Saturday, January 17, 2015

gossipකඩේ..............යුරෝපා සංගම් මත්ස්‍ය අපනයන තහනම ඇරඹේ


gossipකඩේ

යුරෝපා සංගම් මත්ස්‍ය අපනයන තහනම ඇරඹේ

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ජනවාරි 14 වැනි දින සිට ක්‍රියාත්මක වන බව යුරෝපා සංගමය සනාථ කළේය.
යුරෝපා සංගමයේ සියලුම සාමාජික රටවල් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන ප්‍රතික්ෂේප කොට ඇති බව යුරෝපා සංගමයේ පාරිසරික සහ ආහාර සෞඛ්‍ය සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශක එන්රිකෝ බ්‍රිවියෝ බීබීසී සංදේශයට කියා සිටියේය.
2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන හැත්තෑ හතරක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් දාහත් දහස් හාරසීය ඉක්මවයි.
ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල්.
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර, කෙලවල්ලා සහ බලයා වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ටූනා මත්ස්‍ය ගණයට අයත් මත්ස්‍යයින් ප්‍රධාන වශයෙන්ම අපනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව බව මාධ්‍ය ප්‍රකාශක එන්රිකෝ කියා සිටියේය.

තහනම් ලැයිස්තුවට

එන්රිකෝ බ්‍රිවියෝ
මෙවැනි තහනමක් ශ්‍රී ලංකාව මත පැනවීමට හේතු පැහැදිළි කරමින් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව 2012 වසරේ නොවැම්බර් මාසයේ නීති විරෝධී ලෙස සිදු වන මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් කළ බවයි.
ශ්‍රී ලංකාව මසුන් ඇල්ලීමේදී අන්තර්ජාතික නීතියට අනුගත විය යුතු බව අවධාරණය කළ එන්රිකෝ බ්‍රිවියෝ උදාහරණයක් වශයෙන් බෙලීස් රාජ්‍යය මත පනවා තිබූ තහනම ගෙනහැර දැක්වීය.
යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනමකට ලක්ව සිටි බෙලීස් රාජ්‍යය පසුගිය ඔක්තෝබර් මාසයේදී තහනම් ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ඔවුන් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනය කිරීමට අවශ්‍ය නිසි පියවර ගනු ලැබීමෙන් අනතුරුවයි.
බෙලීස් රාජ්‍යය විසින් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනය කරන ආකාරය, පනවා ඇති නව නීති සහ ක්‍රමවේද සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීම් කළ බව එන්රිකෝ බ්‍රිවියෝ සඳහන් කළේය.
ඒ ආකාරයෙන් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනයට අවශ්‍ය නීති රීති හඳුන්වා දී පාලනය විධිමත් කිරීමත් ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමත් තහනම ඉවත් කිරීමට ඇති පියවර වන බවද ඔහු පැවසීය.

රජය ගෙන ඇති පියවර

නිමල් හෙට්ටිආරච්චි
යුරෝපා සංගමය විසින් පනවා ඇති මෙම තහනමට මූලික හේතුව නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් සිදු වන පරිසර හානියට විරුද්ධව පියවර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීමයි.
ශ්‍රී ලංකා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි බීබීසි සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
2013 නොවැම්බර් මාසයේදී එවකට පැවති ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනයට අවශ්‍ය නීති හඳුන්වා දුන් බව පැවසු අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන බහු දින යාත්‍රා වලට නිරීක්ෂණ පද්ධති සවි කිරීම මේ අතර ප්‍රධාන බවයි කියා සිටියේ.
ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත වන යාත්‍රා වලට නිරීක්ෂණ පද්ධති සවි කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව පැවසූ ඔහු වැඩි දුරටත් කියා සිටියේ තහනමින් ඉවත් වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
 

