ජම්බු වාරෙන් පසු අතුවල දිරපු කොටස් කපා අයින්
කරන්න
රතු ජම්බු සුදු ජම්බු හා පිනි ජම්බු වශයෙන් ජම්බු වර්ග කීපයක් තිබේ. අලුත් පලතුරක් මෙන්ම ජෑම් හා චට්නි නිෂ්පාදනයට ද ජම්බු යුෂ යොදා ගනී.
මනා ජල වහනයක් සහිත කාබනික ද්‍රව්‍ය බහුල පසක් සුදුසු වන අතර හොඳින් හිරු එළිය පතිත ස්ථානයක වලක් කපා පළමුව මතුපිට පස්වලට කාබනික පොහොර කවලම් කර පුරවා සිටුවිය හැකිය.
භූමිය සීමාසහිත වන විට විශාල බඳුන්වලට කාබනික පොහොර දමා කවලම් කරගත යුතුය. වානිජ වගාවකදී නම් පේලි අතර පරතරය තිබීම ඉතාමත් වැදගත්ය.
ගෙවතු වගාවකදී නම් කාබනික පොහොර යෙදීම ප‍්‍රමාණවත් වන අතර රසායනික පොහොර අවශ්‍ය නොවේ. වගාවේ අවස්ථා වලදී අතු කප්පාදු කිරීම සිදු කරයි.
සෑම අස්වනු වාරයකින් පසු ගස් අතු වල දිරා පත් වූ කොටස් හා මැරුණු කොටස් ඉවත් කිරීම කළ යුතුය.
අතු කප්පාදු කිරීමෙන් පසු අතු මුහුණත දිලීර නාශක ආලේප කිරීමට අමතක නොකළ යුතුය.
ජම්බු වියළි කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු නොදේ. ජල සැපයීම නිසි අයුරින් නොකෙරුවොත් අස්වැන්න අඩුවේ.
තෙතමනය සහිත කාලගුණ තත්ත්වයක් ජම්බු ශාකයට හැමවිටම යෝග්‍ය වේ.
බහුලව හමුවෙන රෝග සහ පළිබෝධ හානි බහුලව දැකගත නොහැකි නමුත් පත‍්‍ර කන දළඹුවන්ගෙන් කුඩා කාලයේදී පැළයට හානි වේ. අස්වැන්න වැඩි කාලයට පලතුරු මැස්සන් ගෙන් පලදාවට හානි සිදුවේ.
පැළ සිටුවා වසර පහකින් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. ඉදුණු ගෙඩි ඉක්මනින් නෙළා ගැනීමෙන් පලතුරු මැස්සා බෝවීම වළක්වා ගත හැකිය.
No comments:
Post a Comment