Friday, November 6, 2015

මොකක්ද මේ ‘Mega polis’?


මොකක්ද මේ ‘Mega polis’?

ඇමැති පාඨලී චම්පික රණවක
ඔක්තෝබර් 31 වැනිදාට යෙදුනු ජගත් මහා නගර දිනය වෙනුවෙනි.
අපේ රටේ ස්වාභාවික සම්පත් තිරසාර ලෙස සුරකිමින් අපේ රටේ ජනතාවට අදට වඩා ඒකපුද්ගල සතුටක් ඇති සංවර්ධනය වූ රටක් ඇති කිරීම නිලධාරි බලධාරි හා මහජන හිතකාමී සැමගේ යුතුකමකි.
වත්මන් රජය අලුතින් පිහිටුවූ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් මේ මහ යුතුකම ඉටුකර ජනතාවට උපරිම පහසුකම් ලබා දීමට සුවිශේෂ සැලසුම් ක්‍රියාවට නංවමින් පවතී.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ඇමැති පාඨලි චම්පික රණවක මහතා මේ වැඩපිළ‍ිවෙළ ක්‍රියාත්මක කරයි.
බස්නාහිර පළාත ප්‍රධාන සංවර්ධන කලාප 6 කට වෙන් කිරීම රටේ ප්‍රධාන නගර 7 ක් උපාය මාර්ගික සැලසුම් සහගත නාගරික කේන්ද්‍රස්ථාන ලෙසත් බස්නාහිර පළාතේ පිහිටි උප නගර 15 ක් උප නගර කේන්ද්‍රස්ථාන ලෙස තිරසාර සංවර්ධනයකට ලක් කිර‍ීම මෙහි ප්‍රධාන අරමුණකි.
පසුගිය සමයේ රටේ ප්‍රධාන නගරවල නව ගොඩනැඟිලි නව මාර්ග නව සේවා ස්ථාන ඉදිවූවත් ඒ නගරවලට යන එන අයට පදිංචි අයට ලැබුණු පහසුකම් ඉතා අඩු ය. කොළඹ පිළිබඳව ගත්තොත් කොළඹට එක් දිනකට යන එන ප්‍රමාණය ලක්ෂ 10 කි.
නමුත් මේ අය වාහන තදබදය කුණු කසළ මැද පැමිණ තම වුවමනාවන් ඉටු කරගැනීම දින සති ගණන් කොළඹට යති එති. ඒ සමඟම කොළඹ නගරයේ පදිංචි අයට ද නගරයේ පවතින වාහන තදබදය කුණු කසළ බැහැර කිරීමේ අවිධිමත් බව නිසා ඉමහත් පීඩාවලට ලක්ව සිටිති.
ඒ පිරිස ලක්ෂ 7.5 කට වැඩිය. මේ සියල්ලට හේතුව පසුගිය කාලයේ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල මහ ගොඩනැඟිලි මහාමාර්ග උද්‍යාන ඉදි වුවත් වාහන තදබදයට ජනතාවගේ ප්‍රශ්න ඉක්මනින් විසඳීමේ ගැටලුවලට විසඳුම් දීමට කටයුතු නොකිරීමයි. අද කොළඹට කිලෝමීටර් 25 ක් දුර සිට උදේ හවස කොළඹට ඒමට යාමට පැය 4 – 5 ක් ගතවේ.
නව මෙගා පොලිස් MEGA POLIS සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කෙරෙන්නේ කොළඹ ඇතුළු රටේ ප්‍රධාන නගර හයක් සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ වාහන තදබදයට කුණු කසල ගැටලුවට විසඳුම් දෙන බලශක්තිය පිරිමසින පහසුකම් හා නව තාක්ෂණයෙන් හෙබි නගර බවට පත් කරන බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විශේෂයෙන් මහ නගරවලට යන එන මහ නගරවල ජීවත්වෙන ජනතාවගේ හා සංචාරක හා ව්‍යාපාරික ජනතාවගේ ඒකපුද්ගල සතුට වැඩි කරන ස්ථාන බවට මහ නගර සකස්කිරීම මේ වැඩසටහනේ තවත් අරමුණකි. ඔවුන්ට මාර්ග තදබදය නැතිව කසළ ගඳ නැතිව තම කාර්ය ඉටු කර ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණකි.
සමස්ත ශ්‍රී ලංකාව වශයෙන් ගත් කල රටේ සංවර්ධනය පිළිබඳ භෞතික සැලැස්මද මේ ලබන දෙසැම්බර් මාසයට පෙර යාවත්කාලීනවේ. ඒ අනුව ආසියානු අධිවේගී මාර්ගයටත් අන්තර් ආසියානු දුම්රිය මාර්ගයටත් අපේ රට මන්නාරම හරහා සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.
මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ අති‍රේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසන පරිදි මේ නව වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරය ප්‍රධාන කලාප 6 ක් යටතේ තිරසාර සංවර්ධනයකට ලක්කෙරේ.‍
ඊට අමතරව ගාල්ල, යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන නගර ද කොළඹ නගරයේ තිබෙන උපරිම පහසුකම් ලැබෙන පරිදි මහජන හිතකාමී සැලසුම් සහගත නගර කේන්ද්‍ර ලෙස සංවර්ධනය කෙරෙන බව ද මාධව වෛද්‍යරත්න මහතා පෙන්වා දෙයි. පසුව මන්නාරම කුරුණෑගල නගර ද මේ සැලසුමට එක්වේ.
කොළඹ පහසුකම් සියල්ල ඒ නගරවල ඇති කෙරේ. මීට අමතරව බස්නාහිර පළාතේ ඇති හොරණ, ගම්පහ, මීගමුව, මිනුවන්ගොඩ, අවිස්සාවේල්ල, හෝමාගම, කොට්ටාව, පිළියන්දල, කඩවත, කඩුවෙල, රත්මලාන, මාලබේ, මොරටුව, මතුගම වැනි නගර ද උප නගර කේන්ද්‍ර ලෙස සංවර්ධනය කිරීමට ද අපේක්ෂිත ය.
රජයේ මේ වැඩපිළිවෙළ යටතේ මේ සියලු නගර බිහිවන්නේ ‘සුහුරු’ නගර ලෙස ය. සුහුරු නගර ලෙස හැඳින්වෙන්නේ තොරතුරු තාක්ෂණය උපයෝගි කරගෙන ක්‍රියාවන් හා සේවාවන් කාර්යක්ෂම ලෙස තහවුරු කෙරෙන නාගරික තදබදය අඩු කසළ කළමනාකරණ වැඩපිළිවෙළ ඇති බලශක්තිය පිරිමසින උපක්‍රම සහිත නාගරික කේන්ද්‍රස්ථානවල ය.
මේ සැලැස්ම යටතේ ඉදිවන ප්‍රධාන සුහුරු නගර සංකීර්ණය ඉදිවන්නේ බස්නාහිර පළාතේ ය.
අද අපේ ජනතාව බස්නාහිර පළාත ඇතුළත මෙන් ම කොළඹ නගරය ඇතුළත තම අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කරන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ කටයුතු කරති. ඉන් රටේ ජනගහනයෙන් දස ලක්ෂ 5.8 ක් බස්නාහිර පළාත ඇතුළත ජීවත්වෙති. මේ ජනගහනය 2030 වනවිට දස ලක්ෂ 8 ක් පමණ වනු ඇත. මේ නිසා තවත් ගැටලු උග්‍රවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙයට ප්‍රධාන හේතුව රට ඇතුළත සම්පත් හොඳ රෝහල්, හොඳ පාසල්, හොඳ සාප්පු පිහිටුවීමේ අක්‍රමවත් බවයි. ඒවා වැඩිපුර කොළඹට සීමා වී ඇත. දැනට කොළඹ තිබෙන හොඳ රෝහල් හොඳ පාසල් නව තාක්ෂණය සහිත බැංකුවල සේවය ලබාගන්නට පැමිණෙන පුද්ගලයන් ගණන ඉදිරි වසර 10 දී ලක්ෂ 15 දක්වා වැඩි වීමට ඉඩ ඇත.
මේ සියලු ගැටලු වලට විසඳුම් ලෙසත් ජනතාව කොළඹට බස්නාහිරට සංකේන්ද්‍රණය වීම වැළැක්වීමට නව මහ නගර කේන්ද්‍රස්ථානවල හා උප නගර කේන්ද්‍රස්ථානවල ඉ‍හළම මට්ටමේ පාසල් රෝහල් බැංකු නවීන තාක්ෂණය සහිත සාප්පු සංකීර්ණ ගුවන් තොටුපළ ආදිය ඉදිකිරීම නව වැඩසටහනේ අරමුණ වී තිබේ.
කොළඹ නගරයට පමණක් දිනකට පිට පළාත්වලින් එන දස ලක්ෂයක පමණ පිරිසකගෙන් අවශ්‍යතා අතිවිශාලය. මේ නිසා කොළඹ ප්‍රමුඛ බස්නාහිර අගනගරවලත් මාර්ග තදබදය අධිකය.
කසළ කළමනාකරණය පිළි‍වෙළක් නොමැත. ජීවනෝපාය පිළිබඳව සමාජ සුබසාධනය පිළිබඳව විශාල ප්‍රශ්න තිබේ. කොළඹ නගරය හා අවට පසුගිය කාලයේ මහ ගොඩනැඟිලි ඉදිවුව ද මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන කොළඹට එන යන හා කොළඹ සිටින ජනතාවගේ සිත් සතන් තුළ සතුටක් ඇති කිරීමට ඒවා ඉවහල් වී නැත.