Friday, January 16, 2015

පැෂන් ගෙඩියේ වතුර ගෑවෙන්න දෙන්න එපා



පැෂන් ගෙඩියේ වතුර ගෑවෙන්න දෙන්න එපා



පලතුරු කෑමට දරුවා අකමැත්තක් දක්වන නිසා බීමක් විදිහට දරුවාට පලතුරු පිළියෙළ කර දීමට ඔබට හැකියාව තිබේ. ඒ ආකාරයට පිළියෙළ කර දීමට හැකි පලතුරකි වැල් දොඩම් හෙවත් පැෂන් ෆෲට්.
ඔබේ ගෙවත්තේ වවා ගැනීමට හැකියාව ඇති වැල් දොඩම් ඉදුණු පසු ප‍්‍රණීත බීමක් සාදා දරුවාට පෙවීමට හැකි ය.
පැෂන් ෆෲට් දළු හීනියට ලියා ගා ගත් පොල් සමඟ ගම්මිරිස් කුඩු, ලුණු, උම්බලකඩ, ලියාගත් ලූනු දෙහි ඇඹුල් ස්වල්පයක් කවලම් කළ පසු රසවත් සම්බෝලයක් ලෙසත් ආහාරයට ගැනීමට හැකියාව තිබේ.
වසර මුළුල්ලේ ම හොඳින් පැතිරුණු වර්ෂාපතනයක් ඇති තෙත් කලාපයේ ඔබ ජීවත් වෙන්නේ නම් වැල් දොඩම් වගාව ඉතා ම යහපත් ලෙස කළ හැකි ය.
වියළි කාලවල දී මනා ලෙස ජලවහනයක් පැවැතිය යුතු ය. කුඩා පැළ කාලයේ දී ගොම, කොම්පෝස්ට් පොහොර දැමීමෙන් පැළය සාරවත් ව වැඩේ.
දඬු කැබැලිවලින් සහ බීජවලින් පැළ ලබා ගැනීමට හැකි ය. බීජ මගින් පැළ ලබා ගැනීමේ දී ගෙඩිය පළා මදය සූරා යුෂ ඉවත් කර, ගෝනි කැබැල්ලක බීජ අතුල්ලා ජලයෙන් සෝදන්න.
බීජ වෙන් කර ගත් විගස ම සිටුවන්න. සිටුවීමට පෙර බීජවලට පිටතින් ඇති සිවිය සෝදා ඉවත් කර ගන්න. දිනක් පමණ ජලයේ පොඟවා ගැනීමෙන් බීජවල ප‍්‍රරෝහණය වේගවත් වේ.
වැලි මතුපිට පස් හා කොම්පෝස්ට් සමාන ප‍්‍රමාණ යොදා කවලම් කර ගත් මිශ‍්‍රණයක් සකස් කරන්න. ඉන් පසු කැප්ටාන් පසට යොදන්න. මේ නිසා ළපටි පැළ දියමලන් කෑමේ රෝගයෙන් ආරක්‍ෂා කර ගත හැකි ය.
ඔබට බීජ සිටුවීමට හැකියාවක් නැති නම් නිරෝගී වැලකින් දඬු කැබැල්ලක් ගෙන සිටුවන්න. පොලිතින් මලුවල සිටුවීමට හැකි නම් වඩාත් හොඳයි.
හොඳින් ජලය බැස යන ස්ථානයක තවාන සකසා ගන්න. නැති නම් බීජ සෝදා යෑමට පුළුවන. ඔබේ ගෙවත්ත බෑවුම් සහිත බිමක් නම් පැළ සිටුවිය යුත්තේ සමෝච්ච රේඛා ඔස්සේ ය.
පැළය වැඩෙන විට පැළය අසලින් කණුවක් සිටුවීම මගින් පැළය වැඩි වැඩී ඉහළට යෑමට හේතු වේ.
පොහොර යෙදීම මාස 6 කට වරක් කිරීම ඵලදායී වේ. පසේ තෙතමනය ඇති විට පමණක් පොහොර යොදන්න. එසේ කළ යුතු වන්නේ පොහොර පැළයට උරා ගැනීමට ජලය උපකාරී වෙන නිසා ය.
වැල් දොඩම් වගාවට ඇතිවන රෝග අතරින් වෛරස් රෝග ප‍්‍රබල වේ. විචිත‍්‍ර රෝග වෛරසය, මුදු පුල්ලි වෛරසය සහ පිපිඤ්ඤ විචිත‍්‍ර වෛරසය මේ අතර ප‍්‍රධාන ය.
ළපටි දළුවලින් ඇරඹෙන කහ පැහැති ලප විචිත‍්‍ර වෛරස් රෝගයේ ලක්‍ෂණයකි. ලප කුඩාවට සෑදී පසුව විශාල වේ. ගසේ වර්ධනය බාලවීම ප‍්‍රබල ප‍්‍රශ්නයකි. ගෙඩියේ පිට පොත්තේ විචිත‍්‍ර ලක්‍ෂණ ඇති වීම වර්ධනය බාලවීමට හේතුවක් වේ.
මේරූ පත‍්‍රවලට වැලඳෙන රෝගයකි, මුදු පුල්ලි රෝගය. වැල් දොඩම් වගාවට අර්තාපල් යු වෛරසය ද සෑදීමට ඇති හැකියාව වැඩි ය. ගෙඩි කුඩා වීමෙන් දරුණු ලෙස වගාවට හානි ගෙන දෙන මේ රෝගය වැලඳුණු පසු ගෙඩියේ පොත්ත තද ඝනකමින් යුක්ත වේ.
