 වැනි පැරණි වින්ඩෝස් පිටපත්වල එසේ නොවේ. 1997 දී බ්ලිස් (Bliss) ලෙස හැඳින්වූ ලිනක්ස් සඳහා වූ වෛරසයක් නිකුත් වීමත් සමගම යුනික්ස් වැනි පද්ධති ද වින්ඩෝස් මෙන්ම වෛරසවල ගොදුරක් බවට පත්විය හැකි බවට අනතුරු හැඟවීය. බ්ලිස් ක්‍රියාත්මක වීමට පරිශීලකයා විසින් එය එයම ක්‍රියාත්මක කළ යුතු අතර (එමනිසා එය ට්‍රෝජනයකි. එමගින් ආසාදනය කළ හැක්කේ පරිශීලකයාට නවීකරණය සදහා ප්‍රවේශය ඇති ක්‍රමලේඛ පමණි. වින්ඩෝස් පරිශීලකයන් මෙන් නොව යුනික්ස් පරිශීලකයන් ක්‍රමලේඛයක් ස්ථාපනය කිරීමට හෝ මෘදුකාංගයක් වින්‍යාස කිරීමට හැර පරිපාලක ලෙස පුරන්නේ (log on) නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පරිශීලකයා වෛරසයක් ක්‍රියාත්මක කළද එයට මෙහෙයුම් පද්ධතියට හානි කළ නොහැක. බ්ලිස් වෛරසය විශාල ලෙස නොපැතිරුණු අතර ප්‍රධාන වශයෙන් පර්යේෂණ කුතුහලයක් ලෙස පැවතුණි. එහි නිර්මාතෘ පසුව එහි කේත යූස් නෙට් (use net) වෙත තැපැල් කළ අතර එමගින් පර්යේෂකයන්ට එය ක්‍රියා කළ අකාරය බලා ගැනීමට හැකි විය.


වෛරස් වර්ග

Boot Sector Viruses

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.

Companion Viruses

                                     Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය.

පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.


Email Viruses

                                                 විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි

 

Logic Bombs and Time Bombs

                                                                   පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි.

 

Macro Viruses

                                          Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.


Cross-site Scripting Virus

                                  මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි.


Trojan Horses

                                         පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.


Worms

                                     පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.


මැත කාලයේ වාර්තා වු හානිකර පරිගණක වෛරස වර්ග

  1. Stuxnet
  2. Ram nit
  3. Webmoner
  4. Kolab
  5. FakeAV
  6. Slugin
  7. BitCoinMiner