උදේ රැකියාවට එනවිට ආපසු යන විට පාසල් අවසන් වන වෙලාවට මරදානට බොරැල්ලට නුගේගොඩට ගියොත් මාර්ග තදබදය නිසා තරමක කෝපයක් ද ඇතිවේ. නගරයේ කසළ කොලොන්නාව ගද ගස්සමින් ඇත. රජයේ කාර්යාල වැඩි ගණනක් බොරැල්ල කොටුව පිටකොටුව අවට කේන්ද්‍ර ගතවී ඇත. මේ නිසා ද තදබදය වැඩිවී තිබේ.
මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයමින් වත්මන් රජය බස්නාහිර පළාතට මෙගා පොලිස් නව සැලැස්ම ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටී.
ඒ අනුව මුලින් ම මුළු බස්නාහිර පළාතම සුවිශේෂ කලාප හයකට වෙන් කරනු ලැබේ.
ඒ අනුව මුල්ම කලාපය වරාය නගරයයි. එය මෝදර මට්ටක්කුලියේ සිට වැල්ලවත්ත ප්‍රදේශය දක්වා ඉදිවේ. ගුවන් නගර කලාපයට මිනුවන්ගොඩ, කටුනායක, මීගමුව, යන ප්‍රදේශ එක්වෙනු ඇත. බස්නාහිර අනෙක් කලාපය වන්නේ තාක්ෂණික කලාපය යි. හෝමාගම, මාලබේ, අතුරුගිරිය ප්‍රදේශ ඒ කලාපයට අයිති වේ.
පිටත වටරවුම් මාර්ග ප්‍රදේශය කඩවත කෙරවලපිටිය, කඩුවෙල, කොට්ටාව එක් වන ප්‍රදේශ නව පරිපාලන නගර කලාපය ලෙසට සංවර්ධනය කිරීමට නව සැලැස්ම අනුව නම් කර ඇත. කොළඹට සංකේන්ද්‍රගතවී ඇති පරිපාලනයට සම්බන්ධ ආයතන සියල්ල මේ ප්‍රදේශයට ගෙන ඒමට යෝජනා වී තිබේ.‍
මෙම මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවෙන්නේ ‘බස්නාහිර කලාපීය මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟිනි.
බස්නාහිර පළාතේ සංචාරක කලාපය ගාලු මුවදොර, වැල්ලවත්ත, ගල්කිස්ස ප්‍රදේශ නම් කිරීමට යෝජිත වේ. ඒ සමඟම අවිස්සාවේල්ල, පාදුක්ක, හංවැල්ල ආදි ප්‍රදේශ වැවිලි කලාපය ලෙස කේන්ද්‍රගත කෙරේ.
පරිසරය සුරැකිමින් මේ සැලැසුම්වල විශේෂ අංගයකි. අතීතයේ සිදුවුණු සංවර්ධන කටයුතු සිදුකර ඇත්තේ පරිසර සාධකය අමතක කරමිනි. මේ නිසා ජල ගැලීම් කණ්ඩි කඩා වැටීම් බහුලව සිදුවී තිබේ.‍ ඒ අනුව බස්නාහිර පළාතේ ජෛව විවිධත්වය සුරැකීමට ද මේ සැලැස්මෙන් යෝජනා කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත - බදුරලිය - මතුගම ප්‍රදේශ පාරිසරික කලාපය ලෙස සංරක්ෂණය කෙරේ.
මේ කලාප ඒ ඒ විෂයානුබද්ධව දියුණු කරන අතර එකිනෙක අතර යටිතල සම්බන්ධතා ද දියුණු කිරීමට ද සැලසුම් කර ඇත. මේ කලාප අතර ප්‍රවාහන පහසුකම් ඇති කිරීමට පුළුවන. මොනෝ රේල් අධිවේගී මාර්ග හා කසළ කළමනාකරණයට ඒකාබද්ධ විසඳුම් මේ මඟින් ලබාගත හැකි වේ.
පසුගිය කාලයේ නාගරික පැල්පත් ප්‍රශ්නය විසඳීමට මහා තට්ටු ගොඩනැඟිලි නාගරික නිවාස යෝජනා ක්‍රම ඉදි වුවත් එහි පදිංචි කළ ජනතාවගේ ජීවත්වීමේ රටාවට බාධා එල්ල විය.‍ ඒ නිසා මේ නව නගර සැලසුම්වලදී යම් යම් ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට යවන ජනතාවට නිවාස ලබාදීමේදී ප්‍රජා වාස්තු විද්‍යාව අනුව එම කටයුතු සිදු කරනු ලැබේ.
මේ යටතේ ඉදිවන නව නගරවල දුප්පත් ජනතාව නගා සිටුවීම හා ඔවුන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ‘දිවි සරු පුරවර’ ලෙසත් මහ නගරවල කසළ කළමනාකරණ වැඩපිළිවෙළ ‘සුපසන් නුවර’ ලෙසත්, මාවතේ සිටින යාචකයන් බල්ලන් හා ගවයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ ‘මහ මඟ මිතුරෝ’ වැඩපිළිවෙළ ලෙස ද ක්‍රියාවට නැංවෙනු ඇත. මේ සඳහා විද්වත් මණ්ඩලයක පූර්ණ උපදෙස් ලබාගෙන පාඨලී චම්පික ඇමැතිවරයාගේ මෙහෙයවීම මත සැලසුම් සකස් කරනු ඇත.
අපේ රටේ අග නගර සංවර්ධනයට විවිධ මෙගා සැලසුම් සකස් කරන මේ අවධියේ ම ජගත් මහ නගර දින සැමරුම් ද යෙදී තිබේ. ඔක්තෝබර් 31 දිනට යෙදුණු මේ දිනයේ තේමාව වූයේ යහපත් නගරයක් යහපත් ජීවිතයක්’ යන්නයි. 2015 ජගත් මහ නගර දින තේමාව වන්නේ ‘සහජීවනය සඳහා නිමැයුමක්’ යන්නයි. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසන පරිදි අපේ නව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධනයට පාදක වී ඇති සුහුරු නගර සැලසුම් ද මේ තේමාවන්ට අනුරූපී ලෙස සැකසී ඇත.
ජාතික ‍ෙභෟතික සම්පත් දෙපාර්තමේන්තුව ද මේ නගර සැලසුම් කටයුතුවලදී මහා මෙහෙයක් ඉටු කරනු ලබයි. එම දෙපාර්තමේන්තුවට අනුව නාගරික සැලසුම් කරණයෙන් බිහිවන නගර සුහුරු නගර, සංයුක්ත නගර, නව නාගරික නගර හරිත නගර හා ජීවත්විය හැකි නගර ලෙස වර්ග කළ හැකි ය.
අප මුලින් පැවසූ සුහුරු නගර ඉදිකිරීම්වල දී නිවාස හා ප්‍රවාහන සේවාවන් සමඟ රැකියා ස්ථාන, සාප්පු සංකීර්ණ හා පාසල් සම්බන්ධ කරමින් නාගරික හා ග්‍රාමීය ජනාවාස ඇති කිරීම සිදුකෙරේ.
සංයුක්ත නගර යනු අධි නේවාසික ඝනත්වයක් සමඟ විවිධ ඉඩම් පරිහරණයන් මිශ්‍රව පවතින, පයින් ගමන් කිරීම හා බයිසිකල් භාවිතය ප්‍රවර්ධනය කෙරෙන, අවම බලශක්ති පරිභෝජනයක් හා දූෂණය අවම නගර ඇති කිරීමයි.
නව නාගරිකයන්හිදී සංයුක්තව පිහිටි, විවිධත්වයන් සහිත, මිශ්‍ර භාවිතයන් මෙන් ම පයින් ගමන් කිරීමේ පහසුකම් සහිත හා ඒ ඒ පහසුකම් වඩාත් ඒකාබද්ධ ලෙස සම්බන්ධ කිරීමෙන් අංග සම්පූර්ණ ජනාවාස ඇති කිරීම, ප්‍රවර්ධනය හා වැඩි දියුණු කිරීම සිදුවේ.
හරිත නගරවලදී නාගරික ප්‍රදේශවල බලශක්ති හා ජල පරිභෝජනය සහ කැළි කසළ හා දූෂණයන් අවම කර තිරසාරත්වය වැඩි දියුණු කරමින් ඉදිවූ නාගරික ප්‍රදේශ වනාන්තර, තණබිම, වනතීර වැනි හරිත ප්‍රදේශ හා ජල මූලාශ්‍ර සමඟ සම්බන්ධව ක්‍රියාත්මකවීමත්, එමගින් පොදු පහසුකම් මෙන් ම විනෝදාස්වාද හා අධ්‍යාත්මික ප්‍රතිලාභ ලබාදීමත් සිදුවේ‍.
බලශක්තියෙන් තොරව නගර ක්‍රියාත්මක විය නොහැකි ය. සූර්ය සුළඟ හා මුහුදු තරග ආදිය අමිලවූත්, ශ්‍රී ලංකාවට යෝග්‍ය වූත් විකල්ප බලශක්ති මූලාශ්‍ර වේ. ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව ප්‍රධාන ගංගා 103 කින් සමන්විත ශ්‍රී ලංකාවේ ජල පහසුකම් ඉහළ මට්ටමක පවතී. කෙසේ වුව ද, නාගරික වර්ධනයන්, දේශගුණික විපර්යාස හා ජල දූෂණය නිසා නුදුරු අනාගතයේදීම අපට ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇත. මේ නිසා ප්‍රතිචක්‍රීයකරණය හා නැවත භාවිතාවට ගැනීම මඟින් සම්පත් තිරසාර ලෙස පරිහරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.