පිපිඤ්ඤ විචිත‍්‍ර වෛරසය ද කූඩිත්තන් මාර්ගයෙන් ඉතා කෙටි කලක දී බෝවීමට ඉඩ තිබේ. පන්දලම් සෑදීමට ග්ලිරිසිඩිය කෝටු භාවිතා කිරීමට සිදුවීමෙන් කූඩිත්තා ව්‍යාප්ත වේ.
රෝග පාලනය
හානි වීම නිසා මැරී වියළි ගිය සියලු ම වැල් වගාවෙන් ඉවත් කර පුළුස්සා දමන්න. එමගින් කීටයා ගේ බිත්තර විනාශ වේ. ළපටි වගාවකට හානි වූ විට වැල් කපා ඉවත් කිරීමෙන් සෙසු කොටස් බේරා ගැනීමට හැකි වේ.
පත‍්‍ර කොඩවීම ද අස්වැන්න බාල වීමට හේතුවක් වේ. පිට පොත්තේ ඇති පිටතට නෙරා ආ ගැටිති ද තිබීම මගින් අස්වැන්න බාල කරයි. කප්පාදු උපකරණ මගින් ද රෝගය ව්‍යාප්ත වේ.
රෝගය වැලඳීමෙන් පසු එය සුව කළ නො හැකි ය. නමුත් රෝගය පැතිරීම අඩු කර ගැනීමට නම් ඔබට පහත කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට හැකියාව ලැබේ.
වැල්වල දිරිය වැඩි කර ගැනීම සඳහා ක‍්‍රමානුකූලව පොහොර යොදන්න.
පළමු මාස 6 තුළ දී අඩු ම වශයෙන් සතියකට වරක් බැගින් වගාව පරීක්‍ෂා කර රෝග වැලඳී ඇති වැල් ගලවා පුළුස්සා දමන්න.
වගාව අවට ඇති කූඩිත්තන් ගේ ධාරක ලෙස කි‍්‍රයා කරන වල් පැළෑටි විනාශ කරන්න. වගාව ආසන්නයේ වගා කර ඇති වෙනත් බෝග වර්ගවල කූඩිත්තන් සිටී නම් මර්දනය කරන්න.
නව වගාවක් ඇති කිරීමට පෙර පැරණි වගාවේ ඇති රෝගී වැල් හා කූඩිත්තන් ගේ හා වෛරස්වල ධාරක ශාක ද විනාශ කරන්න.
වෙරස් වැලඳී ඇති වගාවන් කප්පාදු කළ යුත්තේ අවශ්‍ය විට දී පමණි.
පසේ ජීවත්වෙන පිතියම් ෆයිටොප්කරා වැනි දිලීරය නිසා මුල් කුණුවීමේ තත්ත්වයක් ඇති විය හැකි ය. වගාවකට රෝගය වැලඳුණු විට පළමුව රෝගී වැල් මැලවේ. තවාන් පැළ රෝගවලට ගොදුරු වීමෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා තවාන් ජීවානුහරණය කරන්න.
වගා බිමෙහි ජලවහනය දියුණු කරන්න. පොහොර යෙදීමේ දී වැල් ආසන්නයට පොහොර නොයොදන්න.
වැල් දොඩම්වලට වැලඳෙන පත‍්‍ර පුල්ලි රෝගය වර්ෂා කාලයේ දී වැඩිපුර දන්නට ලැබේ. වියළි කාලගුණ තත්ත්වයක දී රෝගය ක‍්‍රමයෙන් අඩු වේ. අධික ලෙස රෝගී තත්ත්වය දක්නට ලැබේ නම් පත‍්‍ර ඉවත් කළ යුතු ය. හොඳින් ඉදුණු ගෙඩි බිමට පතිත වේ.
ගෙඩියේ පැහැය වෙනස්වීමෙනුත් ඇඟිලි තුඩින් සෙමින් තට්ටුවක් දැමීමෙනුත් නෙළීමට සුදුසු දැයි තෝරා ගත හැකි ය.
දම් පැහැති වර්ගයේ ගෙඩි දම් පැහැ ගැන්වී ඇති විට අස්වනු නෙළිය යුතු ය. වියළි කාලගුණ තත්ත්වයක් පවතින විට අස්වැන්න නෙළීම කරන්න. ගෙඩියේ පිට පොත්තේ ජලය තැවැරී ඇති විට ඉක්මනින් දුර්වර්ණ වේ.
ඒ නිසා ජලය තැවැරී ඇති විට පිස දැමීම කළ යුතු ය. නැති නම් සුරක්‍ෂිත කිරීම අපහසු වේ. ඕනෑම වැල් දොඩම් වර්ගයකට මෙය පොදු ය. ලංකාවේ වැල් දොඩම් විශේෂ ගණනාවක් ඇත. තිත්ත ගෙඩි, ඩොංගා, පුහුල්, බහානා වැල් දොඩම් ඒ අතර ප‍්‍රධාන ය.

ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළි දකී.



ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය 


ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළි දකී.


ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළෙඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළි දක්වා තිබේ. දොර හතරේ මෝටර් රථයක්වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි ලෙස නම් කර ඇත.
එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර් 650 ක් අඛණ්ඩ ව ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.
ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇති මිරායි 400ක් ලබන වසරේ දී අලෙවි කිරීම ටොයෝටා සමාගමේ ඉලක්කය වේ.
2017 වනවිට මේවා 3000ක් අමෙරිකාව තුළ අලෙවි කිරීමටත් වසරකට මෝටර් රථ 100 ක් යුරෝපය තුළ අලෙවි කිරීමටත් සමාගම සූදානමින් සිටී.

මෙය සාම්ප‍්‍රදායික ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක පරාසය මෙන් තුන්ගුණයක්වන අතර පෙට‍්‍රල්, ඩීසල් ඉන්ධන හා සමාන ලෙසින් මිනිත්තු කිහිපයකින් යළි ඉන්ධන පිරවිය හැකිවීම ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයට සාපේක්ෂ තවත් වාසියක් ලෙස සැලකේ.
හයිඩ‍්‍රජන් ඉන්ධන නිෂ්පාදනය සහ සම්පීඩනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කෙරුණ ද මෝටර් රථය තුළ දහනය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම නිසා මෙය පරිසර හිතකාමී පියවරක් වේ.
ටොයෝටා සමාගමේ උප සභාපති මිට්සුෂිසා කාටෝ පවසා ඇත්තේ මිරායි මගින් ගෝලීය පරිසර හා බලශක්ති අභියෝග සඳහා සාර්ථක විසඳුමක් මෙන් ම හයිඩ‍්‍රජන් පදනම් කරගත් සමාජයක් සඳහා මුල් පියවරක් තැබීම ටොයෝටාහි ජයග‍්‍රහණයක් බවය.a