පරිසරය ආරක්ෂා කිරීම, ස්වාභාවික විපත්වලින් මානව ජනාවාස ආරක්ෂා කිරීම, තුලනාත්මක කලාපීය වර්ධනයක් සහ සංවර්ධන අවස්ථා ඇතිකිරීම, අධි නාගරික කලාප හා නගර සඳහා පහසුකම් ඇතිකිරීම, ගෝලීය අවස්ථා ළඟාකර ගැනීම, ආර්ථික වර්ධනය සවිබල ගැන්වීම, සමාජ සමඟිය තහවුරු කිරීම හා භෞතික සංවර්ධනයට මාර්ගෝපදේශ සැපයීම සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ජාතික භෞතික සැලැස්ම සකස් කර ඇත.
ජාතික භෞතික සැලැස්මෙන් අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීම සඳහා මෙම සැලැස්ම තුළ අන්තර්ගත අංග අතර මධ්‍යම අධිසංවේදී ප්‍රදේශය, අධි සංවේදී වෙරළ ප්‍රදේශ, අධි නාගරික කලාප, මහ නගර ග්‍රාමීය ජනාවාස හා ආරක්ෂිත ප‍්‍රදේශ ජාලය ප්‍රධානවේ.
මීට අමතරව පූජා භූමි, වනාන්තර කලාප, නාය යෑමට තුඩු දෙන ප්‍රදේශ, ජනතාව පදිංචි කිරීමට සුදුසු ප්‍රදේශ ද 2011 -2030 භෞතික සැලැස්ම යටතේ හඳුනා ගෙන තිබේ. ජාතික භෞතික සැලසුම් දෙපාර්ත‍මේන්තුව මධ්‍යම කඳුකරය හා මුළුමහත් වෙරළබඩ තීරුව අධිසංවේදී පාරිසරික කලාප ලෙස හඳුනාගෙන ඇති අතර මෙයින් මධ්‍යම කඳුකර ප්‍රදේශය පාරිසරික වශයෙන් වඩාත් බලපෑමට ලක්වූ ප්‍රදේශය ලෙස සඳහන් කළ හැකි ය.
මෙම දෙපාර්තමේන්තුව සිදුකළ අධ්‍යයනයට අනුව මීටර් 300 සමෝච්ඡ රේඛාවට ඉහළ ප්‍රදේශය හා ඊට අයත් ප්‍රත්‍යන්ත ප්‍රදේශ මධ්‍ය අධි සංවේදී කලාපය ලෙසත් හඳුනාගෙන ඇත‍. මීට නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක ද, බදුල්ල, රත්නපුර, මාතලේ, මොණරාගල, මාතර, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ ද මීට අයත් වේ. වෙරළබඩ අධිසංවේදී පාරිසරික කලාපයට ශ්‍රී ලංකාවට වටා පිහිටා ඇති කි.මී. 1340 දිග වෙරළ තීරයම අයත් වේ.
මධ්‍යම අධි සංවේදී පාරිසරික කලාපය අතිශය සංකීර්ණ වූ පරිසර පද්ධතීන්ගෙන් සමන්විත අතර එම කලාපය තුළ විවිධ වූ භූ විෂමතා කලාප, පාංශු කොටස්, විවිධ සත්ත්ව හා ශාක වර්ග මෙන් ම විවිධත්වයෙන් යුත් දේශගුණික කලාප යානාදියෙන් සමන්විත ය. මේ කලාපය ප්‍රධාන ගංගා ආරම්භ වන කලාපය වන අතර ජල පෝෂණය හා භූගත ජල මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය මෙම කලාපය මඟින් සකසනු ලබන බව සඳහන් කළ යුතු ය.
වත්මන් රජයේ නව මහ නගර සංවර්ධන සැලසුම් බස්නාහිර සංවර්ධන සැලසුම් හා නව ජාතික භෞතික සැලසුම් මඟින් රටට අත්‍යවශ්‍ය මෙම අධි සංවේදී පාරිසරික කලාප සුරැකීමට හා ඒවා වෙන්කර පවත්වාගෙන යාමට නව වැඩසටහන් සකස්කර තිබේ.
ශ්‍රී ලංකාව දූපතක් වන බැවින් කාලගුණික වෙනස්වීම් සමඟ සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දිවයින වටා ඇති වෙරළ තීරයට ඉතා අයහපත් බලපෑම් එල්ල වනු ඇත. සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙරළ තීරය ජලයෙන් යටවිය හැකි අතර වෙරළ ඛාදනය තීව්‍ර වීම, ආසන්න ඉඩම් ලවනීකරණය වීම, වෙරළාශ්‍රිත ජලගැලීම් සිදු වීම හේතුවෙන් වෙරලාශ්‍රිතව ඇති නගර, ජනාවාස කෘෂි බිම්, මාර්ග හා දුම්රිය මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් යනාදිය විනාශයට පත්වීම සිදුවිය හැකි ය.
මෙයට දිගුකාලීන විසඳුමක් ලෙස, වෙරළ ඇතුළු අනාරක්ෂිත හා පාරිසරික සංවේදී ප්‍රදේශවල ජීවත් වන ජනතාව සුරක්ෂිත වූත් පහසුකම් සහිත වූත් ප්‍රදේශවලට විතැන් කිරීමට යෝජනා කෙරේ. මේ සඳහා දැනටමත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ජාතික භෞතික සැලැස්ම තුළ නාගරික හා ග්‍රාමීය කලාපයන් හඳුනාගෙන ඇති අතර එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.
මේ භෞතික සැලසුම යටතේ නැ‍ඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ප්‍රධාන නගර ලෙස සංවර්ධනය කෙරේ. ඊට අමතරව දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පොතුවිල්, එරාවුර්, ඔළුවිල් නගර ද උප නගර ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ය.
ඒ සමඟම ජාතික භෞතික සැලැස්ම අනුව දැනට යෝජිත අධිවේගී මාර්ගවලට අමතරව කහතුඩුව රත්නපුර අධිවේගී මාර්ගය හම්බන්තොට මන්නාරම අධිවේගී මාර්ගය හම්බන්තොට, මඩකලපුව අධිවේගී මාර්ග ද ඉදිවනු ඇත. ඒ සමඟම නව දුම්රිය මාර්ග 5 ක් ද ඉදිකිරීමට යෝජිත ය. කොළඹ - මාතර දුම්රිය මාර්ගය හම්බන්තොට, මොනරාගල ඔලුවිල් හරහා ත්‍රිකුණාමලයටත් පසුව එය ගල්ඔය හා අම්පාර දක්වාත් දීර්ඝ කිරීමට සැලසුම්කර ඇත. ඒ සමඟම කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගයක් ද පලාවි - මහව දුම්රිය මාර්ගයක් ද ඉදිකෙරෙනු ඇත.
මාතලේ සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවල ඉහළ ප්‍රමිතියේ ගුවන් තොටුපළ දෙකක් පිහිටුවීම ද නව ‍ෙභෟතික සැලසුම මඟින් යෝජනා කර තිබේ. ඌව පළාතේ බදුල්ල අග නගරය පුළුල් ලෙස සංවර්ධනයටත් මහියංගණය පදියතලාව බිබිල සංවර්ධන ත්‍රිකෝණයක් ලෙස දියුණු කිරීමටත් යෝජිතය. සබරගමුව පළාතේ කෑගල්ල, රත්නපුර, ඇඹිලිපිටිය ප්‍රධාන නගර ලෙසත් කහවත්ත, බලන්ගොඩ, මාවනැල්ල නව නගර කේන්ද්‍ර ලෙසත් සංවර්ධනය කෙරෙනු ඇත.
මේ අනුව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධනය සඳහා වූ මෙගා පොලිස් සැලැස්මත් භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ජාතික භෞතික සැලැස්මක් සමඟ ඒකාබද්ධවී ඉදිරි වසර 15 සඳහා රටේ සියලු ප්‍රදේශ තිරසාර ලෙස සුහුරු නගර ලෙස සංවර්ධනය කිරීම මෙම සමස්ත නගර සංවර්ධන වැඩපිළිවෙළේ අරමුණ වේ.‍ එයට හැකි පමණින් උදව් උපකාර ලබාදීම රටේ දියුණුව පතන සියලු දෙනාගේ යුතුකමක් බව අපිත් අවධාරණය කරමු.
(මෙම ලිපිය සම්පාදනයේදී තොරතුරු ලබාදුන් මහ නගර හා බස්නාහිර පළාත් නගර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතාටත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවටත් ස්තුතිවන්ත වෙමි.)

Monday, September 28, 2015

නොසිතන ගුණ ඇති බිම්මල් වළකයි ලෙඩදුක් හැමකල්

 

නොසිතන ගුණ ඇති බිම්මල් වළකයි ලෙඩදුක් හැමකල්

මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල් ප්‍රතිශක්තිකරණ (රෝගවලට ඔරොත්තු දෙන) හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන ඇත. ජාන විද්‍යාඥයින් පවසන පරිදි පිළිකා සමඟ සටන් වැද පිළිකා සෛල විනාශ කිරීමේ බලයක් බිම්මල්වලට හිමිය.
බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන ‘ග්ලූටමික් අම්ලය’ මඟින් විවිධ ප්‍රතිශක්තිකරණ ආබාධවලට එරෙහිව ක්‍රියාකාරිවීමේ බලයක් බිම්මල් මඟින් මිනිස් සිරුරට ලබාදෙයි. කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘදයාබාධ හා පිළිකා අවදානම පහත හෙළන සංයෝග කිහිපයක්ම බිම්මල් සතුය. රුධිර පීඩනය අඩු කිරීමට අත්‍යාවශ්‍යම පෝෂණ සංඝටකයක් වන පොටෑසියම් සෑම බිම්මල් විශේෂයකම (විෂ නොවන බිම්මල්) අඩංගුය.
පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම දුරුකරන ‘සෙලිනියම්’ නම් රසායනික සංයෝගය පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල්වල අඩංගු බවද සත්‍යයකි. රුධිරයේ අඩංගු සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින් මිදීමට හොඳම ඖෂධය බිම්මල් ආහාරයට ගැනීම බව ඇමරිකාවේ හා බැල්ටිමෝරයේ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය මඟින් සිදුකළ සමීක්ෂණ මඟින් සනාථ වී ඇත.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පිළිකා මධ්‍යස්ථානයේදී සිදුකළ පර්යේෂණවලට අනුව ආර්තවහරණයට ලක්වූ (ඔසප් චක්‍රය අක්‍රීය වූ) වයස අවුරුදු 45 ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන ‘පියයුරු පිළිකා’ ඇතිවීමේ අවදානමෙන් මිදීමට බොත්තම් බිම්මල් (ඇගරික් බිස්පොරස්) ආහාරයට ගැනීම මහඟු ඖෂධයක් බවයි. බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තා සිරුරක අඩුවෙමින් යන ඔස්ට්‍රජන් හෝර්මෝන් මට්ටම ඉහළ අගයකට පත්වන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. බොත්තම් බිම්මල්වල ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ නංවන ‘ග්ලුටමික් අම්ලය’ යහමින් අඩංගු වීම ඊට හේතුවයි. මෙවන් සුපිරි ඖෂධීය ගුණ සහිත බිම්මල් පිළිබඳව ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා බොහෝමයක් මෙම ලිපියේ අන්තර්ගතය.
බිම්මලක උපත
ශාක හා සතුන් මෙන්ම තම වර්ගයා බෝ කිරීමේ යෙදෙන බිම්මල් බීජානු ආධාරයෙන් තම පැවැත්ම තහවුරු කර ගනී. බිම්මලක බීජානු තැන්පත්ව තිබෙන්නේ බිම්මලේ යටි පැත්තේ පිහිටන රැළි වැනි කොටස් අතරය. සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම සුළංවල අධාරයෙන් බිම්මල්වල බීජානු ව්‍යාප්තිය සිදුවේ. එම දිලීර (බීජානුවක්) ශාක කඳක් මත හෝ පොළව මත හෝ (උපස්ථරයක) තැන්පත් වේ. එලෙස තැන්පත් වන බීජාණු මඟින් කෙටි කාලීන වූ ‘ප්‍රාථමික දිලීරයක්’ නිර්මාණය කරයි. එවැනි ප්‍රාථමික දිලීර ජාල යුගලයක එක්වීමෙන් ‘ද්විතීයික දිලීර ජාලයක්’ නිර්මාණය වේ. උපස්ථරයක මත (ශාක කඳ හෝ පොළොව මත) තැන්පත්ව ඇති එම දිලීර ජාලය පාරිසරික තත්වයන්ගේ බලපෑම මත ‘තෘතියික දිලීරයක්’ නිර්මාණය කරයි. එලෙස කෙටි කාලීනව හා දිගුකාලිනව බිම්මල් උපත ලැබීම සිදු වේ.
විෂ සහිත බිම්මල්
ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක් වුවද බිම්මල් පිළිබඳව මනා වැටහීමක් ගෘහණියන් තුළ තිබිය යුතුමය. ඊට හේතුව යම් අයුරකින් බිම්මල් පිළිබඳ හැරිහැටි නොදන්නා කමින් කෑමට නුසුදුසු බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් බොහෝ ආසාදන වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවිය හැකි බැවිනි.
ශරීරයට ඉතා අහිතකර සීලෝසයිබීන්, කොප්රීන්, මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්, ඉඩොටොනික්, ඇසිඩ්, මසිමෝල් ආදී විෂ වර්ග විෂ බිම්මල්වල අඩංගු වේ. මෙවැනි විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වමනය, අක්මා ආසාදනය, සිහිමද ගතිය, ලේ සමඟ ශ්ලේෂ්මළ සහිත පාචනය, හිසරදය, මස්පිඩු පෙරළීම ආදී සංකූලතා ඇතිවිය හැකිය. උග්‍ර විෂ සහිත බිම්මලක් ආහාර ලෙස ගැනීමෙන් ජීවිත හානි පවා සිදු වූ අවස්ථා පවතී.
‘බිම්මල් සලාද’ වශයෙන් ආහාරයට ගැනීමට ඇතැම් අය දැඩි කැමැත්තක් දක්වති. වැරදීමකින් හෝ එලෙස සලාදයක් ලෙස අමුවෙන් බිම්මල් ආහාරයට ගැනීමේදී එය විෂ සහිත බිම්මලක් වුවහොත් ඉන් ඇති වන්නේ බරපතළ තත්වයකි. පිසගත් බිම්මල්වල විෂ තරමක් ඉවත් වුවද ඔබ නොදන්නා බිම්මල් වර්ග පිසගෙන හෝ ආහාරයට ගැනීමෙන් වැළකීම අනිවාර්ය කරුණකි.
විෂ බිම්මලක් හඳුනා ගන්නේ කෙසේද?
තද කහ පැහැති හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින් යුත් බිම්මල් ආහාරයට සුදුසු නැත. ඉතාම අලංකාර වර්ණ වලින් හා ආකර්ෂණීය හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට නොගත යුතුය. සමහර බිම්මල් මත ‘ඉන්නන්’ වැනි ලක්ෂණ පවතී. ඒවාද විෂ සහිතය. තවත් සමහර බිම්මල්වලින් ඇලෙන සුළු ශ‍්‍රාවයක් වැගිරේ. ඒවාද කෑමට නුසුදුසුය. සමහර අවස්ථාවල ඌරු කොටු, කුකුල් කොටු ආශ්‍රිතව ද බිම්මල් පිපෙනු දැකිය හැකිය.
සත්ව මළ මුත්‍ර සහ දිලීර සහයෝගීතාවයෙන් පිපෙන එවැනි බිම්මල් ද ඉතාම විෂ සහිතය. (අතීසාර රෝගයෙන් පෙළුණු අප ගෞතම බුදුපියාණන් තම අවසන් දානවේල ලෙස අනුභව කළේ චුන්ද කර්මාර පුත්‍රයා පිළිගැන්වූ ‘සූකර මජ්ජව‘ (ඌරු කොටුවක පිපිණු හතු) සහිත ආහාරයකි.) ඉන් උන්වහන්සේගේ ලේ අතීසාරය උත්සන්න වීම උන්වහන්සේගේ පිරිනිවනට ආසන්න හේතුව විය. සමහර බිම්මල්වලින් ‘කිරි’ වැනි ශ‍්‍රාවයක් පිටවේ. එම බිම්මල් අතින් පොඩි කළ පසු හෝ බිම්මල් කපා ලුණු සමඟ මිශ්‍ර කළ විට තද නිල් හෝ දම් පැහැයට හැරේ නම් එම බිම්මල්ද ආහාරයට නුසුදුසුය. රිදී හැන්දක් පිසූ බිම්මල් බඳුනකට දමා තිබියදී එම හැන්ද දුර්වර්ණ වේනම් එම බිම්මල් ද වහාම කෑම මේසයෙන් ඉවත් කරන සමහර පැරණි ගැමියන් විෂ බිම්මල් හඳුනා ගැනීමට රිදී කාසියක් බිම්මල්වල අතුල්ලයි. එහිදී රිදි කාසිය කළු පැහැයක් ගත්තේ නම් එය ද ආහාරයට නොගත යුතු බිම්මලකි.
විෂ රහිත බිම්මල් විශේෂ
ඉඳලෝලු (Agaricus Campestris)
ඉඳලෝලු බිම්මල් සමහර ප්‍රදේශවල වැලි හතු නමින් ද හඳුන්වයි. ඉතාම රසවත්ව පිස ගත හැකි මිනිස් සිරුරට කිසිදු විෂ බලපෑමක් ඇති නොකරන ග්‍රාමීය වශයෙන් ඉතාම ජනප්‍රිය බිම්මල් වර්ගයකි.
ලේනහතු (Schizophyiium Communce)
දිරායන දැව කඳන් මත වැවෙන ‘ලේනහතු’ ගමේ ගොඩේ බෙහෙවින් ජනප්‍රිය ඉතා රසවත්ව පිස ගත හකි බිම්මල් විශේෂයකි. මෙම බිම්මල් පිපෙන සමයේ විශාල ප්‍රදේශයක යහමින් වැවෙනු දැකිය හැකිය.
බට්න් බිම්මල් (Button mushroom)
ස්වභාවික පරිසරයේ නොවැඩෙන එහෙත් බිම්මල් වගාකරුවන් අතර ප්‍රචලිත බිම්මල් විශේෂයකි.
පිදුරු හතු (Lentimus Sajor Caju)
දිරායන කොළ රොඩු, තෘණ, පිදුරු හා දිරා යන දැව කඳන් මත වර්ධනය වන බිම්මල් විශේෂයකි. පරිභෝජනයට ඉතාම සුදුසු ඉතාම රසවත් බිම්මල් විශේෂයකි.
මුතුබෙලි බිම්මල්
අපේ රටේ ඉතාම ජනප්‍රිය බිම්මල් විශේෂයකි. මේවා අතර විවිධ ප්‍රභේද තිබේ. ඉන් ඔයිස්ටර් බිම්මල් (Oyster mu shroom) ඉතාම රසවත්ය. මුතුබෙලි බිම්මල් උප විශේෂයක් වන Plurotus Flabellatus නම් වර්ගය මෙරට බිම්මල් වගාකරුවන් අතර ජනප්‍රියම මුතුබෙලි බිම්මල් විශේෂයකි.
ආහාරයට නොගන්නා විසිතුරු බිම්මල්
විවිධ අලංකාර වර්ණ හා හැඩයන් සහිතව ශාක මුල් මෙන්ම අඳුරු තෙත්බිම් කඩවල වැවෙන බිම්මල් කිසිසේත්ම ආහාරයට නොගත යුතුය. අපේ ගැමි සමාජයේ ජනප්‍රියම විසිතුරුම බිම්මලකි ‘නයි බිම්මල්’. සමහර බිම්මල් විවිධ සුවඳින් යුතුය. එමෙන්ම සමහර බිම්මල්වලින් දුගඳක් ද වහනය විය හැකිය. විසිතුරු බිම්මල් අතර පවතින ඉතා විෂැති බිම්මලෙක කෘමි සතෙකු පවා නොවසයි. සමහර විසිතුරු බිම්මල් සුදු හෝ තනි කහ පැහැයෙන් ද දක්නට ලැබේ. මෙවැනි බිම්මල් අතපතගෑමෙන් පවා අසාදන ඇති විය හැකිය.

Wednesday, July 1, 2015

maxa video


Agriculture video











Thursday, June 25, 2015

එදිනෙදා ජිවිතේ වැරදියට කරන ගොඩක් දේවල් හරියට කරන්න


එදිනෙදා ජිවිතේ වැරදියට කරන ගොඩක් දේවල් හරියට කරන්න
2015-06-26
      
එදිනෙදා ජීවිතයේ ඔබ නිවැරදියැයි සිතා සිටින එහෙත් ඔබ වැරදියට කරන දේවල් පහතින් බලන්න 

1. කොන්ඩ කට්ට ගහන හරි පැත්ත 


2. කොමඩු කපන හරි විදිය 


3. CupCake කන හරි විදිය 


4. වයින් වීදුරුව අල්ලන හරි විදිය 


5. Earphone එක පළඳින හරි විදිය 


6. පිසා අල්ලන හරි විදිය 



7. ඇපල් කන හරි විදිය 


8.බගර් කන හරි විදිය 


9. ස්ට්‍රෝබෙරි කන හරි විදිය 


10. අඹ කපන හරි විදිය 


11. හරියට Pushups කරන විදිය 


12. හරියට මුහුණේ අලේප තවරන විදිය 


13.සපත්තුවේ ගැටය තිරස් අතට පිහිටා තිබිය යුතුය  


14.අල ලේසියෙන් පොතුගැසිම සඳහා උතුරන ජලයේ අල තම්බා ගත් පසු ශීත කළ ජලයේ ගිල්වා තබන්න 


15.කලිසමක් හරි විදියට නවන හැටි 


16.නිය ආලේපනය කළ යුතු පිළිවෙල 


17.බෙල්න්ඩරය සුද්ද කිරීමට සබන් වතුර යොදා බෙල්න්ඩරය ක්‍රියාත්මක කරන්න 


18.ප්ලාස්ටික් දවටනයක් නැවත සීල් කරගන්න කපාගත් ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරන්න 

Wednesday, June 3, 2015

Work Out For Six Pack at Home

Work Out For Six Pack at Home

6pack-athome1

ජිම් එකකට යන ගොඩක් අයට උවමනා වෙනවා ඇබ්ස් නැත්නම් 6 පැක් හදාගන්න .ඒක ටිකක් අමාරු දෙයක් .කාගෙවත් ඇබ්ස් එක පාරට එන්නේ නෑ .ඇබ්ස් අපි හැමෝගෙම ඇගවල් වල තියනවා.අවශ්‍ය වෙන්නේ ඇබ්ස් වලට ඉස්සරහින් තියන මේදය තට්ටුව දහනය කරන එක විතරයි .අපි මෙන්න මේ මේදය තට්ටුව දහනය කරන්න එක එක වර්ග වල ව්‍යායාම කරනවා .මේ ලිපියෙන් මන් කියලා දෙන්න යන්නේ ගෙදර ඉන්න ගමන් දවසින් පැය බාගයක් විතර අරන් කරන්න පුලුවන් ඇබ්ස් වලටම තියන ව්‍යායාම ටිකක් .

ගෙදර ඉදන් කරන්න පුලුවන් ඇබ්ස් ව්‍යායාම ටිකක් .ඒකට විශේශ උපකරන අවශ්‍ය වෙන්නේ නම් නෑ.

ප්ලෑන්ක් (Plank)

plank-bajareka

මෙකෙන් කරන්නේ ශරිරයේ ඇතුලින් ශක්තිමත් කරන එකයි.මෙක කරන්නේ වැලමිටි දෙක බිම තියලා කකුලේ ඇගිලි වලින් කෙලින් වෙලා ඉන්න එකයි.හැබැයි මෙහෙම කරද්දී කොන්ද කෙලින් තියන්න ඕනේ .මෙහෙම පුලුවන් තරම් වෙලා ඉන්න බලන්න.