Wednesday, January 14, 2015

බහිරවකන්ද නුවර



බහිරවකන්ද නුවර
කන්ද උඩරට දළදා ශ්‍රී යෙන් බැබලෙන අතරතුරේ නිම් නැති බුදු ගුණ පහස ලබමින් විරාජමානව වැඩ සිටිනා බුදු පිළිම වහන්සේ ගැන තොරතුරු බිදක් ගෙන එන්නයි මේ සුදානම. දළදා මාළිගයට මුහුණලා පිහිටි අති සුන්දර වූ කදු මුදුන බහිරව කන්ද නම් වේ.එය අඩි 650 කින් පමණ යුතුවේ, එම කදු මුදුන මත්තෙහි වැඩ සිටින අපගේ බුදු පිළිම වහන්සේ දළදා මැදුර අභියස දී අප නෙත ගැටුන අයුරුයි මේ දක්නට ලැබෙන්නේ.
වැදගත් සාධක
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රෝපණය කරමින්, බෝධි ප්‍රකාරයක් හා රන් වැටක් ඉදි ක
ර මෙම බුදු පිළිම වහන්සේ වඩා හිදුවා, ප්‍රදේශයට ධර්ම රසය ලබා දී ඇත. අතීතයේ රටට සෙත ශාන්තිය උදෙසා බිලි පුජාවල් කරමින් නොමග ගිය මිනිසුන් සුමගට හරවමින් මිත්‍යා මත දුරු කරන ලද පරම පුජනිය පිං බිමක් ලෙස මෙම පුදබිම හැදින්විය හැකිය.





ඉරියව්ව :- හිදී පිළිමය
මුද්‍රාව :- සමාධි මුද්‍රාව
ආසනය :- වීරාසනය
උස :- අඩි 88
අමුද්‍රව්‍ය :- සිමෙන්ති, වැලි ,ගඩොල්, කම්බි, කළු ගල්
වෙනත් කරුණු
බහිරව යක්ෂයාට බිලිදුන් කන්ද නිසා බහිරව කන්ද යන නාමය ජනප්‍රවාදයෙන් ගොඩනැගී ඇති බව මානව පැහැදිලිය. රටට අපල උවදුරු පමිණි කල මිනිස් බිල්ලක් ලබා දී බහිරවයා සැනසීමෙන් සෙත ශාන්තිය සලසා ගන්නා ලදී .වැලිකල මැණිකේ අවසාන බිලි පුජාව සදහා යොමුකළ කල කන්‍යා ලෙස ජනප්‍රවාදයේ ඇත. බහිරවයා හා සටන් කලේ වැලිකල මැණිකේ ගේ ආදරය දිනා ගත් ලුණුවල නිලමේ වන අතර බහිරවයා ගේ චරිතයට පන පොවන ලද්දේ එකල සිටි රජතුමාගේ ප්‍රධාන පුරෝහිතයාය. නමුත් පසු කලෙක බහිරවා කවුද යන්න හරි හැටි ඔප්පු වීමෙන් පසු මෙම යාගය නවතා නිවැරදි මගට පිවිසීමට එකල රජ පෙළපතට හැකියා ලැබිණි.




Tuesday, January 13, 2015

මස් කෑ ගසක් හමුවෙයි



මස් කෑ ගසක් හමුවෙයි
2015/01/14


අදින් වසර ලක්ෂ 400ට පෙර රුසියාවේ තිබූ මාංශ භක්ෂක ශාකයක පොසිලයක් හමුවූ පර්යේෂකයේ පවසයි. මේ ශාකයේ පොසිල අනුව පෙනී යන්නේ එය කහ වර්ණයෙන් යුතු ඒක සෛලීය කේෂර සහිත ශාකයක් බවයි.
බෝල්ටික් මුහුදේ පතලක් කැණීමේදි හමුවි තිබේ. මේ ශාකය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් වලට වයඹ දිගින් හමුවූ රොඩිඩුලා ශාකයට සමාන  බව විශ්වාස කෙරේ.
රොඩිඩුලා ශාකය මගින් කුඩා සහ විශාල කෘමින් අල්ලා ගනු ලබන්නේ එහි පත්‍රවල ඇති ග්‍රන්ථි හෝ ග්‍රාහිකාව මගින් නිපදවනු ලබන ඇලෙන සුළු මැලියම් මගිනි. රුසියානු පැලෑටියද විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ග්‍රාහිකා මගින් අල්ලා ගන්නා ලද කෘමින් මුලින් සෙවෙල වැනි ද්‍රව්‍යයක ගිල්වයි. ඉන්පසු දිරවීමට අවශ්‍ය එන්සයිම නිදහස් කිරීමට සිදුවේ.
පත්‍රයේ මතුපිට පිහිටි  මෙකී ග්‍රාහිකා සහ පත්‍රෙය් ඇති ග්‍රන්ථි මගින් අල්ලා ගන්නා ගොදුරේ ඇති පෝෂ්‍ය කොටස් උරා ගනී.
ජාතික විද්‍යා ඇකඩමියේ දත්ත විශ්ලේෂණයෙන් පසු පර්යේෂකයන් විශ්වාස කරණු ලබන්නේ සොයාගත් පොසිල වසර ලක්ෂ 350 සිට 470 දක්වා කාලයකට පෙර පැවති ඉයුසින් යුගයට අයත්  ශාක කොටස් බවයි.
ජර්මනියේ ගොටින්ජෙන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඊවා මාරියා සැඩොව්ස්කි පවසන්නේ මේ පොසිලය මාංශ භක්ෂක ශාකයක් පොසිල ලෙස දක්නට ලැබුණු මුල්ම අවස්ථාව පිළිබිඹු කරණ බවයි.
flesh 1 flesh 2 flesh 3 flesh 4 flesh 5