ලයින්ග් ලෙග් රයිසස් (Lying leg raises)

Lying leg raises-bajareka

මේ ව්‍යායාමයෙන් කරන්නේ ඇබ්ස් වල පහල කොටසට ව්‍යායාම කරවන එකයි.මුලින්ම බිමට මැට් එකක් දාලා බිම නිදාගන්න .ඊට පස්සෙ අත් දෙක අරන් මේ රූපයේ තියන විදිහට අත් දෙක තියාගන්න .ඊට පස්සේ හිමිට අංශක 90 වෙන්න කකුල් උස්සන්න.කොයි වෙලාවකවත් කකුල් උස්සලා නවත්තන්න එපා .ඒ වේගයෙන්ම පහල දාන්න.හැබැයි විලුබ බිම ගෑවෙන්න දෙන්න එපා .ආයිත් අර වගේම කරන්න .හැබැයි ඔලුව ටිකක් උස්සලා තියාගන්න .


වැකුම් (Vacuum)

Vacuum-bajareka

මේකෙන් කරන්නේ ඇබ්ස් වල ඇතුලෙන් ශක්තිමත් කරන එක.ඒ වගේම මේ ව්‍යායාමයෙන් ඉක්මන් ප්‍රතිපල ලැබෙන්නේ නම් නෑ ,අඩුම මාස 6ක් විතර යනවා .මුලින් මෙන්න මේ විදිහට බිම දන ගහගන්න .ඊට පස්සේ හිමිට හුස්මක් අරන් බඩ ඇතුලට අකුල ගන්න එහෙම පුලුවන්තරම් ඉන්න .ආපහු හුස්මක් අරන් බඩ අකුල ගන්න .


ඇබ්ඩොමිනල් එයාර් බයික් (Abdominal air bike)

Abdominal air bike-bajareka

මේ ව්‍යායාමය කරන්නේ මුලින්ම බිමට මැට් එක දාගෙන බිම නිදාගන්න .ඊට පස්සේ අත් දෙක අරන් ඔලුව පිටිපස්සෙන් තියාගන්න .දැන් හිමිට කකුල් දෙක උස්සලා බිම ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න .ඊට පස්සෙ මේ ඉහල තියන රූපය වගේ කරන්න .කොයිම වෙලාවකවත් කකුල් දෙක බිම තියන්න එපා .ඒ වගේම අත් දෙකෙන් ඔලුව ඇදලා ගන්න එපා.මේ ව්‍යායාමය සාමන්‍ය වේගයකින් කරන්න .


ප්ලෑන්ක් විත් ආර්ම් රයිසස් .(Plank with arm raise)

Plank with arm raise-bajareka

මේකේ කරන්නේ ප්ලෑන්ක් ව්‍යායාමයම තමයි.හැබැයි මෙකෙදි කොන්ද කෙලින් තියාගන්නවට අමතරව අත් දෙක ඉස්සරහට දික් කරනවා.මේ ව්‍යායාමය කරද්දී කොන්ද කෙලින් තියාගන්න ඕනේ .මුලින් වම් අත ඊට පස්සේ දකුනු අත ආපහු ප්ලෑන්ක් විදිහට .ආපහු වම් අත ඊට පස්සේ දකුනු අත ආපහු ප්ලෑන්ක් විදිහට .


ඇබ්ඩොමිනල් ෆ්ලටර් කික් .(Abdominal flutter kicks)

Abdominal flutter kicks-bajareka

මුලින්ම බිම නිදාගන්න.ඔලුව ටිකක් උස්සලා තියාගන්න .ඊට පස්සේ කොන්ද පොඩ්ඩක් ඉස්සෙන්න අත් දෙක පිටිපස්සෙන් තියාගන්න.දැන් හිමීට කකුල් දෙක උස්සලා ගන්න .ඒක තමයි පටන් ගන්න තැන(Starting Point) දැන් වම් කකුල ටිකක් උඩට උස්සන්න .ආපහු වම් කකුල පහත් කරලා දකුනු කකුල උස්සන්න .දැන් ආපහු දකුනු කකුල පහත් කරලා වම් කකුල උස්සන්න .මොනව වෙලාවකවත් කකුල් දෙක බිම තියන්න එපා.


සයිඩ් ක්‍රන්ච් විත් ලෙග් ලිෆ්ට්( Side crunches with leg lift )

Side crunches with leg lift-bajareka

මේකෙදි මුලින්ම බිම නිදාගන්න .ඊට පස්සේ පැත්තකට හැරෙන්න .ඔලුවට අත තියාගෙන හිමිට පැත්තකට ඉස්සෙන්න .එහෙම ඉස්සෙන ගමන්ම ඒ පැත්තේ කකුලත් උස්සන්න .පුලුවන් තරම් එ උස්සන කකුලේ දනිස්ස අතේ වැලමිටට කෙලින් තියාගන්න .ආපහු කලින් විදිහටම එන්න.ආපහු කකුලයි අතයි උස්සන්න .අත දිග ඇරලා තියාගන්න එකෙන් එහෙට මෙහෙට පෙරලෙන එක වලක්වා ගන්න පුලුවන් .


ඇබ්ස් ක්‍රන්චස් (ABS Crunches)

ABS Crunches-bajareka

මුලින්ම බිම නිදාගන්න.ඊට පස්සේ ඔලුවට අත් දෙක තියාගෙන හිමිට ඔලුව උස්සන්න .හැබැයි අත් දෙකෙන් ඔලුව උඩට අදින්න එපා .ඒක ඇඟ ඇතුලෙන්ම කරන්න .මේ ක්‍රමය එක එක ක්‍රම වලට කරනවා .