බිත්තර නොදා ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බා



බිත්තර නොදා ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බා
2015 ජනවාරි මස 15

 
ගෙම්බන් තම වර්ගයා බිහිකරන්නේ බිත්තර දැමීමෙන් යැයි සිතා සිටිය ද ඉස්ගෙඩියන් බිහිකිරීමෙන් වර්ගයා බෝකරන අපූරු ජීවන රටාවක් සහිත ගෙම්බකු ඉන්දුනීසියාවෙන් සොයාගැනීමට හැකි වූ බව විද්‍යාඥයෝ පිරිසක් කියති.
මෙලෙස ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බකු සොයාගත හැකිවීම විද්‍යා ලෝකයට අලුත් දෙයක් බව ද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගෙම්බන් විෂ සහිත විශේෂයකි. ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ සිටින මේ සත්ත්ව විශේෂයේ අමුතු හැසිරීම ගැන පර්යේෂණ කළ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජිම් මැක්ගයිරි පවසන්නේ තමන් අතින් අල්ලාගෙන සිටි ගැබ්බර ගැහැනු සතකු එක්වරම ඉස්ගෙඩියන් බිහිකරන බව දැකීමෙන් පුදුමයට පත්වූ බවයි.
ලොව දැනට සොයාගෙන ඇති ගෙම්බන් විශේෂ සංඛ්‍යාව 6000ක් පමණ වේ. ඔවුන් තම වර්ගයා බෝකිරීමට බාහිර සංසේචනය සිදුකරයි. එය සිදුවන්නේ සංසර්ගය අතරතුර ගැහැනු සතුන් බිත්තර දැමීමත් පිරිමි සතුන් ඒ මතට ශුක්‍රාණු නිදහස් කිරීමත් සිදුකරයි. එමගින් බිත්තර බාහිරයේ දී සංසේචනය සිදුවෙයි.
එසේ වුව ද වෙනස් වූ රූපාන්තරණයක් සහිත විශේෂ කිහිපයක් සිටිය ද ඔවුන්ගේ සංසර්ගය සිදුවන්නේ සාමාන්‍ය ක්‍රමවේදයක් අනුව බව ද ආචාර්ය මැක්ගුයිරේ පවසයි. අභ්‍යන්තර රූපාන්තරණයෙන් සංසේචනය කරණ ගෙම්බන් විශේෂ 10-12ක් ලෝකයෙන් වාර්තා වී ඇතත් ලොව ඉස්ගෙඩියන් ප්‍රසූත කරණු ලබන එකම ගෙඹි විශේෂය වන්නේ මොවුන් බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
නමුත් අරුම පුදුම රෑපාන්තරණයක් සහිත බොහොමයක් විශේෂයන්ගේ සංසර්ගය සිදුවන්නේ  පිලිගත්  ආකාරයකින් බව ආචාර්ය මැක්ගුයිරේ පවසයි. මෙහි තවත් විසඳාගත නොහැකි අභිරහසක් පවතින බව
කෙසේ නමුත් පුරුෂ ගෙම්බන් විසින් ගැහැණු ගෙම්බන්ගේ අභ්‍යන්තරයේදී සංසේචනය සිදුකිරීම අභිරහසකි. ඊට හේතුව ගෙම්බන්තුල ශුක්‍රාණු මාරුකිරීමට ආවේණික ලිංගික අවයව නොමැති වීමයි. ප්‍රසූත කරණු ලබන ඉස්ගෙඩියෙකුගේ ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ක් පමණ බව ද විද්‍යාඥයෝ කියති. කෙසේ වෙතත් මේ ගෙම්බන් විශේෂය ගැන විද්‍යාඥයෝ තවමත් පර්යේෂණ සිදුකරමින් සිටිති.
frog 1 frog 2 - Copy frog 3
 

අද ශුද්ධවරයට එසවෙන ජුසේවාස් මුනිදුන් ශ්‍රී ලාංකික කිතුණුවන්ට මෙතරම් වැදගත් වන්නේ ඇයි?