Monday, April 13, 2015

එක රැයකින් කාටත් හොරෙන් මේ විස්මිත රූ රටා මවන්නේ කවුද


එක රැයකින් කාටත් හොරෙන් 


මේ විස්මිත රූ රටා මවන්නේ කවුද


මිනිස් අතකට බැරි මේ ‘හාස්කම’ පිටසක්වළ ජීවින්ගේ වැඩක් දැයි සැකයක්

මේ රටාව මැවුණේ අගෝස්තු 25 දා
ඈතින් ඈතට එක යායට පෙනෙන බාර්ලි වගාවට හිරු එළිය වැටී කරල් රන්වන් පැහැයෙන් දිදුලයි. ඔබත් එවැනි කෙත්යායක හිමිකරුවකු යැයි මොහොතකට සිතමු. රැයක් ගෙවී පසුදා උදෑසන කෙත්යාය කරා එන ඔබ නෙත ගැටෙන්නේ පුදුමාකාර දසුනකි.
අක්කර සිය ගණනක් විහිදෙන කෙතෙහි එක්තරා කොටසක ධාන්‍ය වගා අද්භූත ලෙස මහ පොළොවට නැමී ගොසිනි. ඉන් මැවෙන්නේ අප මිහිමත දැක නොදුටු ආකාරයේ විස්මිත ජ්‍යාමිතික රූ රටාවකි.
පෙරදා හවස් යාමයේ ඔබ නොදුටු මේ රටාව රැයක් ගෙවී පහන් වූ පසු ඔබ දෑස් ඉදිරියේය. අඩි 50 - 60 ක් පමණ වූ විෂ්කම්භයකින් යුතු විශාල කොකිස් අච්චුවක් වැනි යමක් ඔබගේ ධාන්‍ය වගාව මත තබා තද කළාක් වැනිය. අච්චුවට තදවූ සියලු ධාන්‍ය පඳුරු අපූරුවට මහ පොළොවට නැමී ජ්‍යාමිතික හැඩතලයක් මවයි.
එහෙත් ධාන්‍ය වගාවට කිසිම හානියක් වී නැත්තේය. අඩුම තරමින් එකම බාර්ලි පඳුරකවත් කඳ කැඩී හෝ තැලී නැත. ඇත්තේ නැවීමක් පමණි.
එවැනි අරුම පුදුම රූ රටාවක් ඔබගේ ධාන්‍ය වගාවේ එක් රැයකින් මැවුණේ නම් සැබවින්ම ඔබ පුදුමයට පත්නොවන්නේ ද? මන්ද එවැනි විස්කමක් එක් රැයකින් මෙතරම් අපූරුවට මිනිස් අතකින් නම් සිදුකළ නොහැකි නිසාය.
මෙය කාගේ වැඩක් ද? ලොව මැවූ මහා විශ්වකර්මයාගේ වැඩක් ද? උත්තර නැත.
ලොව පුරා පිහිටි විශාල ධාන්‍ය වගා අතරේ එක් රැයෙකින් මැවෙනා මේ ආශ්චර්යවත් ජ්‍යාමිතික රූ රටා අද ලෝකයේ මෙතෙක් නොවිසඳුණු අබිරහසක් ලෙස වාර්තා වෙයි.
කවුරුන් විසින් කෙලෙස කුමකට නිර්මාණය කරනු ලැබුවේදැයි තවමත් නිගමනයකට පැමිණ නැති මේ රූ රටා පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. බොහෝ දෙනා මේ ධාන්‍ය රටා පිළිබඳව විවිධ මත පළ කරති.
රටාව වටා වියමනක් මෙන් තිරිඟු ගස් නැවී ඇති අයුරු
තිරිඟු ගස් නැමී ඇති ආකාරය
යම් යම් නිගමන කිසිම ලෙසකින්වත් විද්‍යාත්මකව හෝ සාක්ෂි සහිතව හෝ ඔප්පු කර නැති විශ්ව රහස් වශයෙන්ම පවතී. හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනා මේ රූ රටා පිටසක්වල ජීවීන්ගේ නිර්මාණ යැයි විශ්වාස කරති.
ලොව පුරා රටවල් 25 කට වැඩි සංඛ්‍යාවක මේ වන විට මේ ආකාරයේ ධාන්‍ය රූ රටා 10000 කට අධික සංඛ්‍යාවක් මතු වී ඇතැයි වාර්තා වේ. මින් වැඩිම ධාන්‍ය රටා මැවුණු රට ලෙස වාර්තා වන්නේ එංගලන්තයයි.
මේ ආකාරයේ රූ රටා මතු වූ ඉතාම මෑත සංසිද්ධිය වාර්තා වූයේ ද එංගලන්තයෙනි. එරට විල්ට්ෂයර් පළාතේ විශාල තිරිඟු යාය කීපයකම මැයි මාසයෙන් ආරම්භ වී අගෝස්තු මස 25 වැනිදා දක්වා වරින් වර මෙවැනි රූ රටා මතුවී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මේ සියලු රූ රටා එක් රැයකින් නිර්මාණය වී තිබීමය. මෙලෙස මතු වූ ඇතැම් රූ රටා යාර 30 - 40 සිට 100 - 500 දක්වා දිග පළලිල් යුත් විශාල රූ රටාය.
බටහිර රටවල අක්කර දහස් ගණන් වූ ධාන්‍ය යායවල සියලු වගා කටයුතු කෙරෙනුයේ විශාල යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමෙනි. බොහෝ විට පොහොර හා කෘමිනාශක ඉසිනුයේ ද කුඩා ගුවන් යානාවලිනි. එක් රැයකින් මතු වූ මේ ධාන්‍ය රටා වඩාත් හොඳින් දිස්වනුයේ ගුවනේ සිට බලද්දීය.
එංගලන්තයේ විල්ට්ෂයර්හි තිරිඟු යායක මෑතක දී නිර්මාණය වූ විස්මිත රටාවක්
තවත් විස්මිත රූ රටාවක්
“මං ඊයේත් මගේ තිරිඟු වගාවට පොහොර ඉස්සා. හවස් වන තුරුම පොහොර ඉස ගෙදර ගොස් යළි උදෑසන පොහොර ඉසීමට යද්දී මගේ තිරිඟු යායේ රූ රටාවක් මතු වී තිබෙනු දුටුවා. ඊයේ හවස් වනතුරුම එවැනි රටාවක් එහි නොතිබුණු බව මට සහතකයි.”
තිරිඟු යායක අයිතිකරුවෙක් මෙවර මතු වූ රූ රටාවක් ඡායාරූපගත කරමින් එසේ පැවැසීය.
ධාන්‍ය රූ රටා ප්‍රථම වතාවට දිස්වූ බව වාර්තා වූයේ 1678 දීය. ඒ හා ගෙතුණු මිථ්‍යා කතාවක් ද වෙයි. ඉන් කියැවුණේ අස්වනු නෙළූ කුලීකරුට නිසි කුලිය යක්ෂයාගෙන් ඉල්ලා ගන්නා ලෙසට පැවසූ කල පසුදා බලද්දී යක්ෂ රූ රටාවක් එක්තරා කෙත්යායක මැවී තිබුණු බවය.
වඩාත් ප්‍රකට හා කාගේත් අවධානයට ලක්වෙමින් රූ රටා මතු වීම ආරම්භ වී ඇත්තේ 1970 දශකයේය. ලොව පුරා රටවල් 25 කින් මේ රූ රටා පිළිබඳ සිද්ධි වාර්තා වුවත් වැඩිපුරම වාර්තා වූයේ එංගලන්තයෙනි.
මේ රූ රටා බොහෝ විට ඉතාම නිවරැදිව ජ්‍යාමිතිකව නිර්මාණය වූ ඒවාය. දිගින් දිගටම මේ පිළිබඳ වාර්තා වෙද්දී ලොව පුරා මේ රූ රටා පර්යේෂණ හා ඒ ගැන උනන්දුවක් දක්වන්නන්ගේ සමාජ ආරම්භ විය.
ඔවුන්ගේ පර්යේෂණයන්ගෙන් වාර්තා වන්නේ මේවායින් ඉස්මතු වන ඇතැම් රූ සටහන් ප්‍රාග් ඓතිහාසික යුගයේ ලෝකයේ ඇතැම් පුරාණ ආගමික ස්ථානවල ඇති රූ සටහන් හා සමාන බවය.
සමුදුරු පතුලේ වැලි මතුපිටින් අයිස් තට්ටු මතුපිටත් ඇතැම් අවස්ථාවලදී මේ ආකාරයේ රූ රටා මතු වී ඇති බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකාවේ මතු වූ එක් ධාන්‍ය රටාවක මායාවරුන්ගේ දින දර්ශනය එලෙසම සටහන්ව තිබූ බව ද වාර්තා වෙයි.
එලෙස මතු වූ තවත් රූ සටහන් පැය බාගයේ සිට පැය 5 ක් ඇතුළත වැනි ඉතා කෙටි කාලසීමාවක දී මතු වී ඇති බව ද ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉතාම සූක්ෂම සංකීර්ණ ජ්‍යාමිතික රටා ඉස්මතු කරමින් නිර්මාණය වන ඇතැම් කෙත් යායන්හි අදාළ නිර්මාණය සහිත කොටසෙහි පමණක් පස ක්ෂුද්‍ර තරංග වැනි ඉතා ඉහළ බලයක් භාවිත වූවක් මෙන් පසේ ව්‍යුහය වෙනස් වන බව ද පෙනී ගොස් තිබේ.
කෙත් වතුවල මේ ජ්‍යාමිතික රූ රටා මැවෙනුයේ ධාන්‍ය පඳුරේ කඳ පොළොවට නැමීමෙනි. නමුත් මෙහිදී කිසිම ලෙසකින්වත් ධාන්‍ය කඳ නොකැඩේ. එමෙන්ම පැළයට ද හානියක් සිදු නොවේ. බොහෝ විට මේ රූ රටා දක්ෂිණාවෘත්තව නැමී සැකසුණු රූ රටාය. එසේම රූ සටහනේ අයිනේ පිහිටි ධාන්‍ය පැළ වියමනක ආකාරයට නැවී රටාව නිර්මාණය කරයි.
යම්කිසි ලෙසකින් ධාන්‍ය අතර වල් පැළැටියක් වේ නම් එය ඉහත ආකාරයට නොනැමී ධාන්‍ය පැළ පමණක් නැමීම ද මෙහි විශේෂත්වයකි.
1991 වසරේ දී එංගලන්තයේ ඩග් බෝවර් සහ ඩේවිඩ් චෝලේ යන දෙදෙනා තමන් වසර ගණනාවක් තිස්සේ රට පුරා එවැනි ධාන්‍ය රූ රටා 250 ක් පමණ නිර්මාණය කළ බව පවසති.
නමුත්, ඔවුන්ගේ එම ප්‍රකාශ හා නිර්මාණ අන් අයගේ අවධානය දිනාගැනීමට සමත් වූයේ නැත. මිනිස් අතකින් නිර්මාණය කළ එම රටා හා ඉබේ නිර්මාණය වූ රූ රටා හාත්පසින්ම වෙනස් විය. මිනිසුන් විසින් නිර්මාණය කළ රූ රටාවේ තිරිඟු පැළවල ශෛලවල හැඩය ඉබේ නිර්මාණය වූ ගස්වලට වඩා වෙනස් වූ අතර, ඒවායේ කඳ අවස්ථා ගණනාවකදීම කැඩී තිබෙනු ද දැකගත හැකි විය.
වරක් ඩිස්කවරි නාලිකාව ද අදාළ ක්ෂේත්‍රයන්හි නිපුණතා දැක්වූවන් යොදවා මේ ආකාරයටම ධාන්‍ය රූ රටා නිපදවීමට තැත් කරනු ලැබීය. නමුත් ඒවා ද ඉබේ හැදුණු රූ රටා අහලකටවත් ඒමට නොහැකි විය.
කවුරුන් කෙලෙස කුමන හේතුවක් නිසා නිපදවුවද මේ ධාන්‍ය රූ රටා පිළිබඳව තවමත් ලොව පුරා ඇත්තේ කුතුහලයකි. එසේම ඒ ගැන නිශ්චිත පිළිතුරක් ද මෙතෙක් ලැබී නැත්තේය.

Wednesday, April 1, 2015

ලොව වයස්ගත ම පුද්ගලයා මිය යයි


ලොව වයස්ගත ම පුද්ගලයා මිය යයි

 Apr 01, 2015   

ලොව වයස්ගත ම පුද්ගලයා මිය යයි
ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස සැලකුණු ජපානයේ Misao Okawa නමැති 117 හැවිරිදි කාන්තාව මිය ගොස් තිබේ.
ජපාන මාධ්‍ය වාර්තා කළේ, හෘදය අකර්මණ්‍ය වීම හේතුවෙන් ඇය අද අලුයම මිය ගිය බව ය.
ඇය ජපානයේ ඔසාකාහිදී උපත ලබා ඇත්තේ, 1898 වසරේ මාර්තු 5 වන දා ය.
ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස ඇය නම් කරනු ලැබුවේ, 2013 වසරේදී ය.
1919 වසරේදී යුකියෝ නමැත්තෙකු සමග ඇය විවාහ වී ඇති අතර ඔහු 1931 වසරේදී මිය ගොස් ඇත.
මුණුබුරන් 4 දෙනෙකු සහ මී මුණුබුරන් 6 දෙනෙකු දැකීමට තරම් Misao Okawa වාසනාවන්ත වූවා ය.
ඇය පසුගිය මාර්තු 5 වන දා සිය 117 වන උපන් දිනය සැමරුවේ මෙසේ ය.
Misao Okawa2

Sunday, March 22, 2015

අපේ පැපොල් වගාවට මොකද වුණේ...

  

අපේ පැපොල් වගාවට මොකද වුණේ....පෝෂ්‍ය ගුණයෙන් බොහෝ දුරට දොඩම්වලට සමාන පලතුරක් ලෙස ‘පැපොල්’ (ගස්ලබු) හැඳින්විය හැකිය. බීම, ජෑම් සැකසීම, පලතුරු සලාද, ආහාර වර්ග සුවඳ කිරීම සඳහා පලතුරක් ලෙස ඉදුන පැපොල් භාවිතයට ගනු ලබයි. අමු පැපොල් ගෙඩි මඟින් ව්‍යාංජන සහ අච්චාරු සැකසීම ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉමහත් ප්‍රකටව ඇත. වර්තමානය වන විට පෙර කාලවලට වඩා වෙළෙඳ පොළෙහි ගස්ලබු මිල ගණන් ඉහළ ගොස් තිබේ.එසේ ම ඉල්ලුම වැඩි නිසා පැපොල් වගාවට වගා කරුවන් වැඩි පෙලඹීමක් දක්වයි. මේ පිළිබඳ හොරණ, කනන්විල, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අභිජනන අංශයේ පර්යේෂණ නිලධාරිනී ඉන්ද්‍රානි කළුබෝවිල මහත්මිය සමඟ කළ කතාබහකි මේ.වසර පුරා ම පල හට ගන්නා පලතුරු වර්ගයක් විදිහට පැපොල් පලතුර හඳුන්වන්න පුළුවන්. අමෙරිකා මහාද්වීපයේ නිවර්තන ප්‍රදේශවල සම්භවය වුවත්, බොහෝ කාලයක සිට ලෝකයේ සියලුම නිවර්තන රටවල වගා කරනවා. මෙය කැරිකෙසි ශාක කුලයට අයත් වූවක්.ශ්‍රී ලාංකිකයකු සාමාන්‍යයෙන් වසරකදී ආහාරයට ගනු ලබන පැපොල් ප්‍රමාණය ග්‍රෑම් 200ක් පමණ වෙනවා. ඒ අනුව මෙය දෙවැනි වන්නේ කෙසෙල්වලට පමණයි. බොහෝ අය පරිභෝජනයට ප්‍රිය පලතුරක් වුවත්, ඉල්ලුම සරිලන සැපැයුමක් තවමත් අපට සකසාගත නොහැකිව පවතිනවා. අපනයනය කිරීම මඟින් විදේශ විනිමය උපයා ගැනීමට හැකි වුවත්, තවමත් අපට ඒ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වීමට නොහැකි වෙලා.ගම්පහ, අනුරාධපුරය, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, නුවර වැනි ප්‍රදේශවල පැපොල් වගාව කරගෙන යනවා. මේ ශාකය වියළි කලාපය තුළ වානිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට විභවයක් තිබෙනවා. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පැපොල් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 6000ක් පමණ වුණා. එම වසර වන විට සාමාන්‍ය නිෂ්පාදනය 38361000ක් වූවා. 1990 දසකය හා සංසන්දනය කිරීමේ දී 2000 දසකයේ දී නිෂ්පාදනයේ වර්ධනයක් දකින්නට පුළුවන්. ඒ වගේම පැපොල් සඳහා ඇති ඉල්ලුමෙහිද ක්‍රමික වර්ධනයක් බිය හැකියි.කෙසේ වෙතත්, පහසුවෙන් වගා කළ හැකි වීම, ඉක්මනින් ආදායම් ලබාගත හැකි වීම, විවිධ පාංශු සහ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වීමට ඇති හැකියාව, ආදී කරුණු නිසා මේ බෝගය වගා කිරීම සඳහා ජනතා උද්‍යෝගය ඉහළ මට්ටමක පවතින බව දකින්නට පුළුවන්.ඖෂධීය ගුණය අතින් ගත්තද වෙනත් පලතුරුවලට වඩා වැඩියෙන් ඖෂධීය ගුණාංග අඩංගුව තිබෙනවා. පහසුවෙන් දිරවන ආහාරයක් වීම, එය ආහාරයට ගැනීම මගින් වෙනත් ආහාර වර්ග පවා දිරවීමට උපකාර වීම, වැඩෙන ළමයින්ට හා රෝගීන්ට ශක්තිය ලබා දෙන ආහාරයක් වීම වැනි කරුණු නිසා පැපොල් පලතුරට ජනතාව ඉතාමත්ම ප්‍රියතාවක් දක්වනවා.ඉදුණු පැපොල් දෛනිකව ආහාරය සඳහා යොදා ගැනීමෙන් මළ බද්ධය දුරු කර ගන්න පුළුවන්. අර්ශස් රෝගය සමනය සඳහා ඉදුණු පැපොල් පමණක් නොව, පැපොල් ඇට පවා යොදා ගන්නවා. සමහර සමේ රෝග සඳහාත්, සමේ කැළැල් ඉවත් කිරීමට, උගුරේ ආබාධ සමනය සඳහා අමු පැපොල් යුෂ භාවිත කෙරෙනවා. වට පණුවන් සම්බන්ධ ප්‍රතිකාරවලදි අමු පැපොල් ගෙඩි ඇට හා කොළ යොදා ගන්නවා. ප්ලීහාව ඉදිමුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඉදුණු පැපොල්වලට විශේෂ ස්ථානයක් ලැබෙනවා. පැපොල්වලට විශේෂත්වයක් විදිහට ගෙඩිය ක්‍රමයෙන් ඉදෙන විට එහි අඩංගු විටමින් සී ප්‍රමාණයේ වර්ධනයක් සිදුවීම හඳුන්වා දෙන්න පුළුවන්.ශ්‍රී ලංකාවේ වැඩිපුර වවන ගස්ලබු වර්ග ලෙස ‘රත්න’ නමැති දෙපාර්තමේන්තු නිර්දේශිත වර්ගයත්. ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නැමැති ආනයනික වර්ගත්, හැඳින්විය හැකියි. පැපොල්වලට ආවේණික ගන්ධය ‘රත්න’ පැපොල් වර්ගය නැහැ.පොත්ත ඝනකම් නිසා ප්‍රවාහනයට පහසුයි. ආකර්ෂණීය වර්ණයක් සහ හැඩයක් තිබෙනවා. ‘රත්න’ වර්ගයේ පැපොල් ගෙඩියක් සාමාන්‍යයෙන් 700g – 1kg දක්වා වූ බරකින් යුක්තයි. හොඳ නිෂ්පාදන දරන රත්න වර්ගයේ ගසක් ගත්තොත් හැම පැපොල් පිත්තකම ගෙඩි හැදෙනවා. ඒවායේ අතර මැද කළාප පිහිටන්නේ නෑ.එහෙත් මේ වන විට ස්ව පරාගනය කරගෙන යාම හේතුවෙන් ‘රත්න’ ප්‍රභේදයේ අහිතකර ලක්ෂණ මතු වෙමින් පවතිනවා. මේ නිසා පෙර තිබූ තත්ත්වයටම මේ ප්‍රභේදය ලක් කිරීම සඳහා ගන්නෝරුව ආයතනය මගින් එම ප්‍රභේදය පිරිසුදු කිරීමකට ලක් කරමින් සිටින්නෙ.ශ්‍රී ලංකාවේ වැඩිපුර වගා කෙරෙන පැපොල් වර්ග වන ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නමැති වර්ග දෙකම ආනයනය කරන බීජ මගින් වගා කෙරෙනවා. මේවායින් එක් බීජයක් සඳහා රු. 20ක් වැනි අධික මිලයක් වැය වෙනවා. විශාල ගෙඩි බිහි වීම, හොඳ අස්වැන්නක් ලැබීම, ගුණාත්මක බවින් වැඩි වීම ආදී ගුණාංගවලින් යුක්තයි. මේ ප්‍රභේද දිගින් දිගටම වගා කිරීම නිසා දේශීය ජාන සම්පත් අපේ රටින් ක්‍රමයෙන් තුරන් වීගෙන එනවා. මේ තත්ත්වය නිසා අප පවත්නා දේශීය පැපොල් වර්ග මගින් දෙමුහුම් හෝ නුමුහුම් ප්‍රභේ්ද නිපදවමින් සිටින්නෙ.මීට අමතරව අපේ ආයතනය මගින් දේශීය ප්‍ර‍්‍රභේද යොදාගෙන දෙමුහුම් වර්ග සකසමින් සිටිනවා. පහතට රට තෙත් කලාපයේ වැවෙන හොඳ ගුණාත්මක ප්‍රභේද ගොවීන්ගෙන් ලබාගෙන ඉන් වඩාත් ම හොඳ ප්‍රභේද ඇගැයීමකට ලක්කර, නුමුහුම් ප්‍රභේද නිෂ්පාදනය කළා. මේ දේ කරනු ලැබුවේ පරම්පරා ගණනක් ස්ව පරාගනය කරලයි. ප්‍රභේදයක් නිර්මාණය කිරීමට සාමාන්‍යයෙන් වසර හතරක් පහක් පමණ ගත වෙනවා.මේ ආකාරයට අප ආයතනය මගින් රතු හා කහ වර්ග ලෙස නුමුහුම් ප්‍රභේද දෙකක් නිෂ්පාදනය කළා. ඒ ආශ්‍රයෙන් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ කාර්ය සඳහා මේ වන විට අප එක්ව සිටිනවා. ඉදිරියේ දී වාණිජ වගාවන් සඳහා උසස් ගුණාත්මක බවින් යුතු ප්‍රභේදයක් නිර්මාණය කිරීම අප ආයතනයේ බලාපොරොත්තුවක්.අප සැකසූ කහ සහ රතු පැපොල් ප්‍රභේද වෛරස් රෝගයට තරමක ප්‍රතිරෝධතාවක් දක්වනවා. මේ වන විට අප ආයතනය මගින්, රත්න හා අප හඳුන්වා දුන් නුමුහුම් ප්‍රභේද දෙක ඇසුරින් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.ප්‍රධාන වශයෙන් වසරේ මාර්තු සහ අපේ‍්‍රල් යන මාස පැපොල් වාරය ලෙස සැලකෙනවා. ඒ කාලයේ දී පැපොල් පලදාව නෙළා ගත හැකියි. දෙමුහුම් පැපොල් ප්‍රභේද සඳහා සාමාන්‍ය පැපොල් වර්ගවලට වඩා තෙල්, පොහොර යෙදීම වැඩියෙන් සිදු වනවා. එහෙත් එසේ වැය වන මුදලට වඩා පලදාව මගින් වැඩි ආදායමක් ලබාගත හැකි වීම මෙහි විශේෂත්වයක්. මේ නිසා දෙමුහුම් වර්ග සිටුවීම මගින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව පැපොල් අනුභවයට මෙන්ම, වගාව කෙරෙහිත් වැඩි අවධානයක් දක්වනවා. එහෙත් වෙන වසරවල මේ කාලය වන විට පැපොල් පලදාව වැඩි වුවත් , මෙවර ඒ තත්ත්වය වෙනසකට ලක්ව ඇති බව දකින්නට පුළුවන්. පිටි මකුණාගේ ආක්‍රමණය නිසා පලදාව අඩුව ඇතැයි සිතිය හැකියි.පිටි මකුණා නිසා පැපොල් වගාව මෙරටින් තුරන් වීමේ අවදානමක් තිබූවත්, විලෝ්පිත කෘමියා භාවිතය සහ වෙනත් රසායනික ක්‍රම භාවිතයෙන් මේ තත්ත්වය පාලනයට හැකියාව ලැබුණා. මේ වන විට අහිමිව ගිය පැපොල් වගාවන් වෙනුවට අලුතෙන් වගාවන් ආරම්භ කිරීමට ගොවීන් පෙලඹී සිටිනවා.කෙසේ වෙතත් පිටි මකුණාට අමතරව පැපොල් වගාව කෙරෙහි බලපෑම් කළ හැකි අනෙක් රෝගය විදිහට පැපොල් මුතු පුල්ලි වෛරස් රෝගය හඳුන්වන්න පුළුවන්. පැපොල් වගාවට වැළඳෙන අනෙක් රෝග, වගාව විනාශ කිරීමට තරම් හානිකර වන්නේ නැහැ. පැපොල් වගාව සාර්ථකව කළ හැකි ප්‍රදේශ ලෙස තෙත් හා වියළි කලාපයත්, පහත රට අතර මැදි කලාපයත්, මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ දක්වා වූ මැදරට ප්‍රදේශයත් හඳුන්වන්න පුළුවන්. පිණි මිදෙන ආකාරයේ අඩු උෂ්ණත්වයක් පැපොල් වගාවට උචිත වන්නේ නැහැ.ඒ මගින් පැහැදිලි වන්නේ මේ බෝගය වැඩීම සඳහා වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වන බවයි. 28 – 35 ඛ් පරිසර උෂ්ණත්වයක් පැපොල් වගාව සඳහා යෝග්‍ය වෙනවා. උෂ්ණාධික ප්‍රදේශවල වැවෙන පැපොල් ගෙඩියේ රසයෙහි වෙනසක් තිබෙන්න පුළුවන්. බොහෝ දුරට එම ප්‍රදේශවල වැඩුණු ඉදුණු ගෙඩි වඩා මිහිරි රසයකින් යුක්තයි.පැපොල් වගාව සඳහා ජලය හොඳින් වහනය වන , කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් තිබීම වැඳගත්. පසෙහි පවත්නා ස්වභාවික සාරවත් බව අඩු වූවද, කාබනික සහ අකාබනික පොහොර අවශ්‍ය පරිදි භාවිත කර ජලය යෙදිය හැකි නම්, සාරවත් නැති පසක වුවත් පැපොල් වගා කළ හැකියි. එහෙත් ජලය යෙදීමේදී ගසේ පාදය අවට දිගු කාලයක් රඳා නොපවතින පරිදි එය කළ යුතුයි. ඊට හේතුව වන්නේ මුල් අතර ජලය ඕනෑවට වඩා රඳා පැවැතීම නිසා, මුල් කුණු වී විනාශ විය හැකි නිසා ය.ඒ නිසා පොළොව මතුපිට සිට සෙ. මී. 90 – 120 පමණ ගැඹුරකින් භූ ජල මට්ටම පැවැතීම බෝගයේ යහපතට හේතු වෙනවා. පැපොල් ගසේ වර්ධනයට උචිත පාංශු පී. එච් පරාසය 5.5- 6.5 පමණ අගයක් ගන්නවා. දුර්වල කඳක් පැවැතීම නිසාත්, ශාකයේ වර්ධනයට මෙන් ම පල හට ගැනීම සාර්ථක වීම සඳහාත් පැපොල් වගාව තද සුළගින් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා.ගස්ලබු ශාකය අධික වශයෙන් පර පරාගනය සිදු වන ශාකයන් නිසා, සාමාන්‍ය තත්ත්වය යටතේ යම් ප්‍රභේදයකට ආවේණික ගුණාංග බොහොමයක් පරම්පරා කිහිපයකදී නැති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඉක්මනින් පල හට ගැනීම, ගෙඩිවල උසස් ගුණාත්මක ලක්ෂණ සහිත ගස්වලින් බීජ ලබාගෙන වගා කිරිම සුදුසු වෙනවා.පැපොල් වගා කිරීම සඳහා අවශ්‍ය වන පැළ, ආකාර කිහිපයක් යටතේ සකසා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් වැඩි වශයෙන් භාවිත කරන්නේ බීජ ප්‍රරෝහණය කර ලබා ගන්නා පැළ මගිනුයි. ඒ සඳහා අවශ්‍ය බීජ සපයා ගත යුත්තේ උසස් ගති ලක්ෂණ සහිත මවු ශාකයක් මාර්ගයෙනුයි.එවන් වූ මවු ශාකයකින් වැඩි පලදාවක් ලැබීම, පලදාවේ උසස් ගුණාත්මක බව, පැළ සිටුවා කෙටි කාලයකදී ගෙඩි හට ගැනීම, කඳේ ඒකාකාරී ලෙස ගෙඩි හට ගැනීම, මධ්‍යස්ථ දිගකින් යුතු නටුවක් පැවැතීම, මධ්‍යස්ථ උසක් පැවැතීම, මනා වර්ධනයක් සහිත වීම, ශක්තිමත් ශාකයක් වීම, එක නටුවකින් ගෙඩි දෙක බැගින් හට ගැනීම, මුල්වලට වැළඳෙන රෝග හා වෛරස් රෝගවලින්, වෙනත් පළිබෝධ හානි අවම වීම ආදී ලක්ෂණ අපේක්ෂා කරනවා.