අද ශුද්ධවරයට එසවෙන ජුසේවාස් මුනිදුන් ශ්‍රී ලාංකික කිතුණුවන්ට මෙතරම් වැදගත් වන්නේ ඇයි?






කොළඹ ගාලු මුවදොර පිටියේ විශේෂ දිව්‍ය පූජා යාගයේදී භාග්‍යවත් ජුසේවාස් මුනිදුන්ගේ ප්‍රතිමාව ශුද්ධවරයට එසවීම, සුදුතුම් පියාණන්ගේ මෙරට සංචාරයේදී සිදුවන වැදගත්ම සිදුවීමයි.

මහෝගනී සහ තේක්ක ලීයෙන් නිමවා ඇති ජුසේවාස් මුනිදුන්ගේ මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීමට ගතව ඇති කාලය මාස දෙක හමාරක්. 
ප්‍රතිමාව උසින් අඩි පහ හමාරක් සහ පළලින් අඩි දෙක හමාරක්වනවා. 
අද ශුද්ධවරයට එසවෙන ජුසේවාස් මුනිදුන් ශ්‍රී ලාංකික කිතුණුවන්ට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

- ඇන්ටන් ශිවන්ත වාස් පියතුමා....
නිර්මල මරියා නිකාය
17 වන ශතවර්ෂයේදී ශ්‍රී ලංකාව ලන්දේසි පාලනය යටතේ තිබුණේ. ඒ පාලන සමයේදී කතෝලික ආගම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ තහනමට ලක් වුණා. සියලුම කතෝලික පියතුමන්ලාව රටින් පිටුවහල් කෙරෙව්වා. ඉන්දියාවේ ගෝව පුරවරයේ ඉඳලා. ජුසේවාස් පියතුමන් ලංකාවට පැමිණෙනවා  කතෝලිකයන්ව හොයාගෙන. එතුමා තහංචි මැද්දෙන් එන්නේ හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන. ගෙයින් ගෙට ගිහිල්ලා කතෝලිකයන් හොයමින් ඔවුන්ට ශක්‍රමේන්තු දානය කරමින්, දිව්‍ය පූජා පවත්වමින් ඔවුන්ට ආගම දහම ගැන කියාදෙමින් ආගමික විශ්වාසය නැවතත් තහවුරු කරන්නට උන්වහන්සේ කටයුතු කළා. අද ශ්‍රී ලංකාවේ කතෝලික සභාව පවතිනවානම් පවතින්නේ උන්වහන්සේ ඒ කළ කැපවීමේ තීරණය නිසායි.

ජුසේවාස් පියතුමන් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූයේ මහනුවර යුගයේදී හෙයින්  මහනුවර යුගයට ගැලපෙන අයුරින් මෙම වේදිකාවේ වහලයද නිර්මාණය කර තිබෙනවා.

- ඇන්ටන් ශිවන්ත වාස් පියතුමා....
නිර්මල මරියා නිකාය
ජුසේවාස් පියතුමන්ව අපි මෙච්චර කාලයක් හැදුන්නුවේ භාග්‍යවන්ත ජුසේවාස් පියතුමා හැටියට. අද සිට අපට හදුන්වන්න පුළුවන් ශුද්ධ වූ ජුසේවාස් පියතුමන් හැටියට. මන්ද අද ශුද්ධෝත්තම පියතුමන් විසින් භාග්‍යවත් ජුසේවාස් පියතුමන් ශුද්ධවරයෙක් හැටියට නම් කරනු ලබනවා. ශුද්ධවරයන්ගේ නාම ලැයිස්තුවට ජුසේවාස් පියතුමන්ගේ නමත් ඇතුළුවෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි සහ එකම ශුද්ධවන්තයා හැටියට.