Thursday, March 12, 2015

ක්ෂය රෝගය යනු කුමක්ද ?

  


ක්ෂය රෝගය යනු කුමක්ද ?
ක්ෂය රෝගය යනු Mycobacterium tuberculosis නමැති බැසිලසය මගින් ඇතිවන රෝගයකි. ඒ හැරුණූ විට මයිකොබැක්ටීරියම් කාණ්ඩයට අයත් අනෙකුත් බැක්ටීරියාවන් නිසාද ක්ෂය රෝගය ඇති වීමට හැකියාව තිබේ.
බොහෝ අවස්ථාවලදී ක්ෂය රෝගය නිසා ආසාදනයට ලක් වන්නේ පෙණහළුය(Pulmonary TB) ක්ෂය රෝගය ශරීරයේ අනෙකුත් කොටස් වලටද බලපෑම් ඇති කළ හැක. (Extra pulmonary TB)
තව කෙනෙකුට ක්ෂය රෝගය වැළඳෙන හැටි
ක්ෂය රෝගය නිසා පෙණහළු ආසාදනයට ලක්වූ ප‍්‍රතිකාර නොලබන කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට මේ රෝගය බෝ විය හැකි වන්නේය.
රෝගියා කහින, කිවිසින හා සිනාසෙන විට බැසිලය අඩංගු ජීවාණූ වාතයට බිඳිති වශයෙන් එකතු වන්නේය. නිරෝගී පුද්ගලයෙකු මේ බිඳිති ආඝ‍්‍රාණය කිරීමෙන් ක්ෂය රෝගයකු වීමට ඉඩක් ඇත්තේය.
සාමාන්‍යයෙන් ප‍්‍රතිකාර නොලබන රෝගියෙකු වසරක කාලයක් තුළ නිරෝගී පුද්ගලයන් 10-15 කට රෝගය බෝ කරයි. මේ හැරුණූ විට Extra pulmonary TB  තත්ත්වයේදී අන් අයට රෝගය බෝ කිරීමේ හැකියාව අඩුය.
ක්ෂය රෝගය බෝ වන්නේ කාටද ?
බැසිලස අඩංගු බීජාණු ශරීරගත වූවක් හැමෝටම රෝගය බෝ වන්නේ නැත. ජීවිත කාලය තුළ රෝගය බෝවන්නේ ජනගහනයෙන් සියයට 10 කට පමණි. බෝවීමේ අවදානම බහුලව ඇත්තේ පහත අයටය.
  • රෝගීන් හා සමීපයේ සිටින අය
  • දරුවන්
  • වැඩිහිටියන්
  • දියවැඩියා රෝගීන්
  • ස්ටෙරොයිඩ ඖෂධ ගන්නා අය
  • කීමොතෙරපි ආදී ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය
  • දුර්වල කරන ඖෂධ ගන්නා අය
  • එ්ඞ්ස් රෝගීන්
  • මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්
  • පෝෂණය අඩු අය
  • ප‍්‍රමාණවත් ආලෝකය, වාතාඝ‍්‍රය නොමැති ජනාකීර්ණ ප‍්‍රදේශ වල වෙසෙන අය
ක්ෂය රෝගය – රෝග ලක්ෂණ
  • සති දෙකකට වැඩි කාලයක් පවත්නා කැස්ස
  • ඒ සමග ලේ පිටවීම, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ කැක්කුම
  • රාත‍්‍රී කාලයේදී දහඩිය දැමීම
  • උණ ගැනීම
  • ආහාර අරුචිය
  • විඩාව සහ බර අඩු වීම
අවශේෂ ස්ථාන වල ඇතිවන ක්ෂය රෝගයේදී (Extra pulmonary TB ) ඒ ස්ථානය අනූව ඇතිවන සංකූලතා වෙනස් විය හැක. රාත‍්‍රී කාලයේදී දහඩිය දැමීම, උණ ගැනීම, ආහාර අරුචිය පොදු රෝග ලක්ෂණ වන්නේය.
රෝගය හඳුනා ගැනීම
සෙම පටල පරීක්ෂාවක් මගින් මූලිකව සිදු කෙරේ. ඒ හැරුණූ විට සෙම පටල රෝපන පරීක්ෂණය මෙන්ම පපුවේ එක්ස් කිරණ පරීක්ෂණයද සහාය කරගැනේ.
ක්ෂය රෝගය සුව කරගත හැකිද? නිසැකයෙන්ම පුළුවන. ඒ සඳහා ඔබ කළ යුත්තේ මාස හයක් නොකඩවා, නොවරදවා, මග නොහැර දෙනු ලබන බෙහෙත් ඒ පිළිවෙලටම ගැනීමයි. එයින් ඔබට නිට්ටාවටම ක්ෂය රෝගය සුව කරගත හැකිය.
නියමිත පරිදි දෙන ලද ප‍්‍රතිකාරය නොගතහොත් වන්නේ කුමක්ද?
එවිට ක්ෂය රෝග බැසිලය දෙනු ලබන බෙහෙත් වලට ප‍්‍රතිඵළ ලබා දෙනු ඇත. රෝගය වඩා බැ?රම් අඩියකට පත් වේ . එය Multi Drug resistant TB (MDRTB) ලෙස හැඳින්වෙන අවස්ථාවයි. එම ඖෂධ වඩා උසස් ඖෂධ වැඩි කාලයක් දීමට සිදු වෙයි. වැය වන මුදලද අධිකය.
ක්ෂය රෝගය සඳහා වන ඩොට් ප‍්‍රතිකාරය Directly Observed Treatment (DOT) යනු කුමක්ද ?
ක්ෂය රෝගය කළමණාකරණයෙහිලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙහිද නිර්දේශය ලැබූ ඵළදායී ප‍්‍රතිකාරය මේ DOT  ප‍්‍රතිකාරයයි.
මෙහිදී රෝගියා බෙහෙත් පෙති ලබාගත යුත්තේ පුහුණූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉදිරිපිටදීය. රෝගියා නියම ඖෂධය නියමිත මාත‍්‍රාවෙන් හා නියමිත කාල අන්තරයේදී ලබාගැනීම මෙමගින් තහවුරු වන්නේය.
ක්ෂය රෝගය ප‍්‍රතිකාරවලියේ මුල් සති කිහිපයේදීම රෝග ලක්ෂණ බොහෝ විට අඩුවේ. මෙහිදී ලද ප‍්‍රතිඵළයෙන් සෑහීමට පත්ව රෝගියා ඉතිරි කාලයේ බෙහෙත් ගැනීම අත හැරියොත් හෝ ඕනෑවට එපාවට ඉන්පසු බෙහෙත් ගත්තොත් මීට පෙර කීවාක් මෙන් ඇතිවන්නේ භයානක තත්ත්වයකි. මෙහිදී පහසුවෙන් කඩාගත නොහැකි රෝග තත්ත්වයකට රෝගය පරිවර්තනය වන අතර ඉන්පසු රෝගයෙන් මිදීමට ඉමහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය සේවකයෙකු සාක්ෂි කරගත් ඖෂධ ගැනීමක් (DOT ) ක්ෂය රෝගයට හඳුන්වා ඇත්තේ ඒ වෙනුවෙනි.
ක්ෂය රෝගය සැළකිල්ල ඉල්ලා සිටින රෝගයක්
  • ක්ෂය රෝගය දුගීභාවය හා සෘජු සබඳතා පවත්වන රෝ්ගයකි.
  • ලෝකයෙන් තුනෙන් පංගුවක් ක්ෂය රෝගය ආසාදිතයන් වේ.
  • 2012 දී නව ක්ෂය රෝගීන් මිලියන 8.6ක් වාර්තා විය. වසරකට ලක්ෂ දහයක් ක්ෂය රෝගය නිසා මිය යයි.
ක්ෂය රෝගය – ලංකාවේ තත්ත්වය
  • වර්ෂයකට රෝගීන් 9000-10,000
  • රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වන්නේය.
  • 2013 වර්ෂයේදී
  • රෝගීන් 9406 ක් වාර්තා විය.
  • මේ අයගෙන් 4423 කගේ සෙම පටල ආසාදිත විය. මින් අදහස් වනුයේ ඔවුන් අන් අයට රෝගය බෝ කරන කාණ්ඩයේ බවයි.
  • මේ අයගෙන් පහෙන් එකක් කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. ජනාකීර්ණ ප‍්‍රදේශ වලින් බහුලව රෝගීන් වාර්තා විය.